ආසයි නෙහ්?
කාලෙකට පස්සෙ නේ..
මොකද කියන්නෙ? නිවාඩුව අල්ල කරල, බීර ටිකක් එහෙම ගෙනැල්ල දාමුද පොඩි ගැලපිල්ලක්…
ඔ්කේ කට්ටියට, ඔන්න පහලින් තියෙනව..
අපේම.. ටොප් පෝර්ක් රෙසිපි ටිකක්!
ටිකක් වෙනස් රසකට.. පෝර්ක් කාලා බලන්න, හදල බලමු පරණම රෙසිපියකට පෝර්ක්!
ඇත්තටම මේකට ගන්න ඔ්න පෝර්ක් මස් කෑලි වලින්. අරගෙන.. හොඳට හෝදල කරල මැටි ඇතිලියකට දාලා ඒකට දාන්න දෙහි ඇති පදමට පොඩි පොඩි පෙති කපල. දාලා.. ලුණු ටිකකුත් ඉහල තියන්න වරු බාගයක් විතර පදම් වෙන්න. ඊට පස්සෙ ඒකටම කහ, ගම්මිරිස් දාලා ලිපේ තියල පදමට තම්බගන්න. ඒ අතරට ඉඟුරු කෑල්ලක්, සුදුළූණු, ගොරකා සියඹලා එහෙමත් දැම්මට අවුලක් නෑ. කොහොමහරි තැම්බුමේ වතුර හිදීගෙන එනකොටම පොල් කිරි, අමු මිරිස්, ලූණු, රම්පෙ කරපිංච, අමු තුනපහ ටිකක් එහෙමත් දාලා.. ලාවට හොද්ද තියෙන්න හින්දල ගන්නයි තියෙන්නෙ.
ම්.. උණු උණු රතුබතකට වගේ නම්.. ලෙසටම තියෙයි ඈ...
මේකට නම් තෙල් කෑලි ටිකක් තිබ්බට කමක් නෑ. හැබැයි සියලු පෝර්ක් පොඩි පොඩියට කැපිල තියෙන්න ඔ්න. ඒ විතරක් නෙවෙයි, ඒවා හොඳට හෝදල මැටි ඇතිලියක.. බැදපු තුනපහ, ඉඟුරු සුදුළූණු, සියඹලා, අබ, දෙහි, ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු එකතු කරල හදපු මිශ්‍රණයක වරු බාගෙකට එහා පැත්තෙ පදම් වෙන්න තියන්නත් ඔ්න. පදම් වුනාට පස්සේ.. ඒකටම වතුර දාලා දර ලිපේ කට්ටට හින්දල ගන්නයි තියෙන්නෙ. ආයෙ පාන්, පරාටා එහෙම... මැරුවහැකි ඈ...
මේක නම් යාළු ආදිවාසී රෙසිපියක්. ටිකක් මොඩිෆයි කරල තියෙන්නෙ.
මේකෙදි ගන්නෙ ගොඩක් දුරට පෝර්ක් රිබ්ස්. නැත්නම් චොප්ස් එහෙමත් අවුලක් නෑ. කොහොමහරි අරගෙන තෙලත් එක්කම, මැටි ඇතිලියක පදම් කරනව කොච්චි, ලුණු, දෙහි, ඉඟුරු සුදුළූණු ඇඹරුමක් හොඳ ඝනේට අතගාලා. පදම වරුවකට කිට්ටුවෙන්න වගේ ඇල්ලුවට පස්සේ.. ඒවා අමු කෝටුවල ගහල අමු දර අඟුරු ගොඩක් උඩ දෙපැත්ත ද දා පුච්ච ගන්නයි තියෙන්න. හැබැයි ඒ ගැම්මටම අනික් පැත්තට කන්නෙ එහෙම නෑ.. ඒවා නිවෙන්න ඇරල ඉස්සෙල්ලම පිච්චුම් සියල්ල පිහියකින් හූරල අයින් කරල තමයි පොඩි පොඩි කෑලි කපල වලට කපල...
උතුරු නැගෙනහිර පැති වලින් ගොඩ බැහැපු රෙසිපි තමයි ඈ.. එයාලා මොකක්ද දන්නවද කරන්නෙ. හොද පෝර්ක්, මස් කෑලි වලින් අරගෙන, පොඩි පොඩියට කපල, වෙනමම තම්බනව ලුණූ, ගම්මිරිස්, මිරිස්, බැදපු තුනපහ අඩුම කුඩුම සියල්ලම දාලා. තම්බලා පිට්ටු බම්බුවෙ යටටම පිටටු මිශ්‍රණ තට්ටුවයි, ඊට පස්සෙ පෝර්ක් තට්ටුවයි, ආයෙත් පිට්ටු තට්ටුවයි වගේ දාලා වක්කරනව පොල්කිරි ටිකක් ජැෆ්නා කුළුබඩු හොඳහැටි කලවම් කරපු. වක් කරල තමයි තම්බන්නෙ.
ආයෙ ඉතින්.. බානව විතරයි, වාශ්පයි කියයි හොඳේ..!
Countries that let you in without a fuss with your Lankan passport
Safe, clean, and nice rooms in Colombo for couples. Sorted by price bracket.
Flavours of Asia delivered to your doorstep.
A Guide to Getting Down in C-Town.
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Delete Comment