ගෙවල් වලින්ම කාලා කාලා එපා වෙලත් ඇතිනෙ කට්ටියට.
ඒ නිසා.. ඔන්න පහළින් තියෙනවා මේ දවස්වල විවෘත කරලා තියෙන, පරිස්සමට ගිහින් කාලා බීලා එන්න කියාපු තෝසෙ කඩ ටිකක්. හෙමින්සැරේ බලන්නකෝ..
නිකම් මසාලා තෝසෙ කොහෙත් තියෙනවනෙ..
එහෙම නෙවෙයි, සායි භවන් එකට ගියානම් ඔයාට කන්න පුලුවන් අපේ රහට හදපු පංකාදු කොච්චි මසාලා තෝසයක්. රු. 250ක් වගේ වෙන්නෙ. හොඳහැටි අල, ලීක්ස්, ලූණු අඩුම කුඩුම එක්ක හායි හූයි ගෑවෙන්න කොච්චිත් දාලා.. ඒකටම කියාපු සාම්බාරුවයි, සම්බල් ටිකයිත් එකතු වුනාම!
ආයෙ ඉස්මුරුත්තාව තමයි ඉතින් ඈ..
කටට රහට වගේම ඇඟට ගුණට..
කුරක්කන් තෝසෙ කන්න හිතේ හැටියට, යන්න තලවතුගොඩ පියොරාන් එකට. හැබැයි එකක්.. එතන කෑම බීම සියල්ල හැදෙන්නෙ ශ්‍රීලංකන් ඉන්දියන් ස්ටයිල් එකට හොඳද. ඒ නිසා මසාලා අනං මනං නම් නෑ. හැබැයී.. එළවළු ජාති 5, 6ක් දාලා හදන සාම්බාර් එකයි, සම්බල් දෙකයි එක්ක.. උණු උණු උළුඳු වඩයකුත් ලං කරගත්ත නම්.. කුරක්කන් තෝසෙ 4, 5ක් ගේමක් නෑ කියයි, හ්ම්..
පංකාදු..
රාවා, තන්දුරි, මසාලා, අනියන් වගේ තෝස ජාතියක් රස බලන්න, යන්න කොටුව මේන් ස්ට්‍රීට් ශ්‍රී රුද්‍රා එකට. රු. 200-300 අතරෙ යන්නෙ. හැබැයි ගාණෙ හැටියට රස වගේම ප්‍රමාණයත් මදි නොකියන්න තියෙනවා. ඊටත් ප්ලේස් එකත් හොඳ සුවපහසුවට පිරිසිදුවට තියෙනවනෙ.
මෙන්න නියම තැන..
ගී තෝසෙ ජාතියක් හරි, මසාලා තෝසෙ ජාතියක් හරි එක්ක ටොප් කුරුමා එකක් රස බලන්න..
රු. 200-300 අතරෙ වියදම් වෙන්නෙ තෝසෙ එකට නම්. හැබැයි.. මට්න් කුරුමා එක යන්නෙ රු. 800න් වගේ. ඒත් ලොවෙත් පාඩු නෑ මොකද දෙන්නෙක්ට හොඳහැටි කන්න පුලුවන් ගාණට තියෙනවනෙ. අනික.. මෙයාලගෙ ගී අනියන් තෝසෙ, මෂ්රූම් තෝසෙ වගේ ඒවයෙ රසත් පංකාදුවට..!
නොම්මර එකේ.. පනීර් තෝසයක්, මෂ්රූම් මසාලා තෝසයක්, නැත්නම් ගී මසාලා තෝසයක්.. රස බලන්න කියාපුම තැනක්. තියෙන්නෙ නුගේගොඩ හයිලෙවල් පාරෙ බෝගහ කිට්ටුවම. හොඳ සුවපහසු ප්ලේස් එක වගේම කෑම බීමත් ටොප් ඉන්ඩියන් රසට තියෙනවා. හැබැයී.. මෙයාලා ෆුල් වෙජි නිසා, තෝසෙ වලට එන්නෙ සාම්බාර්, සම්බල්, පනීර් මසාලා වගේ කරි තමයි. රු. 200 ඉඳන් උඩ ඔ්නම ගාණකට වුනාට..
වෙජි කෙනෙක්ට නම් මෙතන තරු හතෙන්ම..!
A 100%, home-grown brunch spot in Borella, serving up some fantastic Continental and Lankan treats.
There's a new 1979 in Dehiwala now, with BYOB and Sri Lankanised Chinese food.
We tasted every locally brewed and available beer. In the name of science!
Countries that let you in without a fuss with your Lankan passport
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Delete Comment
rhetoricalsnouted
Even a slight discomfort cannot prevent me from getting good grades in school, because I know that my assistant will always help me, this site https://freepaperwriter.com/ that does any written homework.