Posted by
White Horse Nasi Goreng බේර, නවම් මාවත පැත්තේ වැඩකරන කෙනෙකු විසින් සොයනු ලබන වැඩියෙන්ම අවශ්‍ය දේවල් දෙකක් වන අරක්කු හා වායුසමනය යන දෙක ලබාගන්න පුළුවන් තැනක් තමයි, වයිට් හෝස්. එක් උණුසුම් දවසක අපි එහි ගොඩවුණා, මේ දේවල් හා දිවා ආහාරයත් සොයාගෙන. White Horse Cheese Toast එහි විධායක දිවාආහාරය එතරම් ඉහළපෙළේ එකක් නොවෙයි. ඒ වගේම එය මිළෙනුත් අඩු නැහැ. තුන්දෙනෙකුගේ බිල විස්මිත රු. 2800ක් වුණා. ඒ අරක්කු වඩි හතරකට, ලයිම්, නාසිගුරාං තුනකට හා චීස් ටෝස්ට් එකකටයි ඒ.  චෙසා ස්විස්හි විධායක පිරිනැමීම්වල මිළ දෙදෙනෙකුට දළ වශයෙන් රු.  3500යි. වයිට් හෝස් වගේ සාමාන්‍ය තැනකින් අපි එවැනි රසඤ විශිෂ්ටත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.  ඒ නිසා අපි ටිකක් අප්සෙට් වුණා ඒ ගැන.

අපේ යොවුන් අත්දැකීම් හා බැඳුණු මේ තැනට අපි ආදරෙයි. ඒත්, එවැනි සාමාන්‍ය වටපිටාවක, සාමාන්‍ය සේවා තත්වයක් තුළ මේ මිළ හොඳටම වැඩියි. නාසිගුරාං හා චීස් ටෝස්ට් හොඳයි. ඒත්, මිළනම් ලැජ්ජයි. ඒ නිසා වෙන්න ඇති කලෙක බඩගිනිකාර වෘත්තිකයන්ගෙන් පිරී තිබුණු මෙතැන දැන් මෙතරම් හිස්වෙලා තිබෙන්නේ. නවම් මාවත අවට තිබෙන බත්කඩ, අවන්හල් පැහැදිලිවම මීට වඩා ආකර්ශනීයයි.

වයිට් හෝස් හොඳ වායුසමනය කරන ලද ස්ථානයක් හා මත්පැන් පිරිනමනවා. ඒත්, මිළ වැඩියි.
Leave a comment