Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF free for 2000 Offer sidebar banner Artwork for PMF essentials sbb 2


Posted by
537019_353229681460012_878162198_nගාලු මුවදොර පිටියේ ඇවිදින විට අතීත මතකයන් රැසක් සිතට ගලා එනවා. බෝල ගසපු හැටි, ඔට්ටු ගහපු හැටි, වර්ණවත් වලගා ඇති සරුංගල් ගුවනෙ පා කළ හැටි.... කාලය වෙනස් වෙලා ඇති. තණ පලස වඩා කොළ පැහැයට හැරිලාත් ඇති. ඒත්, එක් දෙයක් තවමත් එහෙමමයි. මිනිස්සු හා කෑම කඩ.

මේ පුංචි කඩ තට්ටුවල තිබෙන්නේ මොනවාද? පුංචි ගෑස් සිලින්ඩර්, ලොකු තෙල් තාච්චි හා තට්ටු, තට්ටු ඉස්සන් වඩේ තසිම්.

ගැඹුරු තෙලේ බදින ලද ලාංකික කැවිල්ලක් වන ඉස්සෝ වඩේ කියන්නේ, කඩල පරිප්පු, මිරිස්, කුළුබඩු මිශ්‍රණයකින් හැදූ පැතලි, ඕවලාකාර වඩය මත ඉස්සන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු තබා රතු පැහැයට හැරෙනතුරු ගැඹුරු තෙලෙන් බදින ලද කටගැස්මක්. බාගෙට බැද තසිම් මත තබා ඇති ඒවා පිරිනමන්නට පෙර නැවත බැදලා උණු උණුවේයි දෙන්නේ. එකක් රු. 25ත් 50ත් අතර.

සහමුලින්ම බැදගත්තාම එහි සුවඳ කටට කෙළ උනන්න හේතු වෙනවා. එය පිරිනමන්නේ පත්තර කඩදාසියක් උඩ කැරට්, ළූනු, අමු මිරිස්, දෙහි හා ඉස්සන් වඩය මත අතුරන ලද මිරිස් සෝස් ටිකක් එක්ක. ඒ කර කර ගා හැපෙන ඉස්සන් වඩය හැපීම රසවත් වැඩක්. සෝස් හා කැරට්, ළූනු හා දෙහි ආදී දේ වෙළෙන්දාගෙන් වෙළෙන්දාට වෙනස්. ඉස්සෝ වඩේ කන්න ඕනෑ චිලී සෝස් හා ළූනු, කැරට් ආදී දැවටුම් දෙකම එක්කයි. සියල්ල එක් වුණාම ඔබේ මුව තුළ රස බෝම්බයක් පුපුරනවා වගේ.

මේ ලංකාවේ සුපිරිම වීදි ආහාරයක්. ඉස්සො වඩේ.
See 2 Comments