Posted by


දන්නවද මම කියන්න යන දේ? දෙසැම්බරයේ එක් අවස්ථාවක සිට බොහෝවිට ජනවාරි මැද දක්වා වගේ වාතය එක්වරම සිසිල්වන දොරටුවක් විවෘත වෙනවා. ආර්ද්‍රතාව පහළ බහිනවා. වායුගෝලයේ තෙතමනය නැතිකම නිසා ආලෝකයත් වෙනස්වෙනවා. පරිසරයේ වර්ණ දීප්තිමත් වෙනවා. අහස වළාකුළු රහිත හා තද නිල්පැහැති එකක් බවට පත්වෙනවා. දිවාකාලය උණුසම් වුණත් එය දහදිය අඩු ගිනියමක්. හිමිදිරිය හා හැන්දෑව සිසිල්.

ඉන්දි හා ශ්‍රැති මේ නත්තල් කාලගුණය පිළිබඳ මගේ සිද්ධාන්තය පිළිනොගන්නා බව කියනතාක්කල් මම හිතුවේ කොළඹ ජීවිතයේ මේ සරළ දේශගුණික සාධකය දිව්‍යමය සත්‍යයක් කියලායි. මේ දෙන්නා අඩුතරමේ මීට පෙර එය අත්විඳලා‍ හෝ නැහැ.  මට නම් එය කම්පනයට හේතුවක්. මන්ද මට මේ පුංචි හේමන්තය අපේ නත්තල් සමයේ අත්‍යවශ්‍ය කොටසක්. සාමාන්‍යයෙන් මෙවැනි සිසිල් සුළං හමන උදෑසනවල තමයි, අපි නත්තල් කේක් සඳහා කජු, ඉඟුරු, චෙරි සහ චවුචවු ආදිය සකසන්නේ. පුංචි කාලේ නත්තල් දිනට පෙර සතියේ හැමදාම උදේ නත්තල් සීයා එයි කියා බලාසිටි උදෑසනවලත් හැමවිටම මේ සිසිල් සුවය දැනුණා.

මේ හිම පතිතවන නත්තලක් නොවුණාට මේ තමයි අපේ නිවර්තන කලාපීය හේමන්තය. ලංකාවේ පොළවේ නොවැඩුණු අයට සෙල්සියස් අංශක 30 උෂණත්වය හා 90% ආර්ද්‍රතාවත්, සෙල්සියස් අංශක 29 උෂ්ණත්වය හා 50% ආර්ද්‍රතාවත් අතර වෙනස දැනෙන්නේ නැහැ. ඒත්, ලාංකිකයන්ට මේ සුළු විචලනය නත්තලේ වැදගත් අංගයක්. ඔබ මේ පිළිබඳ හිතන්නේ කුමක්ද? මම තනිවම නොවෙයි නේද?
Leave a comment