Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2


Posted by
rice ආහාර ඡායාරූප ගනිද්දී 'යමු' උත්සාහ කර තිබෙනවා කලාත්මක වෙන්න. අපි වතාවක් නිල් මහ සයුර පසුබිමේ වර්ණවත් කොක්ටේල්  සහ මාටිනි වීදුරුවක සියුම් ලෙස සමබර කරන ලද ප්‍රංශ මැකරෝන් ඡායාරූප ගත්තා. තවත් වතාවක අපි ක්‍රීඩා කරමින් තිබුණු ස්ක්‍රැබල් පුවරුවක් මත කේක් පොප් හා කප් කේක් තබා ඡායාරූපගත කළා. ඒත් මේ සැලසුම් කර ගත් ඡායාරූපවලට එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ලයික් කිරීම් කීපයක් හා කලාතුරකින් ෂෙයා කිරීමක්.

අපට ඒ ගැන දුකයි. ඒත් අපි කලකිරිලා නැහැ. නගරය පුරා ගිය අපේ ගමන් ඕස්සේ අපි ඉගෙන ගත් පාඩමක් තිබෙනවා. පිළිවෙලට සකසා නිසි ආලෝකය තුළ ගනු ලබන විදේශීය ආහාර පිංතූරවලට වඩා බත්වල පිංතූරවලට මිනිස්සු කැමතියි. ඒවා නගරයේ හෝටල්වල අජිනොමොටෝ දමා පිසින ලද බත්වල එතරම් පිළිවෙලක් නැතිව හදිසියේ ගත් ඡායාරූප. මේවා හදිසියේ ගත් ඡායාරූප යයි කියන්නේ මේ නිසයි. දුම් දමන, සුවඳ හමන බත් පිඟානක් ඉදිරියේ කාටද පිංතූර ගන්න පමාවෙන්න පුළුවන්.

බත්, ෆ්‍රයිඩ් රයිස්, කහබත්, බුරියානි, ලම්ප්රයිස්. මේ හැම වර්ගයකම බත් දිවයින පුරා ඕනෑම තැනකින් පහසුවෙන් සොයාගන්න පුළුවන්. බත් කන්න මිනිසුන් තුළතිබෙන කැමැත්ත කෙතරම්ද යත් බත් බංඩිය වගේ බංඩියක් තවත් කොහිද කියලානේ කියන්නේ.

බත්වලට ගහන්න තවත් කෑමක් නැතිවුණාට බත් ඡායාරූපවලදී හොඳට පෙනෙන ෆොටෝජෙනික් ගතියෙන් අඩුයි. ඒත් ඉතින් අපි අන් හැම දේටම වඩා කැමති බත්වලටනේ. ඒ නිසා මෙන්න බත්වල සිත් ඇදගන්නාසුළු පිංතූර එකක් දෙකක් නොවෙයි 20ක්ම.




ලන්දේසි බර්ගර් සංගමයේ වීඕසී කැෆේ

428138_330122927104021_594936463_n මිළ: රු. 340




බුබා

Buba Nasi Goreng මිළ: රු. 580




මීල් සෙන්ටර්

DSCF1218-2 මිළ: බුරියානිi (රු. 230), බත් හා ව්‍යංජන (රු 130)




ඩච් ග්‍රෝසර්

602750_327037280745919_245480907_n මිළ: රු. 390




බාස් කැෆේ

537041_333272570122390_398902505_n මිළ: රු. 600




අර්බන් කිචන්

427270_348049691978011_1989223114_n මිළ: රු. 355




කප් කැෆේ

268053_356099241173056_868417683_n මිළ: රු. 180




මිතීස්

untitled-shoot-0151 මිළ: රු. 260




මිලෙනියම් අවන්හල

shroothi-030 මිළ: රු. 170




සුකීස් වොක්

Chicken Rice Packet මිළ: රු. 290




R&R වෙරළ අවන්හල

Screen-Shot-2012-11-07-at-10.10.01-AM මිළ: මිශ්‍ර භෝජන




ඇම්රෝ නිර්මාංශ අවන්හල

DSCF2402-Edited මිළ: රු. 140




ස්පයිස් අවන්හල

Rice And Curry මිළ: රු. 175




ගල්කිස්සේ ස්ටීම්බෝට්

DSCF1480 මිළ: මිශ්‍ර භෝජන




උදුම්බරා JU කේටරර්ස්

Yellow Rice And Chair මිළ: රු. 250




නව බනානා ලීෆ්

DSCF2055-2 මිළ: රු. 350




කොපර් චිම්නි (හුණුපිටිය)

DSCF2113මිළ: රු. 130




කරිමච්

421953_355445157905131_434815337_n මිළ: රු. 200




වයිට් හෝස්

DSCF4295 මිළ: මතක නැත.




ඒත්, සියල්ල අතරින් වඩාත්ම ජනප්‍රිය අපේ ඡායාරූපය

Highland Milk හයිලන්ඩ් කිරි බෝතලයක්
Leave a comment
Last 7 Days

Trending Today