Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

ලක්ෂ ගණන් හම්බකරන දුම්බර, දුක්බර රොටි කඩේ..

හ්ම්... දැං ඔය සතුටට රූං ගාලා ඇද්දට…

Posted by

කාලයක් තිස්සෙ මම නකල්ස් හතර මායිම් පීරන්නෙ.. අනිත් කැළෑවල නැති මොකක්දෝ ආශ්වාදයක් නල්ස්වලට ගොඩවෙද්දිම වගේ මගේ, ගතට හිතට දැනෙන නිසා. ඇත්තටම.. ඒ මොකක්ද කියන්න නම් මට හරි හැටි තේරුමක් නෑ. කොහොමවුනත් මම පෞද්ගලිකවම.. ඒ පැතිවල මිනිස්සුන්ට පැලෙන්න ආදරෙයි. වැඩිය ඔ්න නෑ.. ගියපු කෙනෙක් දන්නව ඇතිනෙ ඉතින් එයාලා පිට මිනිස්සුන්ට සලකන්නෙ කොහොමද කියල.

කොහොම කොහොමින් හරි මම මගේ ගමන ඔහොම යන අතරට.. පුරුදුවෙලා හිටිය හෙට්ටිපොල පැත්තට වෙන්න තිබ්බ පොඩි රොටි කඩේකින් හැමදාම උදේට හවසට රොටියක් කාලා තේකක් බොන්න. කාලයක් තිස්සෙම ඉතින් කනබොන කොට යාළු ඔ්න තැනක ඔ්න මනුස්සයෙක් ලෙංගතු වෙනවනෙ. අන්න එහෙම.. ඒ රොටි කඩේ මාමාත් මාත් එක්ක හොඳ..ට ෆිට්වුනා. ෆිට් වෙලා ඉතින් අපි රොටියක් කන අතරට එයා ආගිය තොරතුරක් කියනවා.. රොටි ඉවර වෙද්දි අහල කරල රොටි ගේනවා, වඩේ ගේනවා, සම්බෝලද හකුරුද.. ඊට පස්සෙ ප්ලේන්ටි, වැඩිය ඔ්න නෑ.. තිබ්බ හිතවත් කමට අන්තිමට අහනව..

“පුතා මගේ ගාණෙ කමු හොඳ සුවඳ විටක්. අද ඉඟුරු පියලි එහෙමත් තියෙනව”

එහෙම ඉතින් කාලය ගියා.. මං තවමත් නකල්ස් ගියාම එතනින් රොටියක් කනව.

හැබැයී.. එක දවසක හරි අපූරු සිද්ධියක් වුනා. ඒ තමයි අපි කඩේට ගොඩවෙද්දි එතන ඉස්සරහ නවත්තල තිබ්බ කාර් පොඩ්ඩ. කාර් එකක් කඩේ ඉස්සරහ නවත්තල තිබ්බ කියල මුකුත් වෙන්නෙ නෑ. හැබැයි අපි ගොඩවෙනත් එක්කම කඩෙන් එළියට බැහැපු තරුණයෙක් දඩිබිඩියට වාහනේ හරවගෙන ගියා. යද්දි කියාගෙන ගියේ..

“අප්පච්චි මං එන්නෙ හෙට ඔ්ං…”

...“මාමා ඉතින්. ගමුකො රොටියක් කන්න” කියල අපිත් ඊට පස්සෙ හෙමින් සැරේ වාඩිවුනා. වාඩිවුනාට පස්සෙ මාමා රොටි, වඩේ, සම්බෝල අඩුම කුඩුම ටිකත් ගෙනැල්ල තියල පටන් ගත්ත පුංචි කතාවක් කියන්න.

“පුතා.. ඒ මගේ එකම කොල්ල ගියේ පුතා. ඔ්කට දැං තමයි පොඩ්ඩක් හිතට සතුටක් තියෙන්නෙ. වාහනේ අරගෙන දුන්නනෙ මම”

“ආ.. එහෙමද මාමා. අපිට ඇහුණ ඒත් ‘අප්පචි’ කියාගෙන යනෝ. ඉතිං මාමා, මල්ලි දැං මොකද කරන්නෙ”

“හ්ම්.. ඒකා ඉස්සර ඉඳන්ම ඔය එක එක ඈයො එක්ක හයර් දුවන්න ආසයිනෙ. ගමේ මිනිස්සුන්ගෙ වීල් අරගෙන එහෙම හයර් දුවල ඒවයෙ ගණනුත් බේරල කරලා..

අනේ මන්දා. ඌ කැමතිම වාහන එළවන්න. හැබැයි හොඳේ කියන්නෙ අද වෙනකම් එක දඩයක්වත් කාලත් නෑ මං දන්න තරමින්.

