ටික්ටොක් කියන්නෙ හුඟක් අයට දිරවන්නෙ නැති ඇප් එකක්. හැබැයි ජීවිතේ ම ටික්ටොක් කරගත්ත අයත් නැතුවා නෙමේ. ටික්ටොක් උන්මාදය දරුණුවට ම වැළඳුණු රටක් තමයි ඉන්දියාව. ලෝකයේ ටික්ටොක් පාවිච්චි කරන්නන්ගෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් ම ඉන්නෙ ඉන්දියාවෙ කිව්වොත් විශ්වාස කරනවද?
කොහොම වුණත් මින් එහාට නම් ටික්ටොක් ඇප් එකට ලබන්න යන්නෙ හොඳ කලදසාවක් නෙමෙයි. කොයි තරම් උන්මාදයක් තිබුණත්, අද ඉඳන් ඉන්දියාවෙන් ටික්ටොක් පිටුවහල්!
ඉන්දීය රජය ටික්ටොක් ඇතුළු චීන ඇප්ස් 60ක් තහනම් කරන්න ඊයේ පියවර ගත්තා. ටික්ටොක්වලට අමතරව UC Browser, WeChat, Shareit, Baidu Map, CamScanner කියන ඇප්සුත් මේ අතරට අයත්. ඉතින් ඇයි මේ චීන ඇප්ස් ම තහනම් කළේ?
මේ තියෙන්නේ ඒකට හේතුව.
ඉන්දියාවේ පිහිටීම අනුව එය එක පැත්තකින් මායිම් වෙන්නේ චීනයට. ලෝකයේ රටවල් දෙකක් එකිනෙකට මායිම්ව පිහිටන බොහෝ අවස්ථාවලදී සිදු වෙන ආකාරයට ම, ඉන්දියාව සහ චීනයත් දේශසීමා ප්‍රශ්නයකට ගහමරා ගන්නවා. මේක පටන්ගත්තේ 1960 දශකයේ. තමන්ගේ රටේ දේශසීමා උල්ලංඝනය කරන බවට එකිනෙකාට චෝදනා කර ගනිමිනුයි මේ ගැටුම් නිර්මාණය වුණේ.
මේ දවස්වල දෙපාර්ශ්වය අතරේ උද්ගත වෙලා තියෙන ගැටුම්කාරී වාතාවරණය, දශක ගණනාවකට පස්සේ උද්ගත වුණු නරක ම සහ ප්‍රචණ්ඩකාරී ම තත්ත්වය බවයි ප්‍රවෘත්තිවලින් වාර්තා වෙන්නේ. ඉන්දියානු හින්දු සහ බෞද්ධ වන්දනාකරුවන් හිමාලය දුර්ගය ඔස්සේ ටිබෙට් දේශයේ පිහිටි තම පුදබිම් කරා ගමන් කරන බවටත්, ඒ අනුව ඉන්දියානු දේශසීමා ආරක්ෂක භටයන් ද ටිබෙට් දේශයට අනවසරයෙන් ඇතුළු වෙන බවටත් චීනය චෝදනා කරනවා. ඉන්දීය බලධාරීන්ගේ චෝදනාව වෙන්නේ චීන හමුදා භටයන් දේශසීමා ඔස්සේ සිකීම් ප්‍රාන්තයට ඇතුළු වෙලා තම බංකරවලට හානි පමුණුවලා තියන බවයි.
පහු වුණ සති දෙක ඇතුළත මේ ගැටුම්වලින් මියගිය ඉන්දීය සෙබළු ගණන විස්සක්. මේකට චීනයෙන් පලිගන්න බව ඉන්දියාව ප්‍රකාශ කරලා තියනවා වුණත්, මිලිටරි සහ ආර්ථික බලය අතින් ඉන්දියාව ඉන්නෙ චීනයට වඩා සෑහෙන පිටුපසින්. ඒත් රටවල් දෙක ම න්‍යෂ්ටික අවි සහිත රටවල් බවත් අමතක කරන්න බෑ. ලෝකයේ වැඩි ම ජනගහනය සහිත රටවල් දෙක අතර ඇති වෙලා තියන මේ ගැටුම, උඩින් පේන දේශසීමා ප්‍රශ්නෙන් එහාට ගිය බරපතල දේශපාලන ගැටලුවක් බවට දැන් පත් වෙලා.
ඒකට හේතුව ඉන්දියාව කියන අතිවිශාල ඔන්ලයින් මාකට් එක ගැන චීනයේ ටෙලි කමියුනිකේෂන් සහ සෝෂල් නෙට්වර්කිං ආයතන හැම වෙලේ ම ඇහැ ගහගෙන ඉන්න එක. බිලියන 1.3ක් වෙන ඉන්දියානු ජනගහනයෙන් සියයට පනහක් විතර ම අන්තර්ජාලය පාවිච්චි කරනවා. මේ අයව චීන අන්තර්ජාල නිෂ්පාදනවල ඔන්ලයින් පාරිභෝගිකයන් කරගැනීමෙන් චීනය විශාල ලාභයක් උපදවා ගන්නවා.
මීට අමතරව චීනය, ඉන්දීය අන්තර්ජාල පරිශීලකයන්ගේ විද්‍යුත් දත්ත ඉන්දියාවෙන් පිටත පිහිටි සර්වර්ස්වල ගබඩා කරනවා සහ ඒ දත්ත අනවසරයෙන් පාවිච්චි කරනවා කියන චෝදනාව ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය එල්ල කරනවා. මේ ගැන අන්තර්ජාල පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි රැසක් ඔවුන්ට ලැබිලා තියනව ලු.
මෙමඟින් තමන්ගේ රටේ ස්වාධිපත්‍යය සහ ස්වෛරීභාවය අභියෝගයට ලක් වෙන නිසා ඒ වෙනුවෙන් ඉක්මන් පියවරක් ගත යුතුයි කියලයි ඉන්දීය බලධාරීන් කියන්නේ. ඒ වගේ ම මේ චීන ඇප්ස් බ්ලොක් කරන එක අත්‍යවශ්‍යයි කියලා ඉන්දියාවේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයත් නිර්දේශ කරලා තියනව ලු.
ඉතින් මේ හේතු ඔක්කොම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම කියන කාරණය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව චීන ඇප්ස් 60ක් රට තුළ පාවිච්චිය තහනම් කරන්න ඊයේ පියවර ගත්තා. මේ තීරණයත් එක්ක මිලියන ගණනක ඉන්දීය අන්තර්ජාල පාරිභෝගිකයන්ගේ සයිබර් ආරක්ෂාව තහවුරු වෙයි කියල ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මේක චීනයේ සාක්කුවට විශාල බලපෑමක් කරන පියවරක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හැබැයි තාමත් මේ ගැන චීනය පාර්ශ්වයෙන් පිළිතුරක් ප්‍රකාශ වෙලා නෑ. කොහොම වුණත් දෙරටේ ම මිලිටරි ප්‍රධානීන් අතර දේශසීමා පිළිබඳව පැවැත්වෙන සාකච්ඡාවල තුන්වැනි වටය අද ඇරඹුණා. එතැනදී මේ ගැන උණුසුම් සංවාදයක් උද්ගත වෙන බවට පෙරනිමිති මේ වෙද්දි පේන්න තියනවා.
We love mojitos, and we love Coronas. So, we thought to bring the best of both worlds together with a refreshing Corona ...
Chocolate-biscuit-pudding is a dessert unique to Sri Lanka - here's an aunty showing you how it's done
Where, how, and why to find love in the paradise island.
දත් දෙපෙළ නිරෝගිමත් ව තබාගන්නේ කොහොමද?
A little break from the hustle and bustle of this city life.
Delete Comment