Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork


Posted by
Munchee (Top) Vs. Maliban (Bottom) Munchee (Top) Vs. Maliban (Bottom)


විස්කෝතු නිෂ්පාදනය ලංකාවේ වඩාත්ම ලාභදායී නිෂ්පාදන අතරින් එකකි. ලාංකිකයෝ බත්, කිරි චොකලට්, සිසිල් බීම හා විස්කෝතුවලට කැමැතියි.

ඒත්, කොයි විස්කෝතු වර්ගයද ගන්නේ? රතු පසුබිමේ M අකුරෙන් ඇරඹෙන නම් ලියූ වෙළඳ ලාංඡන හිමිඅපේ ප්‍රධාන විස්කෝතු නිෂ්පාදන සමාගම් දෙකම සමාන පෙනුම ඇති නිෂ්පාදන සමාන මිළට වෙළඳපොළට ඉදිරිපත් කරනවා. වඩා හොඳ කොයි ඒවාද?

අපි ජනප්‍රිය වර්ග පහක් සන්සන්දනය කළා. නයිස්, මාරි, මිල්ක් ෂෝට්කේක්, ලෙමන් පෆ් සහ චොකලට් ක්‍රීම්.




Nice

Munchee Nice Biscuit (Left) And Maliban Nice Biscuit (Right) මංචි නයිස් (වමේ) මැලිබන් නයිස් (දකුණේ)/caption]
නයිස් විස්කෝතුව ‍ඉස්සර කාලේ සිටම මේ හැඩයෙන් ලෝකය පුරාම තිබෙනවා. එය හතරැස්, පැතලි, සාමාන්‍ය විස්කෝතුවක්. පොල් මඳ වශයෙන් මිශ්‍ර ඒ මත ලොකු ඇට සීනි ඉහලා. ලොකු වෙනසක් දැක්කේ නැතිවුණත් මංචී වඩා හොඳයි වගේ. බරත්, මිළත් දෙකම එකයි. ‍කොයිකත් එක ව‍ගේ. ඒත්, අපි කැමති මංචිවලට.
මංචි රු. 40යි (ග්‍රෑම් 100) අවංකව කි‍ව්වොත් වෙන් කර දක්වන්න බැරි තරමට සමානයි. මංචිවල හැමවිටම දකින්න ලැබෙන විදියට මෙහිදීත් රසින් පොඩ්ඩක් වැඩියි. සීනි හා පොල් අඩුයි. මැලිබන් රු. 40යි (ග්‍රෑම් 100) මැලිබන් නයිස් රස හොඳයි. විස්කෝතුව ටිකක් ශක්තිමත්කමින් අඩුයි. ඒ නිසා පැකට්ටුව තුළ පහසුවෙන් කැඩී බිඳී යනවා. මංචිවලට වඩා සීනි වැඩියි. ඒ නිසා පැණිරස වැඩියි.
 




 

මාරි

Marie Biscuitsමාරි විස්කෝතු

 



මෙයත් බොහෝ පැරණි විස්කෝතු ව‍ර්ගයක්. රුසියාවේ මාරියා ඇලෙක්සැන්ඩ්‍රොව්නා ආදිපාදවරිය එඩින්බර්ග් ආදිපාදවරයා සමග විවාහවීම සැමරීම පිණිස 19වන සියවසේදී රුසියාවේ නිෂ්පාදනය කරන ලද විස්කෝතුවක් වන එහි අද වන වි‍ට චොකලට් මාරි, ඔරේන්ජ් මාරි ආදී ප්‍රභේද ගණනාවක් තිබෙනවා. ආසියාව පුරා එය තේ පානයේදී කන විස්කෝතුවක් ලෙස ප්‍රසිද්ධයි. එය රවුම් හැඩයෙන් යුත් හයිය විස්කෝතුවක්. යන්තමින් වැනිලා හා සීනිවලින් රස කරලා. නිකම් කන්න වගේම සීනි දැමූ කිරි තේවල ඔබා කන්නත් කදිමයි. උකුකිරි හෝ රටකජු බටර් විස්කෝතු දෙකක් මැද්දට දමා රස කෑමක් හදාගන්න පුළුවන්.
මංචි - රු. 28 (ග්‍රෑම් 80) මංචි ගැන හැමතිස්සෙම කියන්නා වගේ මෙතැනදිත් කියන්න වෙන්නේ එය රසින් වඩා හොඳ බවයි. මැලිබන් - රු. 28 (ග්‍රෑම් 80) මංචි විස්කෝතුව ගැන විශේෂයෙන් කියන්න තිබෙන්නේ එය හරිම සරළ බවයි.
 




