හැමදාම කියන්නෙත් නෑනෙ ඉතින් මේවා..
ඒ නිසා කියවල බලල මතක තියාගත්තත් කමක් නෑ, හොඳද.
ගන්න හොඳ මහත මඤ්ඤොක්කා අලයක්. අරගෙන අඟල් බාගෙ විතර පෙති කපන්න. කපලා.. ලුණු පදමට දාලා හොඳට තම්බගන්න. තම්බලා නිවෙන්න ඇරලා කහ, ගම්මිරිස්, ඉඟුරු, සුදුළූණු, අබ, කොච්චි, සියඹලා එකට අඹරපු මිශ්‍රණයක, දෙහි ඉස්ම එක්ක පදම් වෙන්න අරින්න වරු බාගයක් විතර. පදම් වුනාට පස්සෙ බාබකියු සෝස්, බැදපු තුනපහ, මස්කරි පවුඩර්, මීකිරි එකතු කරලා හදපු මිශ්‍රණයක ගිල්වලා පැයක් විතර තියලා.. පදමට චාකෝල් ග්‍රිල් කරල ගන්නයි තියෙන්නෙ. ආයෙ.. පෝර්ක් පරාදයි ආ..
මේකට කොස් ගත්තත් පොලොස් ගත්තත්..
මුලින්ම පදමට ලුණු දාලා තම්බගන්න ඔ්න. ඊට පස්සෙ හීනියට ලියලා.. ගම්මිරිස්, බැදපු තුනපහ, කොච්චි, ඉඟුරු, සුදුළූණු, දෙහි ඉස්ම දාලා තලපෙ වෙනකම් ගලේ අඹරගන්න. අඹරල ඉවරවෙලා අල්ලෙ සයිස් එකට ගුලි හදලා.. බිත්තර සාරුවල දවටල ගැඹුරු තෙලේ බැදගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ෆ්‍රීස් කරලා අරගෙන මීට්බෝල්ස් වගේ උයන්නත් පුලුවන් කිරි ටිකක් එහෙම දාලා රසට!
මෝරපු, ඉදිච්ච මෑකරල්වල ඇට. ඔ්න තරම් ගන්න තියෙනව යාළු පොළක් පැත්තෙ ගියානම්. එයින් කිලෝ එකක් විතර ගෙනැල්ලා.. වතුරෙ දාලා තියන්න දවසක් විතර. එහෙම තිබ්බාම ඒවයෙ ලාවට මතුවෙනව අංකුර. අන්න ඒ අංකුර මතුවෙන්න පටන් ගන්නකොටම, ඇට ටික වතුර පෙරලා අරගෙන.. මැටි ඇතිලියකට තෙල් ටිකක් රත් කරලා, රම්පෙ කරපිංච, කෑලි මිරිස්, අමුමිරිස්, ගම්මිරිස්, බැදපු තුනපහ, මස්කරි, ගොරක, සුදුළූණු, ඉඟුරු ඇති පදමට දාලා ලාවට බැදෙන්න ඇරලා, සුවඳ ගහද්දිම දාන්න ඇට ටිකත්. දාලා ඒ ගැම්මටම දියකිරිත් හොඳ හැටි දාලා හිඳීගෙන එද්දි මිටිකිරෙන් නටවලා ගන්නයි තියෙන්නෙ..
ආයෙ මස්ම තමයි ඈ...
ලොකු හතු, නැට්ට ලඟින් කපලා විනාකිරිවල දාලා තිබ්බාම ටිකක් රබර් වගේ වෙනව. ඊට පස්සෙ ඒවා අරගෙන ලුණු පදමට එකතු කරන ගමන් හෙමිහිට රෝලර් එකකින් තලාගන්න. තලලා.. ඉඟුරු, සුදුලූණු අඹරලා වතුරත් එක්ක මිශ්‍ර කරලා හදාගත්ත දියාරුවක තම්බා ගන්න. තම්බලා එළියට අරගෙන.. ටිකක් පළලට පටි කපාගන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ ෆ්‍රීස් කරලා තියාගන්න පුලුවන් ඔ්න හැටියකට.
විශේෂයෙන්ම ඔය.. උදේට පාන් පෙත්තක් කන්න වගේ, හොඳ චීස් පෙති 2ක් එක්ක.. කියාපුම භාණ්ඩෙ ඈ.. හැබැයි ටොප් එකට පෑන් ෆ්‍රයි කරලා ගන්න ඔ්න!
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක්!
Countries that let you in without a fuss with your Lankan passport
We tasted every locally brewed and available beer. In the name of science!
Cafes with good work environments.
Delete Comment