Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

හැම්, බේකන්, සොසේජ්, චීස්, බිත්තර.. දාලා පටස් ගාලා හදන්න ටොප් කෑම ජාති 7ක්

මුලින්ම භාජනයකට බිත්තර, හෙවි ක්‍රීම්, පාමෙසාන් චීස්…

Posted by

1. එග් බේකන් කප්

මුලින්ම භාජනයකට බිත්තර, හෙවි ක්‍රීම්, පාමෙසාන් චීස් දාලා හොඳට බීට් කරගන්න. ඊළඟට ඒකට ලුණු, ගම්මිරිස්, බැසිල් කොළ එකතු කරලා කලවම් කරන්න ඔ්න. ඊටත් පස්සෙ තැටියක් අරගෙන ඒකෙ බේකන් තීරු සිරස් අතට, කෝප්පයක් වගේ වෙන්න මුලු දෙක යාවෙන විදියට අතුරලා.. අර කලින් හදපු බැටර් එක මැද්දට පුරවන්න. පුරවලා 180°C විතර, විනාඩි 12 -15 ක් බේක් කරගන්නයි තියෙන්නෙ.

2. බේකන් ග්‍රිල්ඩ් චීස් සැන්ඩ්විච්

පාන් පෙතිවල බටර් ටිකක් හොඳ හැටියට ගාන්න. පස්සෙ ඒ උඩ චීස් පෙත්තක් හෝ දෙකක් අතුරන්න. අතුරලා බේකන් තීරු, වැහෙන්නම අතුරන්න. අතුරලා.. හීනියට ලියපු ළූණුකොළ ටිකක් උඩින් දාන්න, ගම්මිරිස්, ලුණු කුඩුත් එක්කම. දාලා ආයෙත් චීස් පෙත්තක් හරි දෙකක් හරි තියලා.. අන්තිමට තවත් බටර් ගාපු පාන් පෙත්තකුත් උඩින් තියන්න ඔ්න. ඊට පස්සෙ ඉතින් බටර් ගාලා රත් කරපු පෑන් එකක දෙපැත්ත දදා ෆ්‍රයි කරගන්නයි තියෙන්නෙ.

3. චීස් ක්‍රේප්

හීනියට ලියපු මොසරැල්ලා චීස් ටිකක් බෝල් එකකට දාලා.. ඒකටම පාන්පිටි, කෝන්ෆ්ලා, චොප් කරපු තක්කාලි, ලූණු, අමුමිරිස් සහ කොත්තමල්ලි, ලුණු, ගම්මිරිස්, කුඩු එක්ක වතුරත් චුට්ටක් වෙන්න දාලා හොඳට කලවම් කරන්න. ඊට පස්සෙ පෑන් එකකට තෙල් ටිකක් රත්වෙන්න තියලා, අර මිශ්‍රණය දාලා ඕම්ලට් එකක් හදගන්න. හැබැයි මතක තියාගන්න ඔම්ලට් එක බාන්න කලින්, ඒ උඩට තව ඇති හැටියට මොසරැල්ලා දාලා මෙලෙක් වීගෙන එනකොට තමයි බාන්න ඔ්න.

4. කෝන් ඩෝග්ස් 

සොසේජස්වල දිග අතට දිග පික්ස් ගහගන්න. ඊට පස්සෙ බෝල් එකක් අරගෙන ඒකට පාන්පිටි, බේකින් පවුඩර්, ලුණු, බිත්තර, ෆ්‍රෙශ් මිල්ක් ටිකකුත් දාලා හොඳට මික්ස් කරගන්න. හොඳට මතක තියාගන්න එහෙම හදන බැටර් එක ගොඩක් දියාරු වෙන්නත් බෑ, උකු වෙන්නත් බෑ. දැන් උස ග්ලාස් එකක් අරගෙන ඒකට බැටර් පුරවලා.. අර ස්ටික්ස්වල ගහපු සොසේජ් දාලා හොඳට දවටවන්න. දවටලා ගැඹුරු තෙලේ පදමට බැදගන්නයි තියෙන්නෙ.

5. ස්පයිරල් සොසේජස්

මේකෙත් මුලින්ම සොසේජ් එක හරහා දික් අතර පික්ස් ගහගන්න ඔ්න. ඊට පස්සෙ පිහියක් අරගෙන සොසේජ් එකේ එක අයිනක ඉ​ඳලා රවුමට කපාගන්න වෙන් නොවෙන විදියට. මේ විදියට මුලු සොසේජ් එකම කපාගත්තට පස්සේ පික් එක දිගේම ඇදලා ඒක දිග ඇරගන්න. අන්තිමට පාන්පිටි, බිත්තර, බේකින්ග් පවුඩර්, ලුණු, ක්‍රීම් චීස් එකට දාලා, අනලා හදපු පිටි මිශ්‍රණයකින් හීනි පටි හදලා අර සොසේජ් එකේ මැද ස්පයිරල් එක දිගේ රවුමට එලන්නයි තියෙන්නෙ. එලලා ඉතින් ගැඹුරු තෙලේ බදින්නත් පුලුවන් නැත්නම් බේක් කරන්නත් පුලුවන්..

Leave a comment