හ්ම්... දැං ඔය සතුටට රූං ගාලා ඇද්දට ඔ්කා කකුල් දෙකට සෙරෙප්පු දෙකක් නැතුව මාව වඩාගෙන ගිහිල්ල තියෙනෝ පුතා උදේ හවහ හොස්පිට්ල් ගාණෙ. මුගෙ අම්මත් නැතිවුනා බෙහෙත් කරගන්න බැරුවම. වකුගඩුරෝග පුතා මුගෙ අම්මටයි, මටයි දෙන්නටම. අනේ මන්දා මේකගෙ උත්සාහයෙන්ම ඔ්ං මම හොඳවුනා මිසක්... මං හින්ද ඔ්කට ඉස්කෝලෙ යන්නත් බැරිවුනා. හැබැයි අදටත් ඔ්කට බාසාව හොඳට පුලුවන්. ඉංග්‍රීසි වුනත් ඔය ගැටගහගෙන සුද්දො එහෙමත් හයර් එක්කන් යනෝ. උගෙ නම් පුතා කරුමෙ පරාද වුනා උත්සාහෙටම. අම්මප මගේ කන්දෙකට ඇහිලා නෑනෙ අදටත්.. ‘අද නම් හරිම මහන්සියි අප්පච්චි’ කියල එක පාරක් හරි කියනව. 

මමත් පුතා.. මට හොඳ වෙච්ච දවසෙ ඉඳන් පටන් ගත්ත මේ කඩේ කරන්න. මොකද කුඹුරු බරවැඩ කරන්න මට එපා කිව්වනෙ. දැං… අවුරුදු 7කටත් එහා මේ කඩේට. අනේ.. කිව්වට මොකද වනසංරක්ෂණේ මහත්තුරු එහෙම හරියට මට උදව් කලා. කාලෙත් එක්ක මම පටන් ගත්තනෙ කොල්ලගෙ ලොකු අම්මා උයන කෑම පාර්සල් කරල ගෙනැල්ල උදේ, දවල් විකුණන්න. පස්සෙ පස්සෙ මට වනසංරක්ෂණේ මහත්තුරුන්ගෙනුත් ඔ්ඩර් ආවා. ඊටත් සෙනසුරාදා, ඉරිදට ට්‍රිප් යන ඈයො මගෙන් හුඟක්ම කෑම ගත්තනෙ. ඒ අතරට ඔන්න ඔය කළුගඟ ව්‍යාපෘතියට ආපු චීන්නුයි, අපේ මහත්තුරුයිත් ඔ්ඩර් දුන්න. ඊට පස්සෙ තමයි පුතා අපිට හරිහැටි කලදසාවක් උදාවුනේ. අනේ මගේ කොල්ල ඒත් මහන්සිවෙලා වැඩ. බස් එකේ ටවුන් යනෝ, එළවළු මාළු ගේනෝ..

දැං පුතා මම මෙතන කෑම පාර්සල් තියන්නෙ නැත්තෙ, එකක් කන්න ඉඩක් නෑ, අනික බොරලු පාරෙ නිතර දූවිල්ල.. රොටියක් කෑවට බතක් බෙදාගෙන කන්න බෑනෙ..

හැරත්.. කඩේ ලොකු කරන්නත් බෑ අප්පා. මේවා සංරක්ෂණේට අයිති තැන්නෙ මා පුතා…

“ඉතිං මාමා.. එතකොට දැං මාමා දවසට කෑම කීයක් විතර විකුණනවද?”

“දැං පුතා.. කොහොමත් කෑම 70, 80කට කිට්ටු වෙන්න යනව. හ්ම්.. ඒකෙන් පුතා වැඩ කරන දෙන්නගෙ පඩිත් බේරල අපිට හොඳ ගාණක් ඉතුරුයි. අනික මටයි මගේ කොල්ලටයි ලොකු ලොකු දේවල් නෑනෙ. ඉතින් සල්ලිත් ඉතුරුයි. අවුරුදු ගාණක ඉතුරුව දාලා තමයි කොල්ලට වාහනෙත් අරගෙන දුන්නෙ. 

අනේ.. ඌ මට කරපු දේවල්වල හැටියට අදටත් මම ඌට ඔය කරනව මදි.. ඔ්කට දැං ගෙයක් හදල දෙන්න ඔ්න ගෑණියෙක් ගේන දවසට ඔලුව කෙලින් තියාගෙන පවුල් කන්න පුලුවන් වෙන්න. ඒකටත් මම වැඩ ලෑස්ති කරල තියෙන්නෙ. හ්ම්..”

කලුවර වැටුනෙ නැත්නම් අපි එදා ඒ මාමලගෙ ගෙවල් පැත්තෙත් රවුමක් ගහන සිද්ධියක් තිබ්බෙ, ඒ කතාව ඇහුවට පස්සෙ.

‘මිනිස්සූ.. කරන්න ඔ්න කියල හිතුවොත්, කරන්න බෑ කියල දෙයක් නෑ කියන්න..’

යාළුවයි මායි ටුවර් එක ඉවර වෙලා ගෙදර එන ගමනුත් කතාවුනේ...

Leave a comment