නිකම් එක පාරටම ඇහුවාම පොඩ්ඩක් අවුල් වගේ හිතෙයි. හැබැයි ඇත්තටම එහෙම නෑ.. හදල, කාලා බැලුවාම තමයි තේරෙන්නෙ. අනික ගුණ..
ෂැහ්, ඔය ජිම් යන අයට වුණත් නොම්මර එකයි ඈ..
හොඳටම ඉදුණෙ නැති ඇවකාඩෝ ගෙඩියක් ගන්න ඕන පිහියෙන් තුනී තීරු කපාගන්න පුළුවන් වෙන්න. ඊට පස්සෙ ඒ තීරු දාන්න ෂුගර් සිරප්වල. දාලා තියලා.. චිකන් බ්‍රෙස්ට් එකක් අරගෙන ඒකත් තුනී තීරු වලට කපාගන්න. කපලා කහ, ඉඟුරු සුදුළූණු, ගම්මිරිස්, දෙහි, ලුණු එක්ක හොඳට අතගාලා වරු බාගයක් විතර තියලා.. ග්‍රිල් එකක වගේ පදමට ඩ්‍රයි වෙන්න ස්මෝක් කරගන්න. ඊට පස්සෙ ඉතින් ස්මෝක් චිකන් පෙති උඩින්, සිරප් බේරෙන ඇවකාඩෝ පෙති තිබ්බා.. රෝල් කලා කෑවා. ඕන නම් ඒ අතරට චීස් පෙත්තක් තියපු පාන් කෑල්ලකුත් කිට්ටු කරගන්න පුලුවන්.
මේකෙදි ඉස්සෙල්ලම බීෆ් එක හදාගන්න ඕන හොඳ කරි රහට. ඒකට.. බැදපු තුනපහ, ඉඟුරු සුදුළූණු, ගොරක, ගම්මිරිස්, කොච්චි, අබ, සේර, ලුණු අඩුම කුඩුම සියල්ලම එකට අඹරල, දෙහි වලින් දියකරල.. ඇඟිලි පුරුකක් සයිස් එකට කපාගත්තු බීෆ් කෑලිවල හොඳට ගාලා වතුරෙන්, වේලෙන්නම හින්දගන්න. ඊට පස්සෙ ඒ කෑලි අරගෙන තුනපහ පිහිදල කරල භාජනයකට දාලා.. ගාණට ඉදිච්ච අඹ ගෙඩියක් පොඩි පොඩියට කොටු කපල, ලුණු, මිරිස්කුඩු එක්ක හොඳට අතගාලා බීෆ් එක්ක මික්ස් කරන්න. එකතු කරලා, මීපැණි ටිකක් උඩින් වත්කරලා කන්නත් පුලුවන්. නැත්නම් ටෝස්ට් කරපු පාන් ටිකකුත් පොඩි පොඩියට කපලා දාලා, සලාද කොළ, තක්කාලි ටිකකුත් එකතු කරලා කෑමට ගන්නත් පුලුවන්.
බාගන්න හොඳට මෝරපු තැඹිලි ගෙඩියක්. ඊට පස්සෙ ඒක පලලා වතුර ටික අරගෙන මදේ පිහියෙන් කපල ගන්න පොඩි පොඩි කෑලි වෙන්න. අරගෙන.. ඒ කෑලි ටික ලාවට පෑන් ෆ්‍රයි කරලා, පෝර්ක් මස් කෑලි තොගයක් එක්ක.. හොඳ හැටි අඩුම කුඩුම දාපු ඇඹරුම් ගුලියක් අතගාලා පොල් වතුරෙන්ම කරිය හින්දල ගන්නයි තියෙන්නෙ. ආයෙ ඉතින්.. රෝස්ට් පාන් එහෙම, ගෙඩි ගණන් යන්නෙ!
මට්න් ටිකක් ලොකු පලුවක් අරගෙන තුනී පෙති කපාගන්න. කපල අබ, ගම්මිරිස්, සුදුළූණු, ඉඟුරු එක්ක පදමට පෑන්ෆ්‍රයි කරගන්න. ඊට පස්සෙ පෑන් කේක් රොටි ටිකක් හදාගන්න පැණිරස මොනවත්ම නොදා. හදාගෙන.. මිදිගෙඩි ටිකක් අරගෙන, ඇට අයින් කරල, 4ට කපල වෙනමම තියාගන්න. අන්තිමටම.. අර රොටි උඩින් චීස් පෙති ඇතිරුවා, මට්න් පෙත්තකුත් තිබ්බා, ඇති හැටියට ග්‍රේප් ඇතිරුවා, රෝල් කරලා කෑවා..
හරිම ලේසි ටොප් කෑමක්. බේකන් අරගෙන ටිකක් පොඩියට කැපුවා. ඊට පස්සෙ ඇපලුත් මදේ හරියෙන් අරගෙන පොඩි පොඩියට කැපුවා. කපලා වෙනමම තියාගෙන පෑන් එකකට බටර් ටිකක් රත් වෙන්න තියල ලූණු, ඉඟුරු සුදුළූණු, අබ, ගම්මිරිස්, ලුණු දාලා ඕන නම් කොච්චි කරලක් දෙකකුත් දාලා පදමට කරවීගෙන එනකොටම.. මුලින්ම බේකන් ටික දාලා ෆ්‍රයි කරගත්ත, අන්තිමට ඇපල් ටික දැම්මා ගත්තා..
එහෙම නැත්නම් පුළුවන් ඇපල් ටිකත් පාට අල්ලනකන් කර කරල ගන්න..
ඔය කොහොම ගත්තත්.. සැන්ඩ්විච් පාන් ටිකක් එක්ක..!
Where, how, and why to find love in the paradise island.
We tasted every locally brewed and available beer. In the name of science!
Post-lockdown high tea seshs in Colombo.
තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක්!
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment