හැමදාම රයිස්, කොත්තු කන්න.. නැත්නම් බොන්න යන්න, ඇවිදින්න යන්න..
ඇත්තටම නිකම් නිදහසේ පොඩි කයියක් දාගෙන ඉන්න, පුංචි රස කෑමක් බීමක් එක්ක රිලැක්ස් වෙන්න තැනක් ඇත්තෙම නැද්ද අප්පා..?
කියල තමයි යාළු මම ‘යමු’ සයිට් එක පීරුවෙ.
අන්න එතකොට හම්බුවෙච්ච ‘ටොප්’ ප්ලේස් ටික තමයි ඔය පහළින් තියෙන්නෙ.
බම්බා, ගාලුපාරෙ.. අපූරු ඉන්ටිරියර් එකක් තියෙන ඔ්පන් කැෆේ එකක්. නිදහස අතිනුත් උපරිම. මෙයාලා ලඟ තියෙන්නෙත් එසේ මෙසේ කෝපි, ඩෙසට් වර්ග නෙවෙයි, ලෝකෙ පුරා නම ගියපු ඒවා. හැබැයි එහෙමයි කියල ඒවා ගිණි ගණන් වලට විකුණන්නෙත් නෑ. සියල්ලම වගේ රු. 400-700 අතරෙ තමයි යන්නෙ. විශේෂයෙන්ම.. කැපුචිනෝ, කෝල්ඩ් ඩ්රිප්, ඇෆගැටෝ වගේ කෝපි.. චොකලට් ටාට්, චොකලට් මූස්, කැරමල් ක්රීම් වගේ ඩෙසට්..
ම්.. රස අතින් නම් මම මුකූත් කියන්නෙ නෑ, ගිහිල්ලම කාලා බීලා බලන්නකො!
කොටුව ඩච් හොස්පිට්ල් එකට ඔන්න මෙන්න..
තනි වෙස්ටන් හරි ඒෂියන් හරි ස්නැක් එකක් රස බලලා, පංකාදු කෝපියක් තොල ගාන්න කියාපු තැන. වැඩි හරියක්ම ඔය.. උණු උණු පැස්ටා එකක්, එහෙම නැත්නම් බර්ගර්, සබ්මැරීන් වගේ බ්රෙඩ් ටයිප් කෑමක්.. විතරක්මත් නෙවෙයි, කෑම කාලා බොන්න ටොප්ම ටොප් කැපුචිනෝ හරි ලටේ හරි කොෆි එකක්!
ඔක්කොමත්.. ඒ වටපිටාවත් හරිම ලස්සනයිනෙ. ඉතින්.. රු. 400-600 අතරෙ, හිතේ නිදහසත් එක්කම..
ඩුප්ලිකේෂන් පාරෙ තියෙන මේ අපූරු, නිදහස් ප්ලේස් එකේ..
අයිනකට සෙට්වෙලා නොම්මර එකට හදාපු ටූනා සැන්ඩ්විච් එකක් එක්ක, පංකාදු.. අයිස් මොකා එකක්, නැත්නම් කැෆේ ලටේ එකක්.. කියල වැඩක් නෑ යාළු. රස අතින් වගේම.. ගණනුත් රු. 400-700 අතරෙනෙ.
තිඹිරිගස්යාය පාරෙ.. අපේ රහට හැදෙන පෝර්ක්, ඉස්සො, දැල්ලො, චිකන් මදි නොකියන්න පුරවපු නොම්මර එකේ සැන්ඩ්විච්, රෝල්ස්, පැටිස් හිතේ හැටියට කන්න. කාලා බොන්න.. සුපිරිම කැපුචිනෝ, එස්ප්රෙසෝ, ලටේ වගේ කෝපි තියෙනව උණුවෙන් නම් එහෙමයි සීතලට නම් එහෙමයි..
හැබැයි ඉතින් ඔය කොයික බිව්වත් ගාණ උපරිම රු. 600යි.
පුංචි කඩේ පුංචියට චිල් වෙන්න කෝපියක් එක්ක.. බඩගිනියි වගේ නම් පංකාදු ටූනා, මීට්බෝල්ස් වගේ පනිනි තියෙනව රස බලන්න. රස බලලා.. ඩෙසට් එකට චොකෝ කේක් මොනවහරිත් බඩට දාගෙන.. ඔ්ඩර් කරන්න කැපුචිනෝ, කැෆේ ලටේ වගේ කෝපියක්.. ආයෙ ඉතින්, මල් හතට තියෙයි ඈ..
අනික ගණනුත් රු. 400-700 අතරෙනෙ යන්නෙ!
Pranzo has an amazing view and serves pretty good Italian and 'Sritalian' fare.
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
5 places to try this weekend.
We tasted every locally brewed and available beer. In the name of science!
Delete Comment