නිවාඩු නම් තමයි. ඒත් දිගටම?
ගෙදරටම වෙලා ඉන්න?
බෑනෙ නේ යාළු.
අන්න ඒ නිසයි අපිත් කල්පනා කලේ.. දැන් දැන් ලාවට පහවීගෙන යන කොරෝනා තත්වයත් එක්ක ඔයාලට පොඩි සතුටු හිතෙන ආරංචියකුත් කියන්න.
නිකම් නෙවෙයි ඒකත්, ලස්සන පොඩි ට්‍රිප් එකක විස්තරත් එක්කම!
මොකද කියන්නෙ, ලබන මාසේ.. අන්තිම හරිය වගේ අල්ලා යමුද කට්ටියත් එක්කම පොඩි නිවාඩුවකට. ගෙදරටම වෙලා ඉඳල එපා වෙච්ච ගතිය මග ඇරෙන්න.. කැලේට කොලේට, ඇලට දොලට, සතා සීපාවාටම උරුම වෙච්ච අපූරුම, සුන්දරම සොබාදම් නවාතැන්පලකට?
ඊටත් එන්න එන්නම ගොඩක් හෝටල් පොඩි පොඩි ඩිස්කවුන්ට් දාන නිසා.. එයින් එකක් ඇල්ලුව නම් ඉතින් කට්ටියටම, පොඩි ගාණකට හොඳහැටි විනෝද වෙලා එන්න පුලුවන්.
ඒකටම එහෙනම් ඔන්න අපෙනුත් පොඩි සපෝට් එකක්!
පහළින් තියෙනව ටොප්ම.. නේචර් රිසෝට් ටිකක්.
වලවේ ගඟෙන් කැඩෙන පුංචි අතු ගංගාවක ඉවුරක.. හරිම ලස්සනයි යාළු හැන්දෑවට. ම්.. නවාතැන පිහිටි වටපිටාවෙ මහ විසාල කැලයක් නැතිවුනාට.. හෝටලේ පිටිපස්සෙ ගං ඉවුරට කිට්ටු කලාම නම්.. කියල වැඩක් නෑ. අනික එයාලගෙ තනි තනි වෙන්න හදපු කොටේජ් ටිකත් තනිකරම තරු පන්තියෙ පහසුකම් වලින් පිරිලනෙ. හරියටම කිව්වොත් ලක්ෂරි ටෙන්ටඩ් ලොජ්ස්. හැබැයි විව් එක නම් තියෙන්නෙ කෙලින්ම පූල් එකට. ඒකෙත් ගතියක් නැත්තෙමත් නෑ. කොහොමහරි මතක තියාගන්න මේ ප්ලේස් එක පිහිටල තියෙන්නෙ උඩවලව හංදියෙන් ඇඹිලිපිටිය පාරෙ පොඩ්ඩක් ඉස්සරහට වෙන්න. හොයා ගන්න අමාරුත් නෑ.
ඔක්කොමත් හරි වටිනම දේ තමයි.. මේ දවස්වල එයාලගෙ ගණන් යන්නෙ රු. 8000න් වගේලු.
ගාල්ලෙ බොනවිස්ටාවට එපිට කලපුවෙ ටිකක් ඇතුලට වෙන්න හදල තියෙන අපූරු ප්ලේස් එකක්. ලක්ෂරි නවාතැනක් නම් නෙවෙයි. ඒත් පරිසරයත් එක්ක ඉන්න ආස කෙනෙක්ට නම් කියාපුම ප්ලේස් එකක්. ඒ හැරුනාම ඉතින්.. අඩියක් කාරිය සප්පායම් වෙලා හැන්දෑවට ගිණිමැල පොඩ්ඩක් එක්ක සිංදුවක් කියන්න කැමති අයටත්.. මේක නම් කියාපුම තැනක් වේවි. හැන්දෑවට තොර තෝංචියක් නැතුව ඇහෙන කුරුලු හඬ, ඒක මැකීගෙන යද්දි උඩ එන රැහැයි හඬ, එක්ක රත් පාටට බැහැගෙන යන ඉර, කඩොලානට උඩින් පේන ලස්සන! ඒ විතරක් නම් බැරියැ, කඩොලාන පුරා රවුමක් ගහල එන්න.. ලෑස්ති වෙන අපූරු බෝට්ටු සවාරිය..
මෙයාලගෙත් මේ දවස්වල ගණන් යන්නෙ රු. 5000න් වගේලු.
පේරාදෙණිය, ගහල පාරෙ නිල්ලඹේ හංදියෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න තියෙන මේ නවාතැනත් පිහිටල තියෙන්නෙ වාරියගල වත්තෙ කැළෑබද පැත්තකට වෙන්න. බංගලාව පාමුලින් ලස්සන පොඩි දියපාරක් එහෙමත් ගලාගෙන යනව. ඔක්කෝටම වැඩිය බංගලාවෙ උඩට නැග්ගාම පේන විව් එක තමයි. මුලු නුවර කඳු, හෙල්, බෑවුම් සියල්ලම වගේ.. ගොඩක්ම හුදකලා පරිසරයක පිහිටල තියෙන නිසා.. මං හිතන්නෙ විලෝ අබෝඩ් එකත් ගොඩක්ම හරියන්නෙ සොබාදහමට ලැදි කෙනෙක්ට තමයි.
ගණන් යන්නේ.. රු. 4000න් වගේ.
ගිං ගඟ ඉවුරේ.. වනගතම නවාතැනක්. තරු පන්තියෙ සුවපහසුකම් ඇතුව හදපු ලස්සන ලී කොටේජ, ඒ වගේම සුවපහසුකම් සහිත කෑම්පින්ග්, හැන්දෑවට බාබකියු ගිණිමැල, මීදුමෙන් වැහිල ගියපු කඳු වලින් වටවුනු සුන්දර වටපිටාව. ඒ විතරක් නම් බැරියැ සිංහරාජ වනාන්තරය පුරා ඇවිදල එන්න අපූරු පාගමනක්.. උදේට හැන්දෑවට තොර තෝංචියක් නැතුව ඇහෙන කුරුළු කොබෙයියන්ගෙ හඬ..
තව මොනවද යාළු ඉතින්. හැරත් ඒ ඔක්කොම රු. 5000කට වගේ ලැබෙනව කිව්වාම?
තරු පන්තියෙ පහසුකම් එක්ක නිමවුනු සුන්දර ලී කොටේජ තොගයක් අතරින් ඔයාට ආසම එක තෝරගෙන නිවාඩුව ගත කරන්න, යන්න හික්කඩුව බද්දේගම පාරෙ ටිකක් ඉස්සරහට. මේ තැන පිහිටල තියෙන්නෙ ලොකු කැළයක්වත් ලස්සන වෙරළක්වත් අයිනෙ නම් නෙවෙයි. හැබැයි තියෙන ඉඩේ කොහොම කොහොමින් හරි නිමැවුම්කරු අපූරු වනවගාවකුත් කරල තියෙනව. එහෙම කිව්වාම ඉතින්.. අමුතුවෙන් කියන්න ඔ්න නෑනෙ නේ ඒ වටපිටාව ගැන.
ඉතින් මතක තියාගන්න.. මෙයාලගෙත් මේ දවස්වල ගණන් යන්නෙ රු. 10000න් වගේ කියලා..
Countries that let you in without a fuss with your Lankan passport
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Cafes with good work environments.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
Post-lockdown high tea seshs in Colombo.
Delete Comment