Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF 200 Offer sidebar banner Artwork for PMF essentials sbb 2

ඉවක් බවක් නැතුව බඩු ගන්න කලින් හිතන්න...

Panic Buying රෝගය!

Posted by

මේ දවස්වල කොරෝනා වයිරස් භීතිය නිසා සුපර්මාර්කට් හිස් වෙමින් යනව කියල ඕගොල්ලො දන්නව නෙ. දැන් කොරෝනාවලට වඩා Panic Buying රෝගය උත්සන්න වෙලා. කට්ටිය සුපර්මාර්කට්වල පිරිල ඉතිරිලා ඉන්නෙ, මේ ගන්න බඩුමුට්ටු කල් තියාගන්න පුළුවන් ද, ඇත්තට ම ගෙදරට ඕන ද කියලවත් නොහිතා. ඉතිං මෙහෙම අනෙක් මිනිස්සුන්ට මුකුත් ඉතුරු නොකර ඉවක් බවක් නැතුව බඩු ගත්තට, පාරිභෝගිකයෙක් විදිහට ඕන ම භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගන්නකොට හිතන්න ඕන දේවල් කීපයක් තියනවා. කෙටියෙන් කිව්වොත් ඒ තමයි පාරිභෝගිකයන්ගේ වගකීම්. ඉතිං මේ දවස්වල කට්ටියට තමන්ගෙ පාරිභෝගික වගකීම් අමතක වෙලා කියල පේන්න තියන නිසා ඒව මතක් කරල දෙන්නයි අපි හදන්නෙ.

ආ! තව එකක්... ලෝක පාරිභෝගික දිනය යෙදෙන්නෙ අනිද්දා හෙවත් මාර්තු 15 වෙනිදට.

භාණ්ඩවල කොලිටිය ගැන සැලකිල්ල

ඕන ම භාණ්ඩයක් ගන්න කලින් ඒකෙ ගහල තියන ලේබලය කියවන්න. නිෂ්පාදිත දිනය, බර, මිල, කල් ඉකුත් වන දිනය, නිෂ්පාදකයාගේ තොරතුරු හා එහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විස්තර අදාළ ලේබලයේ සටහන්ව තියනවද කියල බලන්න. ඒ වගේ ම කඩේකින් ඕන ම දෙයක් ගත්තම අමතක නොකර බිලක් ඉල්ලගන්න. ඔයා ගත්තෙ වොරන්ටියක් ලැබෙන්න ඕන භාණ්ඩයක් නං, ඒ වගකීම් සහතිකය ඔයාට දුන්නද කියල සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ම ලංකාවෙ විකුණන හැම විදුලි උපකරණයක් සඳහා ම මාස හයක වොරන්ටියක් අනිවාර්යයෙන් ම දෙන්න ඕන බව මතක තියාගන්න.

මීට අමතරව භාණ්ඩය හොඳ තත්ත්වයේ සහ ආරක්ෂාකාරීව තියනවද කියල දෙපාරක් හිතනව නම් ඇඟට ගුණයි.

තමන්ගෙ අවශ්‍යතා සහ වුවමනා ගැන සිහිය

බඩු හිඟයක් එනව කියල කටකතා පැතිරුණ පලියට රට වටේ ම තියන සුපර්මාර්කට් හිස් කරන්න කලින්, තමන්ට අත්‍යවශ්‍ය මොනවද, අවශ්‍ය මොනවද, ඕන නැත්තෙ මොනවද කියල විනාඩියක් නැවතිලා හිතන්න. වගකීම් සහගත පාරිභෝගිකයෙක් කියන්නෙ ආචාර ධර්ම දන්නා කෙනෙකුට.

මේ දඩිබිඩියේ ගන්න කෑමබීම, කල් තියාගන්න බැරි ඒව නං කූඹි ඇවිත් හරි, ගුල්ලො ගහල හරි, විනාශ වෙලා යන්න ඉඩ තියනවා. ඒ නිසා නාස්තිය අවම වෙන විදිහට සිහියෙන් වැඩ කරන්න.

ආත්මාර්ථය

ඔයා කලබලේට පිස්සුවෙන් අරං ගොඩ ගහ ගන්නෙ තව මිනිස්සු ගොඩකට පරිභෝජනය කරන්න තියන බඩුමුට්ටු. උදාහරණයක් විදිහට ඔයා ෂොපින් කාට් පිටාර ගලන තරමට සබන්, ටිෂූ, සැනිටයිසර් කුප්පි තොග පිටින් ගෙදර අරං ආවම, අනෙක් මිනිස්සු අත හෝදන්නෙ මොනවයින්ද කියල හිතුවද? තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථයෙන් මිදිලා, මේ වගේ උවදුරක් ආවම සාමූහිකව හිතමු..

පැමිණිලි කරන්න

තමන් ගන්න බඩුවල තත්ත්වය ගැන අතෘප්තිමත් නම් ඒ ගැන පැමිණිලි කරන්න දෙපාරක් හිතන්න එපා. හැබැයි පැමිණිලි කරද්දි වගකීමෙන්, සාධාරණව ඒක කරන්න වග බලා ගන්න. අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන විදිහට කලබල වෙන්න එපා.

පරිසරය ගැන හිතන්න

මේ ඇති වෙලා තියන බඩු ගොඩ ගහ ගැනීමේ මහා තරගෙන් වැඩි ම හානිය වෙන්නෙ පරිසරයට. විශේෂයෙන් ම මෙයින් නාස්තිය වගේ ම කුණු ප්‍රශ්නයත් උග්‍ර වෙනවා. නිසි පරිදි කසළ බැහැර කරන්න. ඔක්කොම කුණු එකට දාල පාරෙ තැන තැන දාල එන්න නං එපා. පරිසරය දූෂණය නොවන විදිහට භාණ්ඩ පරිභෝජනය කිරීම, හොඳ පාරිභෝගිකයෙකුගේ ලක්ෂණයක්.

Leave a comment