ඡන්දෙන් පස්සෙ.. දිනපු කට්ටිය කොහොමත් සෙට්වෙනවනෙ.
ඒත් පැරදිච්ච ජනතාව?
එයාලත් හොඳහැටි සෙට්වෙනව යාළු.. කොටින්ම කියතොත් හැමදාම පැරදිලත් දේශපාලඥයන්ට වැඩිය අපේ ඈයො අඩිය ගහනව.
කාරි නෑ ඉතින්, ඔන්න එහෙම කට්ටියට අපෙන්.. හෙට අනිද්ද දිහාවට දුක කරේ තියාගෙන යන්න ගසන්න කියාපු තැන් 5ක්.
කොට්ටාවෙ.. ඇන්ටික් විදියට ඉන්ටිරියර්, එක්ස්ටිරියර් කරපු සුපිරි රූෆ්ටොප් එකක්. පූල් ටේබල් 2ක් එහෙමත් දාලා.. ඩිම් ලයිට්, ලන්තෑරුම් වලින් එළිය කරලා.. පුටු මේස, සෝෆා වගේම බංකුත් තියෙනව කැමති කැමති කට්ටියට කැමති කැමති විදියට ඉඳගෙන සෙට්වෙන්න. ඒ ඔක්කොමත් හරි.. බලන්න එපැයි මෙතන බයිට්! ෂැහ්.. අඩිය ගසන්න කියාපුම යාළු. කොත්තු, රයිස්, ස්ටු, ඩෙවිල් ඔ්න ජාතියකින්.. ඒකත් අඩුම කුඩුම පදමටම දාලා, දෙන්නෙක්ට තුන්දෙනෙක්ට ඇතිවෙන ගාණට.. රු. 500-700න් වගේ යන්නෙත් කියන්නකො.
එමම.. පැලට් ලෑලි, බංකු වලින් හැඩ කරල ඩිම් ලයිට් වලින් එළිය කරලා. හැබැයි රූෆ්ටොප් නෙවෙයි, එච්චරයි. තියෙන්නෙ නුගේගොඩ. විශේෂයෙන්ම මෙයාලගෙ තියෙනව බයිට් එකටම කියාපු පංකාදු ග්‍රිල් ටිකක්. චිකන්, පෝර්ක්, සොසේජස් වගේ.. ඒ විතරක් නෙවෙයි ඩයට් එකට ගන්න කොත්තු එහෙමත්.. කොහොමද රු. 400 වගේ ඉඳන්..?
කොටිකාවත්තෙ.. ගඟක් අද්දර උණ සහ පැලට් ලෑලි වලින් හදපු පුංචි, සුපිරි ප්ලේස් එකක්.. බයිටුත් හොඳ හැටියට තෝරල කරල ගන්න පුලුවන්. ග්‍රිල්, ඩෙවිල්, ස්ටු වගේ නම් එහෙමයි. රයිස් කොත්තු වගේ නම් එහෙමයි. ඒකත් රු. 500-800 අතරෙ. බෝතල් පිටින් ගෙනියනවට ගාණක් ගන්නෙත් නැති නිසා.. ගිහිල්ලම බලන එක තමයි හොඳ.
හොඳ සුවපහසුවට, ඒසී. එකේ ඉඳගෙන රවුම් මේසෙක හිතේ හැටියට ගසන්න.. අඩුම කුඩුම අඩුවක් නැතිව හැදෙන බයිට්, ඩයට් සියල්ලම රු. 700-1000ට මේසෙට. හැබැයී.. පෝෂන්වල සයිස් එක තමයි? දෙන්නෙක්ට වගේ නම් ඇති ලාවට. ඊට එහා නම් අමාරුයි. කොහොම වුනත් කොකේජ් නැති වාසිය තියෙනවනෙ.
බොරලැස්ගමුව වැව් ඉස්මත්තෙ, උඩ තට්ටුවක.. ලී මේස පුටු ටිකක් දාපු, වටපිටාව හොඳහැටි පේන රෙස්ටුරන්ට් එකක වාඩිවෙලා රස වෑහෙන රයිස් එකක් නැත්නම් මිරිස්, සෝස් අඩු නැතිව දාපු ඩෙවිල් ප්ලේට් එකක් එක්ක හෙමින් සැරේ පොඩියක් තොල ගාන්න.. යන්න, මෙන්න ප්ලේස් එක! කෑම බීමවල ගණන් යන්නෙ නම් රු. 800න් උඩ වගේ. ඒත් දෙන්නෙක්ට බඩ පැළෙන්න තියෙන නිසා ලොවෙත් පාඩු නෑ...
Buffets are back!
Post-lockdown high tea seshs in Colombo.
The 2021 edition of buffets in Colombo.
Day outing packages available in and around Colombo.
High tea round-up of 2021.
Delete Comment