බයිට් එකට වුණත්, ඩයට් එකට වුණත්...
ආස නැද්ද කාලෙකට පස්සෙ පංකාදු චොසියක් රස බලන්න?
හොඳ හැටි එළවලු අඩුමකුඩුම දාලා,
මස් මාළු රස පදමට හදල, මදි නොකියන්න එකතු කරල...
උණු උණුවට!
බලන්න... ඔන්න පහළින් තියෙනව එහෙම කන්න ටොප් ම කඩ ටිකක්.
සීෆුඩ් චොප්සි, මික්ස් චොප්සි...
රු. 900-1500 අතරෙ තලුමරමර ගමකට රස බලන්න, යන්න මවුන්ට් කැසරෝල් එකට. ෂැහ්, කියල වැඩක් නෑ යාලූ හොඳ සුවපහසුවට වාඩිවෙලා, තිතටම ලැබෙන සේවාවත් එක්ක...
ආයෙ චොප්සිය විතරක් ඇති දෙන්නෙක්ට බඩ පැලෙන්න. මොකද ලෝස් නැතුව කැරට්, ලීක්ස්, ගෝවා, අල අඩු පාඩු සියල්ලමත් එක්ක... චිකන්, මට්න්, පෝර්ක්, සොසේජස්, ලිවර්, ඉස්සො, දැල්ලො, මාළු, බිත්තර... ඕන ජාතියක් දාලානෙ එන්නෙ!
අඩියක් ගගහම ඕං දෙසා බාන්න. බයිට් ඩයට් දෙකම කවර් එක ඩිෂ් එකෙන්. ඒකත් එක්කෙනෙක්ගෙ නෙවෙයි දෙන්නෙක්ගෙ තුන්දෙනෙක්ගෙම. ඇයි අප්පේ... නැති ජාතියකින් එළවලුවක් නැති, මස් මාළුත්... චිකන්, පොර්ක්, ඉස්සො, දැල්ලො, මාළු, බිත්තර, සොසේජස් හැම එකකින්ම ඇති සුපිරිම මික්ස් චොප්සිය...
යන්න තියෙන්නෙ මුල්ලේරියාවට. එච්චරයි. රු. 1100යි, ගැහුව කියයි නසරාණි වෙන්නෙ.
හිල්ටොප් එකට දෙවනි නැති හැබැයි ගාණ ටිකක් අඩු... රු. 900න් වගේ යන්නෙ මෙයාලගෙ චොප්සිය. එකම වෙනස තමයි සයිස් එක චුට්ටක් පොඩියි. හැබැයි 3දෙනෙක්ට බයිට් එකට නම් පැහැදිලිවම ඇති. ම්... ඒ හැරුණාම ඉතින් එළවලු ජාති 3, 4කුයි මස් මාළු... චිකන්, පෝර්ක්, සොසේජස් එක්ක ඉස්සො, දැල්ලො, මාළු, බිත්තර බුල්සායි සියල්ලමත් ගළපල...
එකම වෙනස මෙයාලගෙ චොප්සියෙ සෝස් රස, හිල්ටොප් එකේ එකට වඩා ටිකක් වැඩි එක තමයි!
රු. 500ට!
නැති ජාතියක් නෑ අප්පේ ඒකෙ... අනේ මන්දා කොහොම ඒ ගාණට දෙනවද කියල. ඇයි යාළු පොඩියට කපල නම් ඒත් කමක් නෑ. මෙන්න... අඟල් 2, 3 කෑලි හොඳහැටි ගැඹුරු තෙලේ බැදල, සෝස් දාලා රස කරල...
විශ්වාස කරන්න... කැරට්, ලීක්ස්, බෝංචි, ගෝවා, අල... එතකොට පෝර්ක්, චිකන්, සොසේජස්, මාළු, ඉස්සො, දැල්ලො, බුල්සායි... යටින්ම කීරි සම්බා හාලෙ බත් තට්ටුවකුත්. දෙන්නෙක්ටමත් ඇති වෙන්න...
දියවන්නාව ඉස්මත්තෙ... රූෆ්ටොප් එකකට වෙලා කොහොමද බීර වීදුරුවක් තොලගාන ගමන් ටොප් ශ්රී ලංකන් චයිනීස් චොප්සියක් රස බලද්දි? ඒකත්... රු. 800ට රස පදමට සෝස් දාලා පදම් කරල ගැඹුරු තෙලේ ලාවට බැදල ගත්තු ලොකු චිකන්, පෝර්ක් කෑලි... ඉස්සො, දැල්ලො, මාළු... එළවලුත් නැති ජාතියක් නැතිවෙන්න...
ඔක්කොමත් හරි පදමටම ගළපපු සෝස් රස!
නියමයි ඈ...
16 places for your next coffee date.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
A list of 15 places for your next day outing.
Where, how, and why to find love in the paradise island.
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Delete Comment