Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee


Posted by
මේ අපේ ලම්ප්රයිස් රසවිඳුමේ වීඩියෝවයි. සවිස්තර වාර්.ාන මෙතැනින්. මෙම වීඩියෝව අපේ තරමක් අවිද්‍යාත්මක වූ රසවිඳීමේ ක්‍රියාවලිය හරහා ඔබ රැගෙන යයි. එහි ඇත්තේ ලම්ප්රයිස් මුල් කලවම් කිරීම, අංක යෙදීම හා කෑමයි. මේ ඒ වීඩියෝවට අතුරුපස ලෙස ලම්ප්රයිස් ගැන හා බර්ගර්වරුන් ගැන විස්තරයකි.

ලම්ප්රයිස් යනු මොනවාද?

මූලිකව ලම්ප්රයිස් යනු කෙසෙල් කොළයක් වැනි කොළයක එතූ බත් හා ව්‍යංජන පාර්සලයකි. මෙය ලන්දේසි සම්භවයක් සහිත බර්ගර් ප්‍රජාව සමග දැඩිව සම්බන්ධ අතර එයට ෆ්‍රිකැඩල් මස්බෝල, වම්බටු පැහි සහ ඉන්දුනීසියානු බෙලකත් ඉස්සන් තලප අයත් වේ. ලම්ප්රයිස් යනු ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගමේ ඉතිහාසය හා සම්බන්ධ ආහාරයකි.

වර්තමාන ලම්ප්රයිස් ඉතිහාසය ඇරඹෙන්නේ ලංකා දුම්රිය සේවයේ සේවය කරමින් ඉදිකිරීම් හා මෙහෙයුම් කටයුතුවල යෙදුණු බර්ගර්වරුන්ගෙනි. ඒ බර්ගර් මිනිසුන්ගේ බිරින්දෑවරු සිය ස්වාමියන්ගේ දිවා ආහාරය වෙනුවෙන් කෙසෙල් කොළයේ මෙසේ බත් හා ව්‍යංජන එතූ බව කියැවේ. කාලයත් සමග ලම්ප්රයිස් ආහාරයක් ලෙස අනන්‍යතාව ගොඩනඟා ගත්තේය. ඒ අනුව මිශ්‍ර මස් කරි යහමින්, සීනි සම්බල් ටිකක්, වමබටු පැහි, බ්ලැචන් නම් වන ඉස්සන් තලප තේ හැන්දක් හා මස් තැම්බූ වතුරෙන් පිස ගත් කුඩා ඇට සහිත සම්බා බත් කෝප්පයකට නොවැඩි ප්‍රමාණයක් එහි අඩංගුය.

මෙය වරතමාන ලම්ප්රයිස් මුලේ ප්‍රමිතිය බවට පත් වී තිබේ. බර්ගර් ලෝකයේදී මේ සම්ප්‍රදාය බිඳ දැමීම දැඩි දඬුවම්වලට හේතු වේ. බර්ගර් ආන්ටිලාගේ සාමාන්‍ය පිළිකෙව් කිරීම වන්නේ ලන්දේසි බර්ගර් සමාජ ශාලාවේ දාම් පෙත ජීවිත කාලයටම තහනම් කිරීමයි.

බර්ගර් යනු කුමක්ද?

මේ වනාහි සංකීර්ණ හා මතභේදකාරී ප්‍රශ්නයකි. මූලධාර්මිකව බැලුවොත් බර්ගර්වරයෙක් කියන්නේ ලාංකික යුරේසියානුවෙකි. නැතහොත් යුරෝපීය හා දේශීය සම්මිශ්‍රණයකින් පැවතෙන්නෙකි. එහෙත් යුරෝපීය හා ශ්‍රී ලාංකික උරුමය මිශ්‍ර වූ සියලුදෙනා බර්ගර්වරු නොවෙති. බර්ගර්වරුන් යයි විශේෂයෙන් කියවෙන්නේඉංග්‍රීසීන්ට පෙර මේ රටේ කොටස් යටත් කරගෙන සිටි පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් පැවත එන අයයි.

ලන්දේසි බර්ගර්වරු යනු ලන්දේසි යටත් විජිත සමයේ ලංකාවට පැමිණ මෙරට කාන්තාවන් සමග විවාහ වී ලන්දේසි පාලනය අවසන් වීමෙන් පසුත් මෙහි නැවතුන පුද්ගලයන්ගෙන් පැවත එන අයයි. දිවයිනේ බර්ගර් ප්‍රජාවන් අතරින් වඩාත්ම බලවත් කණ්ඩායම මොවුහුය. ලන්දේසි බර්ගර්වරයකු වීමට ලන්දේසි හෝ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට සම්බන්ධ යුරෝපා ජාතිකයකුගෙන් ඔබගේ පිය පාර්ශ්වය පැවත ආ යුතුය.

නිදසුනක් ලෙස ඔබේ තාත්තාගේ, තාත්තාගේ, තාත්තා ලන්දේසි විය යුතුය. වැදගත් වන්නේ ලන්දේසි පිය පාර්ශ්වය මිස කෙතරම් ලන්දේසි රුධිරයක් ඔබේ සිරුරේ ඇද්ද යන්න නොවේ. ලන්දේසිවරුන් එකම හැඩරුවක පුද්ගලයන් නොවන්නේද එම නිසාය. ඔවුන්ගෙන් ඇතැමෙක් සුදු හම හා නිල් ඇස් ඇති අය වෙද්දී තවත් සමහරු වෙනත් දෙමළ, සිංහල මිනිසුන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමට බැරි තරම්ය.  අතිශය වැදගත් කරුණ වන්නේ බර්ගර්වරු සිංහල  / දෙමළ ප්‍රධාන සංස්කෘතික ධාරාවෙන් පරිබාහිර වෙනම අනන්‍යතාවක් ප්‍රකාශ කරන ප්‍රජාවක් වීමයි. ඔවුන්ගේ සමාජ සම්බන්ධකතා ලිහිල්ය. ප්‍රීති ප්‍රමෝදයට ඇති ඇල්ම පිළිබඳ ඔවුහු ප්‍රසිද්ධය. ඉංග්‍රීසි බසට වැඩි පක්ෂපාතිත්වයක් දක්වන ඔවුහු නිදහස් චින්තනයටද ඇල්මක් දක්වති. ඔවුහු රටේ කලාත්මක හා සංස්කෘතික ජීවිතයට දක්වා ඇති දායකත්වය සුවිසල්ය.

'යමු'ගේ අරමුණු අනුව ගත් කල ඔවුහු දිවයිනේ සූපශාස්ත්‍රයට කැපීපෙනෙන බලපෑමක් කර තිබේ. බර්ගර් ගෘහනියෝ ලංකාවට බටහිර කෑම රැසක් හඳුන්වා දී තිබේ. මස්බෝල, ලව්කේක්, නත්තල් කේක්, බෲඩර් කේක් සහ විවිධ කෙටි කෑම වර්ග ඒ අතර වේ.
See 2 Comments