උණු උණු චීස් බේරෙන රසම රස පැස්ටා; රු. 500ට අඩුවෙන් රස බලන්න කියාපු කඩ 5ක්.

මෙලෙක් වුනු චීස් රසයි සුවඳයි එක්ක පැස්ටා, මැකරෝනි පිඟානක් මේසෙට එද්දි, කටට කෙල උනනව නේ. ඒ විතරක් නම් බැරියැ, රස පදමට ගැලපෙන තක්කාලි සෝස් ටිකකුත් එකතු වුනාමනෙ බලන් ඉන්න බැරි. සුවඳයි රසයි හරි හරියට රස නහර පිනවන අතරෙ පැස්ටා පිඟන් ඉවර වෙන්නෙ විනාඩියට දෙකට.

හැබැයි ඉතින් ඒ විදියට එන්නෙ ඉටෑලියන් ස්ටයිල් එකට පැස්ටා හැදුවාම තමයි. ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හැදුවාම එන්නෙ වෙන රසක්. සැර ටිකක් වැඩි, චීස් බේරෙන තරමටම නැති, එතකොට කැරට්, ලීක්ස් ටිකකුත් එකතු වුනු, ඇත්තටම ඒකත් නියම රසක්.

කොහොම වුනත් නිතර දෙවේලෙ නොකෑවට පැස්ටා, මැකරෝනි කියන්නෙ අපි කවුරුත් ආස කරන කෑමක්නෙ. මේවයෙ තියෙන එකම අවුල තමයි ඔරිජිනල්ම ඉටෑලියන් පැස්ටා වල ගාණ වැඩි එක. එහෙමයි කියල පැස්ටා නොකා ඉන්නත් බෑ. අන්න ඒ නිසයි අපි හිතුවෙ අඩු ගාණට ඔරිජිනල් පැස්ටා රස බලන්න පුලුවන් තැන් ටිකක් ඔයාලට කියන්න.

එහෙනම් ලෑස්ති වෙන්නකො අද හෙටම චීස් රස වෑහෙන පැස්ටා පිඟානක් රස බලන්න. හැබැයි රස බලල විතරක් මදි, අඩු පාඩු තියෙනව නම් අපිටත් කියන්න ඕන හොඳද.

1. Bread Talk

පාන් වලට නම් දැරුවට මෙයාල ලඟත් තියෙනව රස චීස් පැස්ටා. රු. 450ක් විතර වෙන්නෙ. හැබැයි බඩ පැලෙන්න හිත පිරෙන්න කන්න පුලුවන්. චීස් රසත් අඩු නැතිවෙන්න හැදෙන බ්‍රෙඩ් ටෝක් එකේ පැස්ටා වලට ගම්මිරිස් චුට්ටකුත් එකතු වුනානම් තමයි මරු. එහෙම නැත්නම් ටබැස්කෝ සෝස් ටිකක් හරි තියෙන්න ඕන. කොහොම වුනත් කට්ටිය අතරෙ නැගල යන්නෙ මෙයාල හදන වෙජි පැස්ටා එක තමයි. ඒ හැරුණාම චිකන් බේකන් ස්පැගටිත් තියෙනව. සමහර විට ගාණ වැඩි නිසා ගොඩ දෙනෙක් ගන්නෙ නැතුව ඇති.

2. TGI Friday

අපි දන්නව, හැමෝම නම් සුදු ලූණු රසට එච්චරටම කැමති නෑ කියල. ඒ නිසා කැමති කට්ටිය විතරක් යන්න, හවස් ජාමෙ අල්ලල කොටුව ලංකා බැංකු පාරෙ ටි ජී අයි ෆ්රයිඩේ එකට. රසම රස සුදු ලූණු, එළවලු පැස්ටා එකක් බඩට දාගන්න පුලුවන්. ගාණත් රු. 450ක් වගේ වෙන්නෙ. හැබැයි පාඩු නෑ. මොකද ඔරිජිනල් ඉටෑලියන් රසට හැදුණු පැස්ටානෙ මෙයාලා ලඟ තියෙන්නෙ. උණු උණු ක්‍රීම් චීස් බේරි බේරි මේසෙට එද්දි පැත්ත පළාතම සුවඳයි. ඒ සුවඳට කටට කෙල උනන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්. වෙජි පැස්ටා හැරුණාම මෙයාලා ලඟ චිකන්, සී ෆුඩ්, බීෆ් පැස්ටා එහෙමත් තියෙනව. රසත් පංකාදු පහයි. හැබැයි සෑහෙන්න ගණන්, රු. 1000ට කිට්ටුයි.

