මිනිසා විසින් සාදන ලද ජලාශයක් අද්දර උස් බිමක පිහිටි, සියවස් ගණනක කාලය විසින් ඛාදනය කරන ලද රතු කබොක් ගලින් ඉදි කරන ලද බුබ්බුලාකාර චෛත්‍ය වැනි පැරණි නිමැවුම් දෙකක් පිහිටි තැනක් ගැන කියන විට ඔබට එක් වරම මතක් වන්නේ ඈත රජරට විය හැකිය. නැතිනම් කුරුණෑගලින් ඔබ්බේ යම් පෙදෙසක් විය හැකිය. එහෙත්, මා මේ කියන්නට යන්නේ කොළඹට නුදුරු පරිවාර පෙදෙසක් ගැනයි.

අමතක වී ගිය අතීත කතාවක් වූ එය කෝට්ටේ පැරණි නගරයයි. වත්මන් අග නගරය වන කොළඹට නුදුරින් පිහිටි එය පුරා සියවස් දෙකක් ම මේ රටේ අග නගරය විය. ශ්‍රී ජයවර්ධනපුරය අගනුවර කර ගත් කෝට්ටේ රාජධානියේ අසිරිමත්ම සමය හයවන පරාක්‍රමබාහු  යුගයයි. 1419දී යාපනය රාජ්‍යය යටත් කර ගත් හේ මුළු දිවයිනම එක් සේසත් කළ අවසන් රජු විය. සාහිත්‍යධරයකු හා කලාකාමී අර්ථපතියකු වූ ඔහුගේ සමය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයකි.

ඒ යුගයට අයත් සැලලිහිනි සංදේශයෙහි කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරය විස්තර කෙරුණේ මෙසේය:
පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුර පුර පිරි සිරින් හැමා
ජයවද්දන කෙරුමෙන් සුසැදි තම නමා
ජයවද්දන පුරවර දනු මිතුරු තුමා

අභ්‍යන්තර අවුල් වියවුල් මැදත් බලවත්ව පැවති කෝට්ටේ රාජධානිය බිඳ වැටුණේ 1505 වසරේ සිදු පෘතුගීසීන්ගේ ආගමනයත් සමගයි. ඔවුනුත්, වෙනතු සතුරු රජවරුත් කෝට්ටේ රාජධානිය කෙතරම් කොල්ල කෑවාද යත්, එය බිඳ වැටුණු සැණින් ඉතිහාසයෙන් ද මැකී ගියා සේය.

තිස්ස අබේසේකරයන් සිය ‘අයාලේ ගිය සිතක සටහන්’ කෘතියේදී ද මේ කරුණ සාකච්ඡා කරන බවට මතකයක් ඇත.

අනුරාධපුරය මෙන් කෝට්ටේ ජාතික මනසෙහි සාඩම්බර මතකයක් ඉතිරි කර නැත්තේ අභ්‍යන්තර කල කෝලාහල හා පාවාදීම් නිසා විය හැකිය. එහෙත්, ඓතිහාසික විනිශ්චයන් පසෙක තිබියදී, නවීන නගර පසුබිමක මේ අතුරුදහන් වූ රාජධානියේ නටබුන් සොයා යාම කදිම විනෝද ගමනකි.

1. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කටුගෙය

ආකර්ශනීය ගොඩනැඟිල්ලක ප්‍රදර්ශනය වන කුඩා එකතුවක් වන මෙහි ඇති පැරණි කඩු හා මැකී යමින් ඇති රූප සටහන්වලින් එතරම් දෙයක් නොකියවුණත්, අවට ඇති ඓතිහාසික ගොඩනැඟිලි ලැයිස්තුව ඉතා වැදගත්ය. ස්ථානයේ භාරකරුට මේ තැන්වලට යන පාර හරියටම කිව හැකිය. යමු GPS tagging භාවිතා කරමින් මේ තැන් සොයා ගන්නට ඔබට පුළුවන. ඔබේ රියෙන් හෝ ත්‍රිරෝද රියකින් මේ තැන්වලට යාමට ගත වන්නේ සුළු කාලයකි. ඒවා පිහිටා ඇත්තේ කටුගෙය අසල එකිනෙකට සමීප ස්ථානවලය.

2. අලකේශ්වර මාලිගා බිම

මෙය රාජ මාළිගාවක කොටසක් ලෙස සැලකේ. අතීත ශ්‍රී විභූතිය සිහිපත් කරන්නට එහි ඇත්තේ සුළු නටබුන් ප්‍රමාණයකි. එය 1960 දශකයේ බාගෙට ඉදි කළ නිවසක අත්තිවාරම වැනි හතරැස් ඉදිකිරීමකි. නොතකා හැර ඇති මෙම ස්ථානයේ කටු කම්බි අතරින් රිංගා, කබොක් ගල් මතින් බඩ ගා දිගු තණ ගස් ඈත් මෑත් කර පැරණි වැවක නටබුන් නරඹන ඔබට රාජධානියක නටබුන් මුල් වරට ගවේශනය කරන පුරා විද්‍යාඥයකුගේ හැඟීම් ඇති කර ගත හැකිය.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇති භූමියෙහි අනවසර ඉදිකිරීමක්ද ඇති බව පෙනේ. මෙහි යන ඔබ මේ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරවන්නටත් උනන්දු වන්න. අප කරමින් සිටින්නේද එයයි.

3. බැද්දගාන වෙහෙරකඩ නටබුන් (Location Map)

වංකගිරියක් වන් ඇතුල් කෝට්ටේ පටු මං දිගේ ත්‍රිරෝද රියේ උඩ පනිමින් යන ඔබට පුදුම සිතෙන තරම් ප්‍රසන්න තැනකට යා හැකිය. එහි ඈත කෙළවරේ දියවන්නා ඔය ඉස්මත්තේ හොඳින් සංරක්ෂණය කරන ලද ස්ථූප වැනි ඉදි කිරීම් දෙකකි. ‍කබොක් ගලින් බඳින ලද ඒවා අඩි දහයක් පමණ උසය. පිහිටීම අනුව එය පන්සලක් නොවන බව පෙනේ. ඉතිහාසඥ සෙනරත් පරණවිතාන යෝජනා කර ඇති පරිදි එය රට එක් සේසත් කළ අවසන් රජු වන සවන පරාක්‍රමබාහු නිරිඳුගේ සොහොන් ගැබයි.

එහි නිදන නිරිඳුට අපේ වත්මන් පාලකයන් හොඳින් දැක ගැනීමට හැකි වන පරිදි හැදුවාක් සේ දියවන්නාව අසබඩ නව පාර්ලිමේන්තුව ඔබට දිස් වේ. අනුරාධපුරයට චාරිකාවක් ගියා සේ ඔබට හඟවන මෙම සුන්දර ස්ථානයට දිනක විනෝද ගමනක් යන්නට අපි ඔබට ආරාධනා කරමු.

4. කෝට්ටේ අම්බලම


අප ඊළඟට ගියේ එතරම් පැරණි නොවන 19වන සියවසේ ඉදි කිරීමක් වන කෝට්ටේ අම්බලම බැලීමටයි. එය පැරණි බස් නැවතුමක් වැනිය. පරීක්ෂාවෙන් බැලුවොත් පැරණි ගල් හා ගඩොල් බැමි දැකිය හැකි මුත් එය බලන්නට එතරම් දෙයක් නොවේ. ව්‍යාපාරික වශයෙන් සිතනවා නම් එය කොළ කැඳ හෝ කෝපි කඩයකට කුලියට දෙන්නට සුදුසුය.

5. කබොක් උමග (සිතියම)

අම්බලම අසල ඇති පාසල් පිට්ටනියක පැරණි උමං පද්ධතියක පිවිසුම ඇත. කට කතා අනුව මෙම උමං පද්ධතිය ප්‍රදේශය පුරා විහිද ඇති අතර කොළඹ කොටුව හා බොරැල්ල කනත්ත දක්වා ද ගමන් කරයි. මෙම උමං පද්ධතිය සාදන ලද්දේ පියා පෘතුගීසීන් විසින් සිරගත කරන ලද රජ කුමරියක විසින් බව ජනප්‍රවාදයේ කියැවේ. එය ද එතරම් බලන්නට දෙයක් ඇති තැනක් නොවුණත්, බොරැල්ල කනත්තට විහදෙන උමගක බඩගෑම විනෝදයක් විය හැකිය.

ලංකාවේ පැරණි පුරවරයක චාරිකාවක් පන්සලකට නොගියහොත් සම්පූර්ණ වන්නේ නැත. ඒ නිසා යන්න කෝට්ටේ රජ මහා විහාරය‍ට. සවන පැරකුම්බා නිරිඳුන් විසින් මුලින් ඉදි කරන ලද එහි 15වන සියවසේ අගනා බිතු සිතුවම් දැකිය හැකිය. එහි බිත්තිවල කෝට්ටේ රජුන්ගේ හා පෘතිගීසීන්ගේ සිතුවම් ඇත. වත්මන් පන්සල 19වන සියවසේ තැනූවකි. එහෙත් සමීපව නිරීක්ෂණය කළහොත් පැරණි පාදම් තුළ සියවස් ගණන් පැරණි ඉතිහාසය දැකිය හැකිය.

මේ ගමනේ ආදර්ශය මෙයයි. එහි විස්මිත පුරා විද්‍යා ස්ථාන දැකිය නොහැකිමුත් එයින් අපට අප ජීවත් වන ලෝකය හැඩගැසුණු ආකාරය පිළිබඳ රසවත් තොරතුරු දැක ගත හැකිය.

මේ උණුසුම් ගවේශනය සමාප්තියේ තේ කෝප්පයක් තොල ගාමින් කෝට්ටේ පුරාණය මෙනෙහි කරන්නට හොඳ තැනකි, Rama’s Tea House.

මුළු චාරිකාවටම පැයකට වඩා ගත නොවනු ඇත. කෙසේ වෙතත් එය තීරණය වන්නේ ඔබ ඒ ඒ තැන්වල ගත කරන කාලය අනුවයි. වැදගත්ම කරුණ මේ සියලු ස්ථානවලට ඇතුළුවීම නොමිළේය. ගණන් ගන්න එපා, සමහරවිට ඒ වැටක සිදුරකින් වන්නට පුළුවන. .්‍රිරෝද රියේ මේ ගමන යන්නට වැයදම රු. 400කි. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide