මෙදා පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන අය දැනගෙන ඉන්න ඕන විශේෂ කාරණා 6ක්.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් හැම අවුරුද්දක ම සංවිධානය කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දෙත් අදින් ආරම්භ වුණා. අද (සැප්තැම්බර් 18) ඉඳන් සැප්තැම්බර් 27 වෙනිදා දක්වා උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී බුක් ෆෙයා එක පැවැත්වෙනවා.

කොරෝනා වසංගත පැතිරීම නිසා ලෝකේ හැම රටේ ම වගේ ම අපේ රටෙත් ජන ජීවිතය, එදිනෙදා කටයුතු, උත්සව අවස්ථා ආදිය පහුගිය කාලේ අඩාල වෙලා නේ තිබුණේ. ඉතින් හුඟ දෙනෙක් හිතුවෙ මෙදා සැරේ නං පොත් ප්‍රදර්ශනේ තියෙන එකක් නැති වෙයි කියල. තාමත් වසංගත අවදානම සම්පූර්ණයෙන් ම පහ වෙලා නැතත්, දැන් දැන් යන්තම් ලංකාව අවදානමෙන් මිදෙමින් ඉන්න බව පේන්න තියන නිසා 2020 අවුරුද්දෙත් අඛණ්ඩ ව බුක් ෆෙයා එක පවත්වන්න පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට හැකි වෙලා තියනවා. ඉතින් කොරෝනා වසංගත ව්‍යාප්තියෙන් පස්සේ ලංකාවේ පැවැත්වෙන පළමු වෙනි විශාලතම ඉවෙන්ට් එක තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.

කොහොම වුණත් අවදානමක් තියන නිසා ම මේ පාර බුක් ෆෙයා එක පැවැත්වෙන්නේ වසංගතය පැතිරීම පාලනයට අවශ්‍ය දැඩි පියවර රැසක් අනුගමනය කරමින්. ඉතින් ඒ පැත්තේ තත්ත්වය කොහොම ද කියල බලන්න, මේ අවුරුද්දේ ඉස්ඉස්සෙල්ලා ම පොත් ප්‍රදර්ශනය පටන්ගත්ත අද දවසේ උදේ අපි ගියා BMICH එකට. 

ගිය ගමන් ම මූණ දෙන්න වුණේ හිතපු නැති දේකට. සතියෙ දවසක් වෙලත්, උදේ මහ වැස්සක් වැටුණත්, හා හා පුරා කියල බුක් ෆෙයා එක පටන්ගත්ත මුල් දවසේ ම මෙන්න මහා සෙනඟක් BMICH එකට ඇදිලා එනවා! ඔය පේනව නෙ පින්තූර. කොරෝනා කාලෙන් පස්සෙ තියන මුල් ම ලොකු ඉවෙන්ට් එක නිසා වෙන්න ඕන. පළමු වෙනි දවසේ උදේ ම මේ තරං සෙනඟක් එයි කියල කවුරු කවුරුත් බලාපොරොත්තු වුණේ නැති බව තමයි පේන්න තිබ්බෙ.

කොහොම හරි පොත් ප්‍රදර්ශනේ වට දෙක තුනක් ඇවිද්දට පස්සෙ, මෙදා පාර බුක් ෆෙයා යන අය දැනගෙන සිටිය යුතුයි කියල හිතෙන කරුණු කීපයක් අපි අඳුනගත්තා. ඒ ගැනයි මේ කියන්න යන්නෙ.

