Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

මට්ටි සහ පිට්ටු! බේරුවල බෝඩරේ ‘සූර්’ නයිට් බජව්ව..

“මරු කෑමක් එන්නෙ ඈ.. මූ නං කාලා…

Posted by

පොඩි කාලෙකට ඉහත කතාවක්..

පටන් ගැන්මම හදට දැනෙන ලතාවක්…

හැන්දෑවක, බේරුවල ධීවර වරායට ටිකක් මෙපිටින් වැල්ලෙ, ධීවර ගෙදරක ඉස්සරහ පිලේ.. මායි, මගේ යාළුවයි, ඒ ගෙදර යාළුවයි,

“මාර ටයිම් එකට නේ බං සෙට්වුනේ.. අඩේ හෙන කාලෙකින් ඈ. ඊටත් උඹ අඳුර ගත්ත එකනෙ වැඩේ. මට නං හාන්කවිසියක් මීටර් වුනේ නෑ බං”

“ඔව් ඉතිං බොලාට හරි ගිහිල්ලනෙ දැං. මට නං හොඳට හුරුයි මූණ, අර හික්කා පාටියෙදි එදා සෙට්වෙලා දාපු සැපක්.. හම්මෝ!”

“සැපක් කියන්නෙ බං..

ඒක නෙවේ කෝ අර උඹ ලයින් කරගෙන ඉඳපු සුද්දි? ආයෙ ආවෙ නෑ”

“හප්පට.. ඒක. ඒකි ටච් එකේ ඉන්නව බං. දන්නෝනෙ ඉතින් අපි හැම ලයින් එකක්ම බැලන්ස් එකේ..”

“එළ එළ..

ඉතිං කඩාංකො බං බෝතලේ”

…..

කතාවෙන් කතාව, දවස් 20ක් ටැංකි බෝට්ටුවෙ ඉඳලා ආපු යාළුවගෙ පාර්ටි බෝතලේ, ඔන්න යාළුවගෙ අතින්ම ‘ට්‍රකස්’..
ඊට පස්සෙ ‘ගොජ ගොජ’ ගාලා දාගත්තා අමුවෙන්ම කොට වීදුරුවට..

‘ගුඩුස්.. ක්‍රෑස්!’

“ඒහ්.. ඔ්ක හරි නැතේ තාම?”
“මේ ගේනෝ..” යාළුවගෙ වයිෆ්.. කුස්සියට වෙලා දර ලිපේ හැදෙන බයිට් එකේ වැඩ කටයතු.

ඒ අතරට ඉතින් අපි තව වට දෙක තුනක්ම ගියා. මොකද සපෝට් එකට අපි අරගෙන ගියපු ටිපිටිප් පැකට් එක තිබ්බනෙ.

“මරු කෑමක් එන්නෙ ඈ.. මූ නං කාලා තියෙනෝ, උඹ තමා ෂුවර් නැත්තෙ? බෙල්ලො කනෝනෙ?”

“හප්පට.. සිරාවට බෙල්ලොද. යකෝ..”

“බෙල්ලො කිව්වට බං මේක මට්ටි හොඳේ. අර ගල්වල ඉන්න පොඩි එක. හ්ම්.. මෙයැයිට හම්බෙලා තිබ්බා දවාලෙ. මං මාලුත් ගෙනාවා. මේක ඉතින් තියාගන්න බැරි නිසා ඔන්න හදන්න කිව්වා”

“පිස්සු කොල්ලෙක්නෙ සුරා ඔයා.. ඒනං තව බාගයක් විතර ගෙනැල්ලා ලෙසටම ඉවර කරලා දාමු. ඒක නෙවේ බං කොහොමද මට්ටි හදන්නෙ. තම්බනවද?”

“ඔව් ඔ්ක තම්බලත් කතෑකි. ඉස්සර කොල්ලො කාලෙන නං අපේ අප්පා දෙනවා මට්ටි තම්බලා පොල් කෑලි ලියලා. මොකද ඔ්ක හරි උෂ්ණයි බං.

හැබැයි දැං හදන්නෙ කරියටයි, බයිටටයි දෙකටම හරියන්න. මුලින්ම හෝදලා කරලා, කහ චුට්ටක් දාලා තම්බනවා. ඊට පස්සෙ අඟුරු ගොඩේ කබලෙ බැදෙන්න අරිනවා. බැදුණට පස්සෙ අරගෙන.. මිරිස්, බැදපු තුනපහ, ලූණූ, ඉඟුරු, සුදුලූණු, සේර අනං මනං.. ඔය තියෙනව නං සෝස් එහෙම වුනත් අවුලක් නෑ..
දාලා තෙලෙන් කර කරලා ගන්නවා. අරගෙන ඒක බයිටට අයින් කරලා ඉතුරු ටිකට පොල් කිරි දාලා හොද්දට ගලපනවා..

හැබැයි කන්න ඔ්න නම් පොල් පිට්ටු එක්ක. මොකද එතකොට තමයි ඔරිජිනල් රස එන්නෙ. අනික පහුවෙනිදට දෙයියනේ කියලා ඇස් ඇරගන්නත් පුලුවන්”

කියලා කට ගන්න හම්බවුනේ නෑ.. බයිට් පිඟාන එතන. 

ඒකත් එක්ක ඉතින් වැඩේ ගියා ගජරාමෙට.

කොහොමහරි කණ පැලෙන්න වැදිලා ඉන්න අතරට..

ගිල්ලනෙ පිට්ටු, මට්ටි කරියත් එක්ක..

හායි හූයි ගා ගා කටට, බඩට බැස්සෙ ඈ..
ෂැහ්! ටොප්..

Leave a comment