Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1


Posted by
මේ සුපර් මාකට් යුගයේ අපි කොළඹ ජනයා දිරි ගන්වන්න කැමතියි, කොල්ලුපිටිය වෙළඳපොළ පැත්තේ රවුමක් යන්න. පළමු වතාවට යන්නන්ට විනාඩි 25ක වෙළඳපොළ රවුමක් වෙනුවෙන් උපදෙස් ටිකක් මෙන්න.

බොම්බේ ස්වීට් හවුසියේ අයිස්ක්‍රීම් ෆලූඩා මිශ්‍ර වෙමින්

1.  බොම්බේ ස්වීට් හවුසියේදී සූදානම් වන්න

වෙළඳපොළේ ගඳ සුවඳ හා හෙට්ටු කිරීම් විඳින්නට යන්නට පෙර  බොම්බේ ස්වීට් හවුසියේ  විනාඩි පහක අපරිමිත විවේකයක් විඳින්න. එය පිහිටා ඇත්තේ වෙළඳපොළේ ප්‍රධාන පිවිසුමෙන් කඩ දෙකකට ඔබ්බෙනි. මේ කොළඹ මුල්ම ඉන්දීය රසකැවිලි කඩවලින් එකක් වන අතර, තවමත්, පුරයේ හොඳම ජලේබි, බාෆි සහ ලඩ්ඩු සපයන තැනයි. රසකැවිලි බෑගයක් මිළ දී‍ ගෙන ඒ පැරණි කඩ පියසේ හිඳ රසම රස අයිස්ක්‍රීම් ෆලූඩාවක් තොල ගාන්න.

බීමාගේ එළවළු ලෑල්ල

2. වෙළඳපොළට පිවිසෙන්න

වෙළඳපොළට පිවිසෙමු.  වෛවර්ණයෙන් මනා ලෙස අඩුක් කරන ලද එළවළු හා පලතුරු අංශය වෙත ඔබේ අවධානය නිතැතින්ම යොමු වනු ඇත. එ‍හි නැති දෙයක් නැත. පතෝල, මඤ්ඤොක්කා, කොස්-දෙල්, නෙළුම් අල, කෙසෙල්මුව, අනෝදා, ඩ්‍රැගන් ෆෘට්, දූරියන් ආදී හැම දෙයක්ම එහි තිබේ. අපි රු. 400කට දූරියන් ගෙඩියක් මිළදී ගත්තා. මුලින් කියූ ගණන රු. 500කි. තව හෙට්ටු කළා නම් එය රු. 350ටත් ගන්නට තිබිණි. එහෙත්, එය අපි හැව්ලොක් පාරෙන් මිළට ගත් දූරියනට වඩා හොඳ කදිම ගෙඩියකි. සුවඳ විහිදුවන මේ දූරියන් ගෙඩිය අරගෙන වෙළඳපොළ වටේ යන්නට කම්මැලි නම් එය ඔබ වෙනුවෙන් තබන්නැයි වෙළෙන්දාට කියා එන ගමන් අරගෙන යන්න.

මැරෙන්නට ඉන්න කුකුළන් ඉදිරිපිට එල්ලූ මැරුණ කුකුළෝ

3. මස් කඩේ ළඟ

එළවළු පසු කර යන විට මෙන්න, මස් කඩ, පහසුවෙන් සිත් රිදෙන අයට ‍නොගැලපෙන ආසියානු‍ තෙත් වෙළඳපොළ ශෛලියට. සත්ව සිරුරු, ලේකැටිති සහ පණ පිටින් සත්තුත් එතන. වැඩියෙන්ම කුකුල්ලු. එකෙකුට ඇඟිල්ල දිගු කර ගණන කතා කර ගත් පසු ඌ වැඩි කල් ජීවත් වන්නේ නැත. මේ දැන් මැරූ කුකුළන්ගේ මස් තරම් රස හොද්දක් තවත් නැත. එහෙත්, එහි ලේ වැකුණු ගතිය ඔබට අල්ලන්නේ නැතිනම් උඩු මහලේ එතරම් කෲර නැති මුහුදු ආහාර අංශයට යන්න.

බෙල්ලන් විකිණීමට තිබේ

4. මුහුද කට ළඟ

ටිකක් පිළී ගඳ තමයි. ඒත්, කදිමට ප්‍රදර්ශනය කරනු ලබන ලංකාව වටා මුහුදේ හොඳම පලතුරු මෙහි තිබේ. පොකිරිස්සන්, කාවාටියන්, මට්ටින් වැනි කොළඹ වෙන තැන්වලින් සොයා ගත නොහැකි මුහුදු ආහාර මෙහි ඇත. අපි බෙල්ලන් 12ක් රු. 400කට මිළ දී ගත්තා. කේවෙල් කරන්නට තිබුණු නමුත් ඇත්ත නම් ලෝකයේ වෙනත් බොහෝ තැන්වල රු. 400ට එක් බෙල්ලෙකුට වඩා ගන්නට බැරිය.

කොළඹ අල්ප වූ ඌරු මස් කඩ අතරින් එකක්

5. ඌරගෙ මාළු ඌරගෙම ඇඟ පිට

මාළු කඩේ ළඟම මෙන්න කුඩා ඌරු මස් කඩයක් කොළඹ ඌරු මස් කදිම වුණත්, සොයා ගන්න අමාරුයි. කොළඹ මස් කරන්නන් වැඩි දෙනෙක් ඌරු මස් අරහං මුස්ලිම් අය වීමයි හේතුව. මේ කඩේ කරන අය කතෝලික වගෙයි. මස් මිළ අඩුයි. රසයි. මස් කපන හැටි ගැන ඔවුන් දන්නා බව පෙනෙනවා. ඒ නිසා ඔබට ගාත්, ඉඟටිය, පපු, බඩ ආදී තැන්වලින් කියා ඉල්ලා ගන්න පුළුවන්. අපි ලිංගුස් නම් ලංකාවේ සම්ප්‍රදායික සොසේජස් ග්‍රෑම් 500ක් ගත්තා. වැඩියෙන් කුළුබඩු දැමූ  එකට ඇඹරූ ඌරු මස් හා මේදයෙන් සැදුණු එය රසවත්.

ආනයනය කළ බඩු ආනයනය කළ විලාසිතාවෙන් ප්‍රදර්ශනයේ

6. රට බඩු

මස්, මාළු ගත් පසු වියළි ආහාර ද්‍රව්‍ය මිළ දී ගන්න තුන්වන මහලට යන්න. බරණිවල,කෑන්වල එන‍ මේ ආහාර ගොඩ ගැසූ තෙත රහිත මේ පෙදෙස අනෙක් පෙදෙස්වලින් වෙනස්. එක් කෙළවරක බීමාගේ හා බ්‍රානාගේ කුඩා සුපිරි වෙළඳසල්. ඒවායේ පුංචි හොර මත්පැන් කඩ ගතියකුත් තියෙනවා. එහි nachos, golden syrup, Tropicana පලතුරු යුෂ, රටින් ගෙන්වූ ජෑම්, ඇමරිකාවේ විසිතුරු සීරියල් වර්ග ආදී දේශීය වශයෙන් මිළ දී ගන්න අසීරු දේ විකුණනවා.

උඩ තට්ටුව නගරයේ වර්ධනය වන චීන ජනගහණයට සැපයුම් කරන චීන වෙළඳුන් කීපදෙනෙකුගේත් තිප්පල. ඒ නිසා නූඩ්ල්ස්, වියළි හතු, බෙල්ලන් සෝස්, ටෝෆු හා චීන කුළුබඩු මිළ දී ගන්නත් මෙන්න තැන. අපි චීන වර්ගයක නූඩ්ල්ස් කෝප්පයක් රු. 180කට ගත්තා. එය මැගීවලට වඩා හොඳයි.

මෙන්න අප ගත් බඩු ලැයිස්තුව;
  • දූරියන් – රු. 400
  • බෙල්ලන්- රු. 400
  • ලිංගුස් ග්‍රෑම් 500 - රු. 250
  • නූඩ්ල්ස් - රු. 180
මේ දෙවියන්ගේ හා YAMU කෑමයි.
Leave a comment