1 සෞඛ්‍යාරක්ෂාව

මේ සැරේ බුක් ෆෙයා එකේ පළමු තැන හිමි වෙන්නෙ සෞඛ්‍යාරක්ෂාවට. BMICH එකට ඇතුළු වෙන තැන ඉඳලා ම උෂ්ණත්වය මනින, සැනිටයිසර් සපයන, හැමෝම මුඛ ආවරණ දාගෙන ඉන්නවා ද කියල සැලකිල්ලෙන් බලන නිලධාරීන් හැම තැන ම. අපි ගියේ පටන්ගත්ත ගමන් ම නිසා, BMICH පරිශ්‍රයට පයින් වගේ ම වාහනවලින් ඇතුළු වෙන, එක්කෙනෙක් නෑර හැමෝගෙම ශරීර උෂ්ණත්වය ප්‍රධාන පිවිසුමේ දී ම  පරීක්ෂා කරනවා අපි දැක්කා. පළමු වෙනි දවසේ ඒක කරන්න පුළුවන් වුණත්, පාලනේ කරන්න බැරි තරං සෙනඟ පිරිලා ඉතිරිලා තදබදය වැඩි වෙන සතිඅන්තය වගේ දවස්වලට, පරිශ්‍රයට ඇතුළු වෙන හැම කෙනාගේ ම උෂ්ණත්වය පරීක්ෂා කරන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ. පුළුවන් නම් ඉතා ම හොඳයි.

ටිකට් ගන්න තැන තදබදය නිසා ඇති විය හැකි කොරෝනා අවදානම අවම කරගන්න, එන්න කලින් ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න කියල සංවිධායකයෝ කලින් ම උපදෙස් දීල තිබුණ නිසා අපි ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ගියාට, එතන හිටපු උදවිය එහෙම වගක් දන්න පාටක් වත් පෙනුණේ නෑ. ටිකට් නිකුත් කරන අය නම, ලිපිනය, දුරකතන අංකය වගේ මූලික විස්තර ලියන්න පොඩි ෆෝම් එකක් එන හැමෝගෙම අතට දුන්නට ඒක කවුරුත් පුරවනවා වත්, පුරවල නැවත බාර දෙනවා වත්, බාරගන්න තැනක් තියනවා වත් අපි දැක්කෙ නම් නෑ. කොහොම වුණත් එතනින් ඇතුළු වෙන හැමෝටම සැනිටයිසර් නම් සැපයුවා. ඒ වගේ ම ගමන් මලු පරීක්ෂාවකුත් සිද්ධ වුණා.

සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ තැන් තැන්වල අත් සෝදන සින්ක් පේළි සකස් කරලා තියනවා දකින්න ලැබුණා. විශේෂයෙන් ප්‍රධාන පෙළේ ලොකු පොත් සාප්පුවලට අයත් කුටිවලත් පිවිසුම් දොරටු ළඟ සැනිටයිසර් ලබා දෙනවා. ඒ වගේ ම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කෙරෙනවා.

ඒ වගේ විශාල කුටිවලට සහ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවට සෙනඟ ඇතුළත් කිරීමේදි වෙනදා වගේ රොත්ත පිටින් සෙනඟ ඇතුළට ගන්නෙ නැතිව, පෝලිම් සකස් කරලා කොටසින් කොටස තමයි කුටිය ඇතුළට ගන්නේ. එහෙම කරන්නේ සමාජ දූරස්ථකරණ නීතිරීතිවලට අනුකූල වෙමින්, කුටි ඇතුළේ හුස්ම ගන්න බැරි තරමට සෙනඟ පිරෙන එක වළක්වන්නයි.

ඒ වගේ ම මුදල් අතපත ගෑවෙන එක වළක්වන්න, විශාල කුටිවල නම් මුදලින් හැරුණාම කාඩ්පත්වලින් ගෙවීම් කිරීම ධෛර්යමත් කෙරෙනවා. මීට අමතරව, කොරෝනා පැතිරීම වළක්වාගන්න සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඔබ අනුගමනය කළ යුතු පියවර මොනවද කියලා, ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිතර ම මතක් කරන්නත් සංවිධායකයන් කටයුතු යොදලා තියනවා. ඒ වගේ ම පරිශ්‍රය පුරා ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු රාශියකුත් රාජකාරියේ නියැළිලා ඉන්නවා.

2 පහසුකම් 

මහ සෙනඟක් එන ඉවෙන්ට් එකක් නිසා, ඒ එන හැමෝටම අවශ්‍ය පහසුකම් ටික සංවිධානය වෙලා තියනවද කියල හොයා බලන එක වැදගත් නේ. විශේෂයෙන් සනීපාරක්ෂක පහසුකම්. පොත් ගන්න එන අයගේ පහසුව පිණිස පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ වැසිකිළි පහසුකම් සපයලා තියනවා. ඒ වගේ ම තවත් ලොකු ප්‍රශ්නයක් තමා පාකිං. තමන්ගේ වාහනවල බුක් ෆෙයා එන අයට ආරක්ෂිතව වාහන නැවැත්වීමේ පහසුකම් තියෙන්නේ කොහොම ද කියල බලන්න මෙන්න මෙතන ක්ලික් කරන්න.

