Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

කටට රහට ගෙදරදිම හදාගෙන රස බලන්න.. පංකාදු බත් වර්ග 4ක්!

අතුරලා තුනපහ, මිරිස්, කහ අවශ්‍ය පදමට…

Posted by

1. නෙළුම් අල කිරිබත්

මුලින්ම නෙළුම් අල අරගෙන ඒවයෙ පොත්ත හූරල හෝදගන්න. ඊට පස්සෙ අල ටික හීනි පෙතිවලට ලියාගන්න. ලියලා ආයෙත් හෝදලා භාජනයකට දාලා අවශ්‍ය පදමට ලුණු දාලා ලිප තියන්න. ලිප තියලා අල පෙති ටික තැම්බීගෙන එනකොට හැන්දකින් ඒවා පොඩි කරන්න. පොඩි කරලා ඒකටම හාල් සහ පොල් කිරිත් දාලා, ඔ්න නම් රතුලූණු ගෙඩියකුත් ලියලා දාලා කිරිබත හදාගන්න. හැබැයි මේක කෑමට.. කට්ට සම්බෝලයටත් වඩා ගැලපෙන්නෙ කිතුල් පැණි හරි මිරිසට උයපු නෙළුම් අල හොද්දක් හරි තමයි.

2. මාලු ඉඹුල් කිරි බත්

ඉස්සෙල්ලම මාලු ටික.. තලපත්, බලයා, ඉස්සො, දැල්ලො ග්‍රෑම් 100 ගාණෙ වගේ අරගෙන සුද්ද කරලා, හෝදලා පොඩි කොටු කපාගන්න ඔ්න. ඊට පස්සෙ සුදු ලුනු ටිකක් තලලා, කරපිංචා පොඩියට ලියලා.. තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට දාන්න. ඒ අතරට උලුහාලුත් ඒ තෙලේම බැදගන්න ඔ්න. කොහොමහරි ඒ ටික බැදීගෙන එනකොට.. දාන්න මාලු සියල්ල! දාලා ලාවට බැදෙන්න අරින්න. මාලු ටික.. පොඩියට රත්තරන් පාට වැටීගෙන එනකොටම තුනපහ, ලුණු, ගොරකා එහෙමත් දාලා දියකිරි ටිකකින් අඩියටම හින්ද ගන්න. මතක තියාගන්න ඔය සියල්ල අතරට වෙනමම කිරිබතකුත් හදාගන්න ඔ්න. කොහොමහරි අන්තිමට.. කෙහෙල් කොලයක් උඩ කිරිබත් තුනී තට්ටුවක් දිගඇරලා අර මාලු මිශ්‍රණයෙන් ඇති පදමට මැද්දට දාලා, කෙහෙල් කොලේ දෙපැත්තෙන්ම අල්ලලා අඹරලා ගුලි හදාගන්න..

කොහොමත් ඔ්ක නිකම් කන්න පුලුවන්. හැබැයි මාලු වලින්ම හොද්දකුත් හදාගත්තා නම් පංකාදුයි.

3. සේවරි චිකන් රයිස්

මුලින්ම තක්කාලි, ළූණු, කුකුල් මස් ලොකුවට කපාගන්න. ඒ අතරට තාච්චියකට තෙල් ටිකකුත් රත් කරගන්න. තෙල් රත් වේගෙන එද්දි කරපිංචා, රම්පෙ, ඉඟුරු, සුදුළූණු, කුරුඳු, එනසාල්, කරාබු අවශ්‍ය පදමට දාලා ලාවට බැදෙන්න අරින්න. ඒ ටික බැදිලා සුවඳ ගහගෙන එද්දී.. දාන් බාස්මතී හරි කීරි සම්බා හරි හාල්. දාලා හාල් ටිකත් ලාවට බැදීගෙන එද්දී.. දාන්නයි තියෙන්නෙ චිකන් ටිකයි, ලූණු, තක්කාලි සියල්ලයි. දාලා බත ඉදෙන්න අවශ්‍ය ගාණට වතුරත් දාලා තම්බගන්න. කොහොමහරි මේක බෑවට පස්සෙ කජු, කොත්තමල්ලි කොළ වලින් සරස ගන්නත් පුලුවන්. ඒ නැතත් අනිවා මස් හොදි ටිකකුයි, චිලිපේස්ට් ටිකකුයි නම් ලංකරගන්න.

4. මක්ලූබා රයිස්

මුලින්ම.. ලෑස්ති කරගන්න පොඩියට කපලා ගැඹුරු තෙලේ බැදපු කැරට් ගෙඩි 2යි, වම්බටු ගෙඩි 2යි, අලගෙඩි 2යි, මල් ගෝවා ගෙඩි 1/2යි. ඊට පස්සෙ හීනියට ලියපු ලූණු ගෙඩි 2යි, පොඩියට කපපු කුකුල් මස් ග්‍රෑම් 500යි. ආයෙ ඔ්න බාස්මති හාල් හුණ්ඩුවක්. තව.. බේ ලීෆ්, කුරුඳු, ඉඟු‌රු, සුදුළූණු, ගම්මිරිස්, මිරිස් කුඩු, තුනපහ, එනසාල් සහ කරාබු.

මේ සියල්ල ලංකර ගත්තට පස්සෙ හාල් හොඳට හෝදලා ඒකට තුනපහ, එන්සාල්, කුරුඳු, කරාබු, ලුණු දාලා.. තාච්චියකට තෙල් ටිකක් රත් කරගෙන ඒකෙන් ලාවට බැදගන්න. ඒ බදිද්දි, ඒකටම.. තලපු ඉඟුරු, සුදුලූනු, ලූනු, ගම්මිරිස්, ලුනු, මිරිස් කුඩු, කහ, තුනපහත් දාලා බැදගන්න. කොහොමහරි මේ එකක්වත් පාට වෙනකම් බැදෙන්න අරින්න එපා. ලා පාට වේගෙන එද්දිම කුකුල් මසුත් දාන්න. දාලා ඊට පස්සෙ බැදෙන්න අරින්න. හරියටම කුකුල් මස් ටික පාට වෙන්න බැදුනත් කමක් නෑ. කොහොමහරි අවසානයෙ මස් උසෙන් බාගයක් වගේ පිරෙන්න වතුර දාලා සියල්ල පදමට තම්බගන්න. හරියටම ගත්තොත් වතුර බාගෙට හිඳෙන ගානට. එහෙම තැම්බුනාට පස්සෙ කරියෙන් මස් කෑලි ටික විතරක් වෙන් කරලා අරගෙන.. භාජනයකට දාලා අර බැදලා ලෑස්ති කරපු එළළුළු සියල්ල ඒ උඩින් අතුරන්න. අතුරලා තුනපහ, මිරිස්, කහ අවශ්‍ය පදමට දාලා හාල් හුණ්ඩුවයි ඒක තැම්බෙන්න ඔ්න වතුර ප්‍රමාණයයිත් දාලා ලිපේ තියන්න. තියලා බත තැම්බීගෙන එනකොට අර මුලින් හදාගත්ත කරියෙ හොදි මිශ්‍රණයත් දාලා බාලා ගන්නයි තියෙන්නෙ.

එකක් කියන්න ඔ්න. සාමාන්‍යයෙන් මේ බත කෑමට ගන්නෙ ජෑම් හරි මී කිරි, යෝගට් වගේ දෙයක් එක්ක තමයි හොඳද.

Leave a comment