Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee


Posted by
අපි මෑතදී බොරැල්ලේ EAP අවන්හල   ගැන කෙටි විස්තරයක් ලිව්වා. ඒත්, දින කීපයකට කලින් තමයි අපි එහි විශිෂ්ටත්වය ගැන පූර්ණ අවබෝධයක් ලබාගත්තේ.

රු. 1500කට අපට ලැබුණා ගෝඩන්ස් ජින් මිලිලීටර් 50 වීදුරු දෙකක්, ටොනික් බෝතලයක්, මහ ගොඩක් ෆ්‍රයිඩ් රයිස් හා ඩෙවිල් කළ චිකන්. EAP අවන්හල සේවා ගාස්තුවක් අයකරන්නේ නැහැ. ඒත්, එහි සේවාව පුරයේ අප අත්විඳ ඇති හොඳම සේවාවක්. එහි වේටර්වරු ඇත්තෙන්ම හොඳ අය. EAP වෙත එතරම් කාන්තාවන් නොගියාට එතැන කාන්තාවන්ට ප්‍රියමනාප නොවන තැනක්කම් නොවෙයි.  සතිඅන්තයේදී මෙතන වීදුරු එකිනෙක ගටන විවිධ සමාජශීලී මිනිසුන්ගෙන් සමන්විතයි. ඔවුන්ගේ බයිලා ගී හඬ විටෙක ඉහළින් සවිකර තිබෙන රූපවාහිනියේ ස්ටාර් මූවීස් ශබ්දත් පසුකරනවා.

අවංකවම EAP ශ්‍රේෂ්ඨ තැනක්. හැමදෙයක්ම රසවත් හා මිළ අඩුයි. සේවාව විශිෂ්ටයි.
Leave a comment