“ආහ් නංගි, පු* සුදුද” සහ තවත් දැවෙන ප්‍රශ්න.

“ඇතෙක් වගේ තනිමංසල බයක් නැතුව යන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි”

මේ ලංකාවේ පහුගිය කාලේ සෑහෙන ජනප්‍රිය වුණ සිංදුවක්. ඇයි මේ තනිමංසල බයක් නැතුව යන්න “පිරිමි පුතෙක් ම” ඉල්ලන්නෙ? “ගෑණු දුවලට” තනියම පාරෙ යන්න බැරිද?

කෙල්ලෙක් පාරෙ යද්දි “සූ… සූ…” ගාන “නංගි පු* සුදුද “ වගේ තකතීරු ප්‍රශ්න අහන ‘අයියලා’ සහ ඒ වගේ කාලකන්ණි වැඩවලට විරුද්ධව මුකුත් කියන්නේ නැතුව ලැජ්ජාවෙන් බයෙන් ඔළුව පාත්කරගෙන යන ‘නංගිලා” ඉන්න රටක, මේ වගේ සිංදු ජනප්‍රිය වෙන එක පුදුමෙකුත් නෑ.

ලැජ්ජාවයි බයයි

සාමාන්‍යයෙන් නිර්භීතකම, සමාජශීලිත්වයවගේ දේවල් අපි සලකන්නෙ ධනාත්මක ගතිගුණ හැටියටයි. ඒ වගේම බය, කුලෑටි ගතිය, ලැජ්ජාව වගේ වගේ දේවල් සෘණාත්මක ගතිගුණ හැටියටයි සැලකෙන්නේ. හැබැයි රටක් හැටියට අපේ ළමයින්ට පොඩි කාලෙ ඉඳන් හිතාමතාම සෘණාත්මක ගතිගුණ පුරුදු කරන එකම රට ලංකාව වෙන්න ඕන.

“ලැජ්ජාව සහ බය” කියන්නෙ අපට පොඩිකාලෙ ඉඳන් අම්මලා උගන්වන දේවල්. ගෑණු ළමයින්ට නම් මේක තවත් විශේෂයි. ඒ කියන්නෙ තමන් කැමති (සහ අකැමැති) දේවල්වලට විවෘත ව ප්‍රතිචාර දක්වන එක අධෛර්යය කරන එක.

හැබැයි තවදුරටත් ලෝකෙ ගෑණු කියන්නෙ පිරිමින්ගේ ආරක්ෂාව යටතේ, අනිත් අය කියන දේ අහගෙන ඉන්න ඕන සත්තු ජාතියක් කියල සැලකෙන්නෙ නැහැනේ. ඔය කවුරු මොනවා කිව්වත්, ඉස්සරට වඩා දැන් නිදහසට, ස්වාධීනත්වයට අයිතිවාසිකම් කියන්න කාන්තාවට අවස්ථාව තියෙනවා. ඉතිං දැන් මේ ‘ලැජ්ජාව සහ බය’ කියන නරක පුරුදු අත්හැරගන්න කාලෙ හරි.

ගෑණු ළමයි වේදකාවට ගෙන්නලා ප්‍රසිද්ධියේ කුණුහරුප කියන (සහ ඒක කට ඇරගෛන බලන් ඉන්න) මේ වගේ සිද්ධිවල ඉඳන්, තමන්ගේ මූලික වගකීම වෙන තමන්ගේ ළමයින්ට හරියට හැසිරෙන්න උගන්වන්නෙ නැතුව ළමයින්ගේ අම්මලාට ඇඳුම් අඳින හැටි උගන්වන්න යන ඉස්කෝල දක්වාත් මේ හැමදේකින් ම සමාජගත කරන්නේ , තමන් හැසිරෙන අඳින පළඳින විදිය තීරණය කරන්නවත් ගෑණුන්ට මොළයක් නෑ, ඒ නිසා “දැනඋගත්” වැඩිහිටියෝ, පන්සල් පල්ලි වගේ තැන්වලින් කියන විදියට ඒව කරන්න ඕන කියන අදහස. ඒකෙම අනිත් පැත්ත තමයි ඒ දේවල් පිළිනොපදින කෙනෙකුට දෙයක් වුණාම ඒක වරද එයාගෙ පිටට ම දාන එක.

අදාළ නෑනේ

Image credits – Ancient Ceylon

හැත්තෑ ගණන්වල මිනි ගවුම් ඇඳපු අපේ ආච්චිලා, අද කෙල්ලෙක් කොට සායක්, ගවුමක් ඇඳගෙන යද්දී “හපෙඅප්පෝ" කියලා කම්මුලේ අත තියාගන්නවා. තමන්ගේ ඇඟට, වයසට නොගැළපෙන ඇඳුමක් ඇන්ඳාම නම් වස කැතයි තමයි. ඒත් ඉතිං කැත වුණත් ලස්සන වුණත් තමන් කැමති ඇඳුමක් අඳින එක හැමෝටම තියෙන අයිතියක්.

සමහරුන්ගේ මතය තමයි අද කාලේ ඉන්න ගැහැණු ඇඟ පේන්න අඳින නිසා ලංකාවේ ලිංගික අතවර වෙන එක වැඩියි කියන එක. තව කාණ්ඩයක් කියන විදියට ලේසියෙන්ම නිල් චිත්‍රපටි බලන්න ලැබෙන නිසාලු හොඳ මිනිස්සුත් සල්ලාලයෝ වෙන්නේ.

හරි, දැන් ලංකාවේ හතර මායිමෙන් පොඩ්ඩක් ඈත් වෙලා ලෝකය කියන චිත්‍රය දිහා බලන්න. නිල් චිත්‍රපටි බලන්න විතරක් නෙවෙයි, හදන්නත් පුළුවන්කම තියෙන රටවල් ඕනේ තරම් මේ ලෝකේ තියෙනවා (සාමාන්‍ය ඉංග්‍රීසි චිත්‍රපටියක වුණත්, සයනගත වීම පෙන්නන්නේ කොහොමද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ). ඒ රටවල්වල කෙල්ලො නිදහසේ තමන්ට කැමති ඇඳුම අඳිනවා. අපේ කට්ටියගේ තර්කෙ හැටියට ගැහැණියක් අඳින ඇඳුම අනූව පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙනවානම්, ඒ රටවල්වල මිනිස්සු වැටෙන්නේ මාර අමාරුවක.

ඒරොප්පෙ එහෙම වුණාට ඒවා ලංකාවේ සංස්කෘතියට හරියන්නෙ නෑ කියල හිතන අයට කියන්න තියෙන්නේ, අනිත් අය මොනව කළත් තමන්ට තමන්ව පාලනය කරගන්න විදිය පුරුදු කරලා නැත්නම්, අවුරුදු 2500ක් නෙවෙයි, 5000ක් පරණ වුණත් ඔයාගෙ සංස්කෘතියෙ මොකක් හරි ලොකු වැරුද්දක් තියෙනවා කියලා තමයි.

ඔයාට ඔයාව පාලනය කරගන්න හයියක් නැත්නම් ඒක ඔයාගෙ දුර්වලතාවක්. තමන්ට තමන් ව පාලනය කරගන්න බැරි අය, ඒ බැරිකම වහගන්න අවට ඉන්න මිනිස්සු කියන කරන දේවල් හරි අඳින පළදින විදිය පාලනය කරන්න ඉල්ලන එක නම් හරි ම තකතීරු ඉල්ලීමක්. ඊට නරක ද ඒ මිනිස්සුන්ට තමන්ගේ නිදහස භුක්ති විඳින්න ඉඩදීලා, ඒවා දකිද්දි තමන්ට තමන් ව පාලනය කරගන්න අමාරු අය තමන්ට ඒ දේවල් නොපෙනෙන තැනකට ගියොත්? මානසික රෝහල්, බන්ධනාගාර වගේ තැන්වලට පුළුවන් ඔයා වගේ අයට උදව් කරන්න.

කොටින් ම කෙනෙක් මේ වගේ කරදරයකට පත් වුණාම, එයා ඇඳලා හිටියේ මොකක්ද, වෙලාව කීයද, ඒ වෙලාවේ එයා තනියම එතැන මොකද කළේ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා. මොකද  ඒව අදාළ නෑනේ. නිදහස් රටක් නම් ඕන කෙනකුට ඕන එකක් ඇඳගෙන ඕන වෙලාවක ඕන තැනක ඉන්න පුළුවන් වෙන්න ඕන නේ.

ඕකට සිංහලෙන් කියන්නේ victim blaming කියලා. ඔයා ඒ වගේ වෙන්න එපා.

හැබැයි මෙයාලගේ තර්කෙ හැටියට, ලිංගික අතවරවලට උල් පන්දම් දෙන්නේ ලංකාවේ සංස්කෘතියට නොගැළපෙන අස්සීල ඇඳුම් ඇඳපු කාන්තාවන් නම්, අම්මගේ තුරුළේ අගේට නිදියගෙන ඉඳපු අවුරුදු පහේ පුංචි සේයා සදෙව්මි තිරිසන් විදියට දූෂණය වෙලා, මරණයට පත්වුණේ කොහොමද? මේ ඝාතන නඩුවේදී පොලිසිය පාවිච්චි කලේ අර සාමාන්‍ය ගොඩේ සමාජ මතය ම තමයි. නිල් චිත්‍රපටි තියෙන පරිගණකයක් තියාගත්තු කොල්ලෙක් ව උදේ පාන්දර ම අත්අඩංගුවට අරගෙන, “මෙන්න මෙයාගේ පරිගණකයේ මෙච්චර නිල් චිත්‍රපටි තියෙනවා”ය කියලා මුළු ලංකාවට ම කිව්වා. ඒත් ඇත්තටම මේ තිරිසන් වැඩේ කරලා තිබුණේ අපි මේ කතා කරන විදියේ, තමන්ට තමන් ව පාලනය කරගන්න බැරි පුද්ගලයෙක්.

ස්ත්‍රී දූෂකයන් විතරක් නෙවෙයි, පාරේ තොටේ යද්දී කුණුහරුප, වනචර කතා කණට කොඳුරාගෙන යන එවුන්ට, මේ ඉන්නේ ඉස්කෝලේ ඇඳුමින් ඉන්න පුංචි කෙල්ලක්ද, සාරියක් පටලගත්ත ආච්චි අම්මා කෙනෙක්ද කියන එක වැඩක් නෑ. තිරිසනෙක් තරම්වත් මොළ ගෙඩියක් නැති උන් වගේ අයට, අඩු තරමේ මේ ඉන්නේ අම්මද, අක්කද, නංගිද කියන එක ගැනවත් ඌට වගක් නෑ.

කොහොම වුණත්, මේ හැමදේකින්ම කියැවෙන්නේ එකම දෙයයි. ඒ කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නෑ වගේ, කවුරු කොහොම මොනවා කිව්වත්, කොහේ හිටියත් “සතා සතාමයි" කියන එක.

යශෝධරා සහ බඩුව

ලංකාවේ ඉන්න සමහර පිරිමි, ගොඩක් ගැහැණුන්ව දකින්නේ “බඩු” විදියට. මේක ඇත්තටම පිරිමින්ට තියෙන ලෙඩක්.  

මොකක්ද මේ “බඩුව" කියන එකේ අවුල? ඩික්ෂනරියේ හැටියට නම් බඩුව කියන්නේ Object. එහෙමත් නැත්තන් අපට ඕනේ විදියට පාවිච්චි කරන්න පුළුවන් “අජීවී වස්තුවක්". දැන් තේරෙනවා නේද වචනේ බරපතලකම?

මනෝවිද්‍යාවේ එන Madonna and Whore Complex කියන සංකල්පය, ලංකාවේ අපේ තාලෙට   හදාගත්තොත් “යශෝධරා සහ බඩුව” කියලා හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ අදහසට අනූව හිතන මිනිස්සු, ගැහැණු කියන සංහතිය කොටස් දෙකකට බෙදනවා. එකක් යශෝධරා වගේ (ඔව් ඔව්, සිදුහත්කුමාරයගේ බිසව තමයි) බොහොම හොඳ හැදියාවක් ඇති, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පතිකුලයට සුදුසු (ලේසි වචනෙන්ම කියනවනම් wife-material) ගැහැණු ළමයි. අනිත් එක තමයි දකින දකින අයත් එක්ක බුදිය ගන්න ලෑස්ති ගැහැණු කාණ්ඩය.

හැබැයි, මෙයාලට නොතේරෙන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ලෝකේ ඉන්න කිසිම ගැහැණියක් මේ අන්ත දෙකේ කෙළවරවල්වලට අයිති නොවෙන වග. අනිත් දේ මේකයි. අපි යශෝධරාගේ කාණ්ඩයට අයිති වෙන්න පුළුවන් කට්ටියව පොඩ්ඩකට පැත්තකින් තියමුකෝ. කාන්තාවක් කරන, කියන දේ අනූව එයාට “බඩුව" කියන ලේබලය අලවන්න, මේ පිරිමින්ට තියෙන අයිතිය මොකක්ද? ගැහැණියකට ඒ ලේබලේ අලවන්න කළින්, තමන් කරලා තියෙන හරිය ගැනත් පොඩ්ඩක් හිතලා බැලුවනම් හොඳයි.

කොහොමද මේවයින් ගැළවෙන්නේ?

වැඩිපුර මේ වගේ තත්ත්වයන් මුහුණදෙන්නේ කාන්තාවො වුණාට, සමලිංගික සහ වෙනස් විදියේ ලිංගිකත්වයන් තියෙන කට්ටියත් මේ විදියේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා.

ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ, කෙනෙක් ඔයාට අපහසුතාවයක්, හිරිහැරයක් කරන්න සූදානම් වෙන වගක් පේන්න තියෙනවනම්, මේ වගේ පියවරවලින් ඒක වළක්වාගන්න පුළුවන්.

1. තමන් හිසට තම අතමය සෙවණැල්ල

ඔයා ඉන්නේ සෙනඟ නොගැවසෙන, පාළු පැත්තක නම්, තමන් ඉන්නේ බයෙන්, චකිතයෙන් කියන වග පේන්න තියන්න එපා. හැබැයි චණ්ඩි පාට් දාන්නත් හොඳ වෙලාවක් නෙවෙයි මේක. ඒ නිසා තමන්ගේ වැඩිහිටියෙක්ට, යාලුවෙක්ට කතා කරලා තමන් ඉන්නේ කොහේද කියන එක ගැන කියන්න (පොඩ්ඩක් සද්දෙන් කතා කරන්න පුළුවන් නම් හොඳයි). ඒ වගේම, තමන්ට ඒ පුද්ගලයව තව මොහොතකින් මුණගැහෙන බව අඟවන්නත් අමතක කරන්න එපා. ඉන්පස්සේ පුළුවන් ඉක්මණට ඔය ඉන්න තැනින් තොලොංචි වෙලා සෙනඟ ඉන්න පරිසරයකට යන්න.

2. ප්‍රතිචාර දක්වන්න

වටේ පිටේ සෙනඟ ඉන්නවනම්, හොඳම දේ තමයි ඔය සල්ලාලයන්ට අනිත් පැත්තට හොඳවැයින් දෙකක් කතා කරන එක. ඒ වගේ දෙයක් සද්දෙට ඇහෙන්න කිව්වම, ඒ වෙලාවේ වටපිටාවේ ඉන්න අයගේ අවධානයත් ඒ පුද්ගලයට යොමු වෙනවා. නරක දෙයක් වෙන්න කළින්, ඒ වගේ අවධානයක් ලැබෙන එක, ඔයාගේ පරිස්සමට හුඟක් වැදගත්.

3. පොලිසියට පැමිණිලි කරන්න

අපරාධ නඩු විධාන සංග්‍රහයට 1995 අවුරුද්දේ අංක 22 දරණ පනතින් ගෙනාව සංශෝධනයට අනූව, ප්‍රසිද්ධියේ කාන්තාවකට ලිංගික අතවර කිරීම සහ කාන්තාවකගේ විළිබිය ට අවනම්බු වෙන ආකාරයේ දේවල් පැවසීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වැරැද්දක්. මේක ඇත්තටම ගොඩක්දෙනා නොදන්න දෙයක්. හරි, කමක් නෑ. දැන් දැනගත්තනේ.

හැබැයි ප්‍රායෝගිකව ගත්තොත්, මේක හැමවෙලේම හැමදෙනාටම කරන්න අමාරුයි. මොකද පැමිණිල්ලක්‌ කරත්, දිගු වෙලාවක් තිස්සේ පොලිසියේ ප්‍රශ්න පෙළකට මුහුණදෙන්න සිද්ධ වෙනවා. “මේ සිද්ධියට මුහුණදුන්නේ කොයි වේලාවේද?”, “කොහෙදිද?”, “ඒ වෙලාවේ ඒ ස්ථානයේ ඉන්න හේතුව මොකක්ද?”, “තනිවම ඒ ගමන යන්න හේතුව කුමක්ද?”; ඔන්න ඔය වගේ නා නා ප්‍රකාර ප්‍රශ්න. ඒ නිසා ඒවටත් ලෑස්තිවෙලායි මේ වැඩේට යන්න ඕනේ.

4. අදාළ ආයතනයට දැනුම් දෙන්න

“දැන් හැදෙන ළමයි නම්…”

මේක ගොඩක් වැඩිහිටියන්ගේ ප්‍රියතම වාක්‍යයක්. දැන් කාලේ ඉස්කෝල කොල්ලෝ කරන වැඩවල හැටියට ඒ කතාවේ වැරද්දක් කියන්නත් බැහැ. වාචාලකමට, කොලුකමට විතරක් නෙවෙයි, සමාජයත් එක්ක ගැටෙන්න නොදී ඔවුන්ව නිවාස අඩස්සියේ තියාගෙන ඉන්න උත්සහ කරන දෙමාපියන් නිසා, නව යොවුන් වයසේ ළමයින් අසාමාන්‍ය හැසිරීම්වලට පෙළඹෙන්න පුළුවන්. ඉස්කෝලේ ඇඳුමින් ඉන්න ළමයෙක් අතින් ඒ වගේ දෙයක් සිද්ධ වුණොත්, හොඳම දේ තමයි ඒ ඉස්කෝලෙට දැනුම් දෙන එක. මොකක් හරි ආයතනයකදී වෙච්ච දෙයක් නම්, ඒ ආයතනයේ වග කිව යුතු අංශයකට පැමිණිලි කරන්නත් ඔයාලට පුළුවන්.

5. අඳුනගන්න, ස්ප්‍රේ කරන්න

සරලවම කිව්වොත්, “පෙපර් ස්ප්‍රේ හොඳයි, අයිඩෙන්ටිෆිකේෂන් ස්ප්‍රේ හොඳායි”. මේ ස්ප්‍රේ වර්ගය ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්නගන්න පුළුවන්. කෙනෙක්ගේ සමට මේවා වැදුනාම, තාවකාලික වුණත්, ලේසියෙන් ඉවත් කරන්න බැරි විදියේ පැල්ලමක් හිටිනවා. ඒ වගේම අමුතු සුවඳකුත් එනවා මේකෙන්. කෙනෙක්ට හරිම පහසුවෙන් අඳුනගන්න පුළුවන් වෙන නිසා, පොලිසියේ අයගෙත් වැඩේ ලේසි වෙනවා.

6. කෙනෙක්ගේ ආරක්ෂාවට ඉදිරිපත්වෙන්න

හෙට අනිද්දා බඳින්න ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි අත් පටලන් ගියත් රවලා බලන්න නම් ඕනේ තරම් ඇන්ටිලා ඉන්නවා. ඒත් ඒ කෙල්ල ම පාරේ ඉන්න මේ වගේ නරුමයෙක්ගේ ග්‍රහණයට ලක්වුණොත්, ඊට එරෙහිව මීක් සද්දයක් දාන්න මොකෙක්වත් නැහැ. කවුරු මොනවා කිව්වත්, අද සමාජයේ වැඩිපුරම දැකගන්න ලැබෙන්නේ ඔන්න ඔය වගේ තත්ත්වයක්.

ලංකාවේ මිනිස්සුන්ගේ හොඳ හිත ගැන සෑහෙන්න ප්‍රසංසනීය කතා තිබුණත්, විපත්තියක් වෙද්දී දැක්කේ නෑ වගේ අහක බලාගෙන යන කැත පුරුද්ද දැන්වත් අත හැරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. කෙනෙක්ව සල්ලාලයෙක්ගේ ග්‍රහණයකට නතුවෙන්න යන බව ඉව වැටුණොත්, ඒ කෙනාව බේරගන්න එක ඔයාගෙත් යුතුකමක් වග හැමවෙලාවේම මතක තියාගන්න. මොකද අද දවසේ ඒ කටුක අත්දැකීමට මුහුණදෙන “ඇය”, හෙට “ඔබ” විය හැකියි. ඒ නිසා ඒ වෙනුවෙන් නැඟී හිටින එක, කතා කරන එක, මේ වගේ වින්නැහි තවදුරටත් වෙන එක වළක්වාගන්න පුළුවන් විදියක්.

කාන්තාවකට මේ වගේ දෙයක් වුණාම සමහර වෙලාවට අවට ඉන්න කාන්තාවක් එයා වෙනුවෙන් ඉදිරිපත් වුණත් අර කලින් කීව වගේ වෙනස් විදියේ ලිංගිකත්වයන් තියෙන කෙනෙක් ව අපහසුතාවට පත්කරද්දි එයාලා වෙනුවෙන් කවුරුත් ඉදිරිපත්වෙන්නෙ නෑ.

ඔයා කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත්, කරදරේට පත් වුණ කෙනා කවුරු වුණත්, තවත් මනුස්සයෙක් කරදරයට වැටුණු වෙලාවට එයාට උදව් කිරීම තමයි මනුස්ස ගතිය. අඩු ගානේ ඒ අවම දේවත් කරන්න.

පවුල හදා රට හදමු

ගොඩක් වෙලාවට මේ වගේ මානසික තත්ත්ව තියෙන බොහොමයක් පිරිමි අයගේ පවුල් පසුබිම් ගොඩක් අවුල් (එහෙම නැති අයත් නැතුව නෙවෙයි). ඒ නිසා හොඳම දේ තමයි, පවුලක් විදියට මේ වගේ පුද්ගලයෙක් සමාජයට තිලිණ නොවෙන්න වැඩ කරන එක. තමන්ගේ දරුවන්ගේ හැසිරීම් ගැන අවධානයෙන් ඉඳලා, ඒවායේ අසාමාන්‍ය බවක් තියෙනවනම්, ඒ ගැන හංගාගෙන ඉන්න එක නෙවෙයි විය යුත්තේ. ඒක සුව කරන්න අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාදීමයි.

ගැහැණු ළමයින්ගේ ආත්ම ශක්තිය ගැනත් පොඩ්ඩක් වැඩිපුර අවධානයක් දෙන්න ඕනේ. මඟ තොටේදී කණට කරල “ආහ් නංගි, පු* සුදුද?” වගේ ප්‍රශ්න අහන අය ඇත්තට ම ඒ ප්‍රශ්න අහන්නෙ උත්තර බලාපොරොත්තුවෙන් නෙවෙයිනේ. ඇත්තටම එයාලා මේ වැඩේ කරන්නේ  ‘ලැජ්ජා බයට’ හැදුණු ගෑණු ළමයි ඔළුව නමාගෙන යනව මිස මේවට ප්‍රතිචාර දක්වන්නෙ නැති බව ෂුවර් එකට ම දන්න නිසා. (සහ එයාලාට කෙනෙක් එක්ක මූණට කතාකරලා සම්බන්ධතාවයටක් ගොඩනගාගන්න තරම් පෞරුෂයක් නැති නිසා.) ඉතිං ඒ වගේ වෙලාවට ඒවට නිසි ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදියේ පෞරුෂයක් මේ හරහා එයාලට  ලබාදිය යුතුමයි.

සංස්කෘතියට විතරක් නෙවෙයි සංචාරක කර්මාන්තය, ආර්ථිකය වගේ අංශ කෙරෙහි විතරක් නෙවෙයි, හැම සම්බන්ධතාවට ම මේක බලපානවා. ඇයි ඉතිං කොයි වෙලාවෙත් නාදුනන අය ගැන බයෙන් සැකෙන් ජීවත් වෙන සමාජයක කලින් අදුනන් නැති කෙනෙක් එකක් ආදර සම්බන්ධතාවක්වත් පටන්ගන්නෙ කොහොමද?

පවුල හදලා රට හදන එක මේ තරම් වැදගත් වෙන්නේ ඒ නිසාමයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide