Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2


Posted by
මේ ශුද්ධ වූ රමලාන් මාසයයි. මිලියන් ගණනක් ලාංකික මුසල්මානුවෝ රමලාන් සමරති. රමලාන් මාසයේදී මුස්ලිම්වරු පුරා මාසයක්ම දිවා කාලයේදී කෑම හෝ වතුර නොගෙන උපවාස කරති. ඒ ඉවසීම, අධ්‍යාත්මිකත්වය, මානුෂිකත්වය සහ දෙවියන් කෙරෙහි කීකරු වීම පුහුණු වීමටයි. රමලාන් අවසන් වන්නේ ඊද්-උල්-ෆිතර් නම් දිනයේ නව සඳ උදාවත් සමගය. මෙවර එය යෙදී ඇත්තේ අගෝස්තු 17දා ය. එදින මුස්ලිම්වරු උපවාසය අවසන් කරමින් සියලු ආගම්වල මිතුරන් සමග කෑම බීම බෙදා හදා ගනිති.

ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් රමලාන් සමරන හැටි බලන්නට 'යමු' බ්ලොග්කරුවකු වන අබ්දූල් හලික් අසීස් හා සම්බන්ධ විය. කොම්පඥ්ඥවීදියේ කුඩා පල්ලියකදී  දවසේ උපවාසය අවසන් කරන අයුරු අපි අසීස් සමග මෙසේ කැමරාවේ සටහන් කර ගත්තෙමු. එය සත්තකින්ම සුන්දර අත්දැකීමකි.

රමලාන් මස උදාවූයේ නම් ස්වර්ගයෙහි දොරටු විවර කරනු ලබන බව හා නිරයෙහි දොරටු වසනු ලබන බව නබිතුමන් ප්‍රකාශ කළ බව මුත්තෆකුන් අලෛහි සඳහන් වනන්නේ යයි  බ්ලොග්කරුවෙක්ලියා තිබිණි.

අපි හැම කෙනෙකුටම අසිරිමත් රමලාන් සමයක් පතමු.
Leave a comment