ඊළඟට කෑමබීම ගැන. ඇත්තට ම පොත් ප්‍රදර්ශනේ පොත්වලටත් වඩා හයිලයිට් වෙන දෙයක් තමා කෑමබීම. ඇතුළු වුණ තැන ඉඳන් අපිට හම්බුණ කෑම කුටි ගාණ පොත් කුටි ගාණටත් වඩා වැඩියි ද මන්දා. හැම අවුරුද්දෙ ම එන්න එන්න අලුත් අලුත් කෑම කුටි බුක් ෆෙයා එකට එකතු වෙන බව තමයි පේන්න තියෙන්නෙ. නූඩ්ල්ස්, ෂෝටීට්ස්, අයිස්ක්‍රීම්, කිරි, සිසිල්  බීම කුටි වගේ ම ගල්කිස්ස හෝටලේ ෆුඩ්කෝට් එක එහෙමත් මේ පාරත් තියනවා. ඒ වගේ ම පොත් අරන් ඇවිදලා එන අයට මහන්සි නිවාගන්න තැන් තැන්වල තියපු වතුර ෆිල්ටර්ස් එහෙම සෑහෙන උදව්වක්.

හැබැයි ඉතින් කාලා බීලා කුණුකසළ තැන තැන නොදා පොලිතීන්, ප්ලාස්ටික්, ඉඳුල් සහ කඩදාසි විදිහට නම් කරලා වෙන් කරලා තියන කසළ බඳුන්වලට පිළිවෙළින් බැහැර කරන එක ඔබේ වගකීම.

3 ඩිස්කවුන්ට්

දැන් එමුකො වැදගත් ම කතාවට. ඒ තමයි ඩිස්කවුන්ට්. ඇත්තට ම බුක් ෆෙයා එකට මෙච්චර සෙනඟක් එන්න ප්‍රධාන ම හේතුව තමයි හැම පොතකට ම පොඩි හරි වට්ටමක් ලැබීම. ඉස්සර නං බුක් ෆෙයා එකේ කුටිවලින් 30%ක වට්ටමක් ලැබුණට, දැන් අවුරුදු කීපයක ඉඳල හැම කුටියක් ම නිල වශයෙන් දෙන වට්ටම 20%යි. ඊට වැඩි වට්ටම් ලැබෙනව නම් ලැබෙන්නෙ බාගේන් කුටි පැත්තෙන් තමයි. එතනින් 50% දක්වා වට්ටම් ලබාගන්න පුළුවන්. ගුණසේන බාගේන් කුටිය විතරක් සමහර පොත්වලට 75%ක වට්ටමක් දෙනවා දකින්න ලැබුණා.

විශේෂයෙන් අඩු මිලට ඉංග්‍රීසි පොත්, ඩික්ෂනරි එහෙම හොයන අය අනිවාර්යයෙන් බාගේන් කුටි පැත්තෙ යන්න. මීට අමතරව ස්ටොක්ස්වල ඉතුරු වුණ පරණ පොත් රු. 100ට අඩු පොඩි පොඩි ගණන්වලට මිල දී ගන්නත් බාගේන් කුටි පැත්තෙ ගියොත් පුළුවනි.

ඉංග්‍රීසි පොත් ගැන කියද්දි මේකත් මතක් කරන්න ඕන. මැටිල්ඩා, චාලි සහ චොක්ලට් ෆැක්ටරිය එහෙම ලියපු රෝල්ඩ් ඩාල් මතකයි නේද? පොත් 15කින් සමන්විත රෝල්ඩ් ඩාල්ගේ පොත් කට්ටලය ම රු. 4800ක් වගේ මුදලකට මිල දී ගන්න පුළුවන්, D හෝල් එකේ සුභා ප්‍රකාශන පැත්තෙ ගියොත්.

ඒ වගේ ම ඒ කුටියේ ම කොමික් බුක්ස්වලට වහ වැටුණු අයටත් පෙරළ පෙරළ බලන්න ගොඩක් දේ තියනවා. විශේෂයෙන් මාවල් කොමික්ස්වලට ආස පොඩ්ඩන්ට ලැබෙන හොඳ චාන්ස් එකක් මේක.

මුද්‍රිත පතපොතවලට අමතරව ස්ටේෂනරි මිලට ගන්නත් විශාල පිරිසක් බුක් ෆෙයා එකට එනවා. පාසල් යන පොඩ්ඩන්ගේ ලබන අවුරුද්දේ පොත් ලැයිස්තුව ගන්න එන අම්මලා තාත්තලා එහෙම මේ අතරෙ ඉන්නවා.

බොහොමයක් ස්ටේෂනරි කුටිවලත් 20% වට්ටම ම දෙන බව තමයි පේන්න තිබුණේ. හැබැයි H හෝල් එක පැත්තේ ගියොත්, සමහර අයිටම්ස්වලට විතරක් 30%, 50% වගේ වට්ටම් දෙන කුටියක් දෙකක් තියනවා.

4 ස්වර්ණ පුස්තක

2020 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත පොත් පහ ගැන සිංහල පොත් කියවන පාඨකයෝ හැමෝම උනන්දුයි නේ. මේ සැරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්තෙ එරික් ඉලයප්ආරච්චිගේ ‘පේත’ නවකතාව. ඒ එක්ක ම අවසන් වටයට නිර්දේශ වුණු අනෙක් පොත් හතර තමයි සුරත් ද මැල්ගේ ‘තී හා තා’, ශමෙල් ජයකොඩිගේ ‘කුමර කොබෙයි’, සුනේත්‍රා රාජකරුණානායකගේ ‘නිෂ්ක්‍රාන්තිය’ සහ ලියනගේ අමරකීර්තිගේ ‘රතු ඉරි අඳින අත’. ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතන කීපයක් ම මේ පොත් පහ එක බන්ඩලයක් විදිහට අඩු මිලකට දෙනවා. විශේෂයෙන් D සහ M හෝල් දෙකේ ඉන්න සරසවි ප්‍රකාශකයින්ගේ කුටිය පැත්තේ ගියොත් ගන්න පුළුවන්.

5 ෂර්ලොක් හෝම්ස් 

හැදුණොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් පොත් කියවන පිස්සුව. ඔන්න මේ පාරත් පොත් සමය වෙනුවෙන් ඔහුගේ ෂර්ලොක් හෝම්ස් පොතක් එළිදැකලා. ඒ තමයි ‘රහසිගත ලිපිගොනු – 19’ විදිහට ප්‍රකාශයට පත් වෙන ‘මුහුදු ගිනිඅවිය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා’. මේකත් සිංහල පොත් සහිත කුටි බොහොමයක ඉස්සරහින් ම ප්‍රදර්ශනය කරලා තිබුණා.

6 වෙනත්

පොත් ප්‍රදර්ශනේ කිව්වට මේකේ තියෙන්නේ පොත් විතරක් ම නෙමෙයි නේ. එන්න එන්න ම බුක් ෆෙයා එක පොත්වලට අමතරව තවත් විශේෂ ක්‍රියාකාරකම් රැසක් සහිත සැණකෙළියක සිරිය ගන්න බව මේ පාරත් පේන්න තිබුණා. ඇට්ලස් ස්කිල් ෆැක්ටරි, නෙස්ලේ ෆැමිලි ක්ලබ් එහෙම ඒ වගේ වෙනත් කුටි අතරේ කැපිලා පෙනුණා.

ඊට අමතරව බුක් ෆෙයා එකේ කුටි අතර ටිකක් දුර්ලභ, ඒ නිසා ම බොහොම වැදගත් කුටියක් අපේ ඇහැ ගැහුණා. ඒ තමයි H හෝල් එකේ සකුරා ආට් ස්ටෝර් එක. චිත්‍ර ශිල්පය ප්‍රගුණ කරන අයට එහෙම මේ ස්ටෝල් එක පැත්තේ ගියොත් සෑහෙන ප්‍රයෝජනවත් වේවි.

ඉතින් හැමෝටම සුබ පොත් සමයක් වේවා!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide