Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020


Posted by
ඔන්න වෙළඳපොළේ විවිධාකාර නත්තල් සැරසිලිත් එක්ක නත්තල් සමය උදාවෙලා.

නත්තලේ ශ්‍රී ලාංකික සුවිශේෂත්වයක් තමයි බය හිතෙන සැන්ටා.

පුළුන් වගේ සුදු දිග රැවුලැති, රතු පාට කපොලැති, සිනාබර වතැති, රවුම් උදරැති නත්තල් සීයා හෝ සැන්ටා ලෙස හැඳින්වෙන නිකොලස් ශාන්තුවරයාගේ පෙනුම මෙසමයේ ප්‍රීතිය හා සැහැල්ලුව සංකේත කරන්නක් වුණාට ශ්‍රී ලාංකික සැන්ටා එහෙම නොවෙයි.

ශ්‍රී ලාංකික සැන්ටා කියන්නේ සුපිරිවෙළඳසල්වල කාර්යාල නත්තල් සාදවල මේ දිනවල ගැවසෙන එල්ලාහැලෙන රතු ඇඳුමින් සැරසුණු, බොරුබව කැපී පෙනෙන රැවුලක් පැළඳි, ජොලි පෙනුමක් නැති කෙසඟ මිනිහෙක්.

 

ටානියා හා සැන්ටා ඇගේ ෆේස්බුක් පිටුවෙන්


පොඩිකාලේ නම් අපි මේ සැන්ටාට බියවුණා. දැන්නම් ඇත්තටම හිනා යනවා. සුදු පාට සැන්ටා වෙස්මුහුණ විශේෂයෙන්ම බියකරු එකක්. සුදු මූණට දුඹුරු බෙල්ල හා අත්. විකාරයි.

අපි මේ දේශීය උත්සාහය ඇගයිය යුතුයි. ඒත්, මේ පශ්චාත් යටත් විජිත සැන්ටා බටහිර මහත් සේ වානිජකරණය වූ සැන්ටාට කිට්ටු කළ හැකිද? අපනම් හිතන්නේ නැහැ කියලායි. ඒත්, බියකරු හීන ප්‍රියකරන්නන් වෙනුවෙන් හෝ මේ සැන්ටා ලංකාවේ ඉන්නවා. ඉතින්, ලාංකික සැන්ටාගේ ඇල්බමයක් හදන්නයි අපි මේ සැරසෙන්නේ. ඔබටත් මෙවැන්නෙක් කොහේදී හෝ හමුවුණොත්, ගන්න ඡායාරූපයක්. එවන්න අපට.

 
Leave a comment