3. The Cricket Club Cafe

කොල්ලුපිටිය ෆ්ලවර් පාරෙ තියෙන ක්‍රිකට් ක්ලබ් කැෆේ එක ටිකක් පොෂ් තැනක් වුනාට රු. 400කට 500කට පැස්ටා එකක්, ස්පැගටි එකක් රස බලන්න බැරි කමක් නෑ. ක්‍රීම් චීස් බේරෙන වෙජි පැස්ටා වගේම මෙයාලගෙ චිකන් බේකන් ස්පැගටි එහෙමත් පට්ට රසයි. හැබැයි ඉතින් ඔරිජිනල්ම ඉටෑලියන් රසට හැදෙන නිසා සැර ගතියක් නම් නැති තරම්. වෙනසක් ගන්න ඕන නම් ටබැස්කෝ සෝස් හරි තක්කාලි සෝස් හරි එකතු කරගන්න වෙනව. කොහොම වුනත් පිඟානක් පුරවල මේසෙට එන ක්‍රකට් ක්ලබ් එකේ පැස්ටා, ස්පැගටි ගොඩ දෙනෙක් අතරෙ ප්‍රසිද්ධ රෑ කෑමක් විදියට තමයි. මොකක් හරි රහසක් වත් තියද දන්නෙ නෑනෙ. ඒ නිසා ඔයාලත් හවස් ජාමෙ අල්ලල ගියා නම් තමයි හොඳ.

4. Off The Hook

යම්ම්… මතක් වෙද්දිත් කටට කෙල උනන තරම් රසක්. ඇත්තටම කිරුලපන ඕෆ් ද හූක් එකේ මෂ්රූම් පැස්ටා එක නම් පංකාදු පහයි. අඩුයි කියල රසක් කියන්න නැති තරම්. කොටින්ම කියනව නම් ගම්මිරිස් වලින් එන ලා සැර ගතියකුත් තියෙනව. ලුණු රසත් නියම ගාණට. ඒ විතරක් නෙවෙයි උණු උණුවෙ බේරෙන ක්‍රීම් චීස් වලින් එන රස, සුවඳටත් එහා. ඒ රස මෂ්රූම් වලට එකතු වුනාම බලන්න එපැයි රස නහර පිනා යන අපූරුව. තොල කට ලෙව කැවෙන්නෙ ඉබේටම වගේ. හැබැයි ඉතින් අවාසනාවට ඕෆ් ද හූක් මෙනුවෙ තියෙන්නෙ එකම එක පැස්ටා ජාතියක් විතරයි. ඒකත් රු. 450ක්.

5. Light House Galley

අපේ රසයි ඉටෑලියන් රසයි නියම පදමට එකතු වෙලා හැදෙන පැස්ටා, ස්පැගටි කන්න කියාපු තැනක් තමයි කොටුව චෛත්‍ය පාරෙ ලයිට් හවුස් ගැලේ එක. සැරෙන් වගේම චීස් රසයෙනුත් බඩ කට පුරව ගන්න පුලුවන්. මෙයාලා ලඟ ගොඩක්ම තියෙන්නෙ තායි රසට හැදෙන ස්පැගටි වුනාට අතරින් පතර චීස් බේරෙන ස්පැගටි එකකුත් රස බලන්න බැරි කමක් නෑ. හැබැයි ඉතින් ගාණ නම් ටිකක් සැරයි. රු. 500ක් විතර වෙනව. හැරත් මෙයාලගෙ චිකන් ස්පැගටි එකට වඩා සීෆුඩ් ස්පැගටි එක සෑහෙන්න රසයි. ඒ නිසා ලයිට් හවුස් ගැලේ ගියොත් මතක ඇතුව සී ෆුඩ් ස්පැගටි එකක් රස බලන්න, හොඳද.

ඒක නෙවෙයි පැස්ටා ගැන ඔයාලට කියල කියලම මටත් පැස්ටා කන්න ආස හිතිල තියෙන්නෙ. වැඩේ කියන්නෙ අලුත් තැනක් ගැන දන්නෙ නෑනෙ. ඔයාල දන්න තැනක් තියෙනව නම් කියන්නකො, අද බැරි නම් හෙටවත් ගිහින් කාලා එන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide