Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

රස්නෙයි නේ.. කමුද අයිස් පලමක්? රස වෑහෙන අයිස් ක්‍රීම් කන්න කියාපු කඩ 4ක්

ඔය අයිස් ක්‍රීම් කඩ හොයාගෙන යන අතරෙ හමුවෙන…

Posted by

ඉඳල හිටල පොඩි වැහි පොදයක් ගියාට, දවල්ට පාරට බැහැල බලන්න එපැයි තියෙන රස්නෙ. අර කතාවට කියනව වගේ 'ඉරට හැතැප්මයි' ද මන්දා. ඒත් ඉතින් මොනව කරන්නද? රාජකාරි වැඩක් වුනත් තමන්ගෙ වැඩක් වුනත් ගිනි මද්දහනෙ පාරට බහින්න අපි කාට කාටත් සිද්ධ වෙනවනෙ.

කුඩයක් ඉහිල ගෙන අව්වෙන් බේරුනා කියමුකො. ඒත් විනාඩි දහයට පහළවට ඇතිවෙන තිබහ? ඒක මකන්න නම් ලේසි වෙන්නෙ නෑ. වතුර ගැලුමක් වත් බොන්න වේවි. එහෙමත් නැත්නම් ෆෘට් ජූස් වීදුරු දෙක තුනක් වත් බඩට දාගන්න වේවි. ඔය වැඩේ ඉතින් හැම දාටම හරියන්නෙ නෑනෙ. ඒකයි අපි හිතුවෙ හැමදාටම වගේ හරියන වැඩක් ඔයාලට කියන්න.

එහෙනම් කමු, රසම රස අයිස් පලමක්. හිතේ හැටියට, එක එක රස වලින්, තිබහ නිවෙනකම් විතරක් නෙවෙයි බඩ කට පිරෙනකම් වුනත්. බලන්නකො අපි මේ කියන කඩයක් දෙකක් පැත්තෙ ගිහින් අයිස් ක්‍රීමක් කාලා කොහොමද කියල. හැබැයි රස ගැන කමෙන්ට් කරන්න නම් අමතක කරන්න එපා.

1. Cremalato

කුරුඳු, චොකලට්, වැනිලා, පොල්, කෝපි, බිස්කට්, ස්ට්‍රෝබෙරි, අඹ, අලිගැටපේර, කොහොමද රස ජාති තොගය. ඔය ටිකයි, තව පට්ට රස අයිස් ක්‍රීම් ජාති හත අටක්ම තියෙනව. මිලි ලීටර් 500ක් රු. 600යි වෙන්නෙ. තුන්දෙනෙක්ට හිතේ හැටියට කන්න පුළුවන්. එක්කෙනෙක් කනව නම් රු.300ට තියෙනව මිලි ලීටර 225 පොඩි කප්. බල බල ඉන්න එපා දැන්ම යන්න බම්බ, කොල්ලුපිටි මායිමේ තියෙන ඒ. ඇන්ඩ් එම්. කප් කේක්ස් එකට.

2. Rio Ice Cream

වැල්ලවත්ත මරීන් ඩ්‍රයිව් එකේ තියෙන රියෝ එක ගැන ගොඩක්ම දන්නෙ කපල් තමයි. මොකද මෙතන නිදහසේ පාඩුවෙ ඉඳගෙන අයිස් ක්‍රීමක් රස බලන්න කියාපු තැනක්. රස වර්ග දහය දොලහකම අයිස් ක්‍රීම් ජාති රියෝ එකෙත් තියෙනව. චොකලට්, ස්ට්‍රෝබෙරි, චෙරි, චොකලට් චිප්ස්, කජු, බිස්කට්, අඹ, ෆෘට් ඇන්ඩ් නට්, වැනිලා වගේ රස වලින් එන අයිස් ක්‍රීම් බෝල තුනක් දාපු බෝල් එකක් රු. 250ක් වගේ වෙන්නෙ. කෑදරයිම නම් තනියෙන් කන්නත් පුළුවන්. ඒ වුනාට බෙදා ගෙන කෑවොත් නේ හොඳ.

3. Baskin Robbins

පොඩි අයට රු. 180යි. ලොකු අයට රු. 280යි. චොකලට්, වැනිලා, චොකලට් චිප්ස්, ෆෘට් ඇන්ඩ් නට් වගේ රස ජාති හත අටකින්ම එන බාස්කින් රොබින්ස් එකේ අයිස් ක්‍රීම්, කෝප්ප වලට විතරක් නෙවෙයි ක්‍රිස්පි ගතියෙන් අනූන වොෆල් කෝන් වලටත් ගන්න පුළුවන්. කියන්න බැරි වුනානෙ මේ රසම රස අයිස් ක්‍රීම් තියෙන්නෙ බම්බ ඩුප්ලිකේෂන් පාරෙ කෙලවරේම, වම් අත පැත්තෙ. ඒ හැරුණාම කොල්ලුපිටිය ගාලු පාරෙයි, යුනියන් ප්ලේස් වලයිත් තියෙනව.

4. Frozen

නමේ හැටියටම මෙයාල ලඟත් තියෙන්නෙ අයිස් යෝගට් තමයි. හැබැයි පට්ට විදියට රස කරල තියෙනව. පොල්, වයිල්ඩ් බෙරි, බෙල්ජියම් චොකලට්, රටකජු බටර්, මයිලෝ දාලා රස කරපු අයිස් යෝගට් කෝප්පයක් රු. 150යි. එතකොට රටකජු බටර්, මාර්ෂ් මෙලෝස්, බැදපු කජු, චොකලට් අයිස් ක්‍රීම් දාපු පට්ට රස අයිස් යෝගට් එකක් රු. 300යි. ඇහෙද්දිත් කටට කෙල උනනව ඇතිනේ. හැබැයි ඉතින් රස බලන්න ඕන නම් හයිඩ් පාර්ක් වල ආර්පිකෝ සුපර් සෙන්ටර් එක පැත්තට යන්න වෙනව.

ඔය කඩ ටික කොහේ කොහේ තිබුනත් අපි දන්නව කට්ටිය අයිස් ක්‍රීම් නම් අත ඇරල යන්නෙ නෑ කියල. හොයාගෙන ගිහින් හරි කනවනෙ. හැබැයි ඒක නෙවෙයි කාරණේ, ඔය අයිස් ක්‍රීම් කඩ හොයාගෙන යන අතරෙ හමුවෙන තවත් අයිස් ක්‍රීම් කඩ තියෙනව නේ. අන්න ඒ ටික අපිට කමෙන්ට් කරන්න. අපිත් ආසයි අළුත් තැනකින් අයිස් ක්‍රීමක් රස බලන්න.

Leave a comment