Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

කොළඹ.. නෝමල් කරපු ගමන්, රු. 300ට අඩුවෙන් සුපිරි රයිස් එකක් කන්න කියාපු කඩ 5ක්

ඉන්නව කියල හැමදාමත් මෙහෙම ඉන්න පුලුවනයැ. නේද…

Posted by

ඉන්නව කියල හැමදාමත් මෙහෙම ඉන්න පුලුවනයැ. නේද යාළු?

වෙලාවට කිව්වෙ ලබන සඳුදා කොළඹ, ගම්පහ දෙකත් නෝමල් කරනව කියල. නැත්නම්…

ඊටත්, බලන්නකො දැන් මාස ගාණකින් හරියට කොත්තුවක් කෑවෙ නෑ, රයිස් එකක් කෑවෙ නෑ.. කරන්න බෑනෙ මේක.

ඒ නිසාමයි අපිත් මේ කල්පනා කරල, කල්පනා කරල.. අඩුම තරමෙ ලබන සඳුදා ටවුන් නෝමල් කලා කියන්නෙ ඊලඟ සඳුදට කලින්වත්, චයිනිස් එකකට ගොඩවෙලා කටට රහට රයිස් එකක් කන්න පුලුවන් වෙයිනෙ,

කියල හිතලා.. ඔයාලට කඩ ටිකක් මතක් කරන්න ගත්තෙ.

මොකද.. දැන් මාස ගාණකින් නිසා අමතක වෙලාද දන්නෙත් නෑනෙ, නේ..!

1. Wije Food Center

ඒ දවස්වල නම් දන්න කියන හොඳම ප්ලේස් එක.. වෙන දේකට නෙවෙයි, පංකාදු පෝර්ක් රයිස් එකක් රස බලන්න. ඒකත් ෆ්‍රයිඩ් පෝර්ක්, කරි පෝර්ක්, ඩෙවිල් පෝර්ක් ඔ්න ජාතියකින්. ගණනුත් ගියේ රු. 250-350 වගේ. ම්.. ප්ලේස් එක තියෙන්නෙ නම් කොස්වත්ත ඩිපෝ එක ඉස්සරහ. ඒත් යන්න කලින් හොයල බලන්න ඔ්න ලබන සතිය දිහාවටම අරියිද කියල..

2. Eat Travel Repeat

බම්බ මරීන් ඩ්‍රයිව්, ලිලි ඇවිනියු එකේ හැන්දෑවට හැන්දෑවට ගොඩ බැහැපු පුංචි ලොරිය!

අනේ තියෙනව නම් තවමත්.. ගිහිල්ල ගන්න ඔ්න මික්ස් රයිස් එකක්. ෂැහ්, ඒ රස මතක් වෙද්දී.. මික්ස් රයිස් නැතත් අඩුම තරමෙ චිකන් රයිස් එක හරි. රු. 300න් වගේ ගණන් තිබ්බෙ යාළු. ඒ වුනාට රයිස් එක තිබ්බනෙ දෙන්නෙක්ට නෝමල් එකේ කන්න පුලුවන් තරමට!

3. New Spicy Kottu

දෙහිවල ඇල්බට් ප්ලේස් එකේ තිබ්බ මේ කඩෙත්.. මතක හිටින රසකට රයිස් දාපු ටොප් ප්ලේස් එකක් තමයි. විශේෂයෙන්ම චිකන්, මික්ස් රයිස් එහෙම. හැබැයි.. ගණන් පොඩ්ඩක් රු. 300-400න් වගේ ගියේ. දැන් කොහොමද දන්නෙ නෑ. කොහොම වුනත් ඒ රයිස් එක දෙන්නෙක්ට ඇති වෙන්න තිබ්බ නිසා.. පාඩු නෑ ඉතින්. 

4. Thejan Hotel

බම්බ, රයිස් කොත්තු වලට කිරුළු පළන් ප්ලේස් තමයි. අපි ප්‍රාර්ථනා කරනව හැකි ඉක්මනටම විවෘත වේවා කියල. මොකද.. මෙයාලගෙ රු. 200-500 අතරෙ ගියපු චිකන්, රෝස්ට් චිකන්, බීෆ්, ඩෙවිල්, ෆ්‍රයිඩ් ෆිෂ්, සීෆුඩ්, මික්ස්..

රයිස් ජාති වලින් එකක් හරි, ඉක්මනටම රස බලන්න!

හප්පෝ.. මතක් වෙද්දිත් කටට කෙල උනනව ඈ..

5. Wewa Addara

නවරෝහලට පොඩ්ඩක් මෙහා.. කුඹුරු යායත් එක්ක තියෙන වැව් ඉස්මත්තෙ.. ලෑලි වලින් අටවපු ලස්සන කඩේ. ජාති ගොඩක් නැති වුනාට මෙතනත් තිබ්බා.. මදි නොකියන්න අඩුම කුඩුම දාලා හදන, දෙන්නෙක්ට බඩ පැළෙන්නම තියෙන ටොප් මික්ස් රයිස් එකකුයි, චිකන් රයිස් එකකුයි. ගණනුත් රු. 200-500 අතරෙ වගේ ගියේ. හැබැයි තවම නම් ඇරල නෑ.. හිතනව තව සතියෙන් දෙකෙන් වගේ මෙයාලත් වැඩේට බහීවි කියල.

Leave a comment