මිල්ක් ෂෝට්කේක්

Milk Shortcake මිල්ක් ෂෝට්කේක්


අපේ මිල්ක් ෂෝට්කේකුත් තේ බොන්න හොඳයි. ඒවා පිටරට මිල්ක්ෂෝට්කේක් තරම් ඝන සහ බටර් රස නැහැ. ඒත්, හොඳයි.
මංචි - රු. 40 (ග්‍රෑම් 85) මංචිවල රසේ පැහැදිලි වෙනසක් තිබෙනවා. විස්කෝතුව ඝනකමින් අඩු වුණත් රස සරුයි. කිරි රස වැඩියි. හොඳයි. හොඳින් හැපෙනවා. හොඳ විස්කෝතුවක්. මැලිබන් - රු. 40 (ග්‍රෑම් 80) මැලිබන් මිල්ක්ෂෝට්කේක් මංචිවලට වඩා ඝනකමයි. රස්ක් විස්කෝතු රසයි. පොඩි කාඩ්බෝඩ් රසකුත් තිබෙනවා. හොඳයි. ඒත්, කිරි රස මදි.
 




ලෙමන් පෆ්

Lemon Puffs ලෙමන් පෆ්


2010දී මැලිබන් ලොව ලොකුම ලෙමන් පෆ් විස්කෝතුව හදලා ගිනස් වාර්තාවක් තිබ්බා. ලෙමන් පෆ් ලංකාවේ ජනප්‍රිය විස්කෝතුවක්. සාමාන්‍යයෙන් අපි එයට කැමති නැහැ. ඒත්, මෙන්න සන්සන්දනය.
මංචි - රු. 50 (ග්‍රෑම් 100) මංචි ලෙමන් පෆ් ඉතා හොඳයි. සුන්දර රන් පැහැයෙන් යුත් එය රසින් වැඩියි. ඇතුළේ හුළං පිරිලා වගේ. මැලිබන් විස්කෝතුව වගේ ඝන නැහැ. ලෙමන් රස සියුම්. පැණිරස වැඩි නැහැ. හොඳ විස්කෝතුවක්. මැලිබන් - රු. 50 (ග්‍රෑම් 100) අපි මෙයට කැමැත්තක් නැහැ. විස්කෝතුව හයිය වැඩියි. ලෙමන් ක්‍රීම් එකත් වැඩිපුර රසගන්වලා. උඩ සිනිත් වැඩියි.

 




මිළ

නයිස් මාරි ෂෝට්කේක් ලෙමන් පෆ් චොකලට්
ග්‍රෑම් 100g ග්‍රෑම් 80 ග්‍රෑම් 85/80 ග්‍රෑම් 100 ග්‍රෑම් 100
මංචි රු. 40 රු. 28 රු. 40 රු. 50 රු. 45
මැලිබන් රු. 40 රු. 28 රු. 40 රු. 50 රු. 45
(රු. 0.40/ග්‍රෑම්) (රු. 0.35/ග්‍රෑම්) (රු. 0.47,0.50 /ග්‍රෑම්) (රු. 0.50/ග්‍රෑම්) (රු. 0.45/ග්‍රෑම්)

 




නිගමනය

බොහෝවිට මේ විස්කෝතු වෙන් කර හඳුනාගන්න බැරිතරම්. මිළත් එකමයි. ඒ නිසා එකකට වඩා අනෙක හොඳයි කියා නිර්දේශ කරන්න බැරිතරම්. ඒත්, මංචිවල අප තැමත් යම් විශේෂත්වයක් තිබෙනවා. ෂෝට්කේක් හා ලෙමන් පෆ් සැලකිල්ලට ගත්තාම මංචි වඩා හොඳයි. ඔබ පැණි රසින් හා වෙනත් රසවලින් වැඩි විස්කෝතුවලට කැමතිනම් මැලිබන් ඔබට ගැලපේවි. සියුම් රසවලට කැමතිනම් මංචි මිළදී ගන්න.
See 3 Comments