මේ පාර ලොක්ඩවුන් එක ලොකුවටම තියෙයිද දන්නෙ නෑ. කොහොමවුනත් ගෙදර ඉන්න මේ දවස් ටිකේ.. හිතේ හැටියට බඩේ තරමට, රස කෑම තොගයක් ගෙදරදිම හදාගෙන රස බලන්න..
ඔන්න පහලින් තියෙනවා රෙසිපි ටිකක්. නිකම් ඉන්න ගමන් අතගාලා කරලා බලන්නකො!
මුලින්ම සොසේජ් ටික පෑන් ෆ්‍රයි කරගන්න බටර් ටිකක් දාලා. ඊට පස්සෙ ඒවා තෙල් බේරෙන්න බාන්න ටිෂූ එකක් උඩට. බාලා.. චීස් පෙත්ත ගානෙ වෙන වෙනම අරගෙන ඒ උඩින් බේකන් පෙති දෙකක් තියලා තද කරන්න චීස් පෙත්ත ඇතුලට බහින්න. තද කරලා අර සොසේජ් එකක් අරගෙන බේකන් තද වෙච්ච පැත්ත එලියට තියෙන්න සොසේජ් එක වටේ ඔතලා ටූත්පික් එකකුත් ගහලා.. හොඳට රත්වෙච්ච පෑන් එකක සනික දෙපැත්ත දාලා අරගන්න. අරගත්ත ගමන් ලුණු, ගම්මිරිස් කුඩු ටිකකුත් ඉහින්න අමතක කරන්න එපා..
ගන්න අඟලට විතර කපපු පාන් පෙති දෙකක් වාටි අයින් කරලා. අරගෙන පෑන් එකකට බටර් ටිකක් දාලා පාන් පෙති දෙකේම එක පැත්ත ගානෙ පෑන්ෆ්‍රයි කරගන්න. කරලා ඒක පැත්තකින් තියෙද්දි යකඩ තාච්චියක දාගන්න බුල්සායි එකක් වැඩි ගින්දරේ.. යට පැත්ත කරවෙන්නයි කහමදේ හාෆ් බොයිල් වෙන්නයි. ඒ දාද්දි ලුණු, ගම්මිරිසුත් දාන්න හොඳඳ. කොහොමහරි බුල්සායි එකත් හරි ගියාට පස්සෙ, පෑන් එකක බටර් ටිකක් රත්කරලා හැම්පෙති 2යි, බේකන් 2යි පෑන් ෆ්‍රයි කරගන්න ඔ්න රස පදමට ලුණු, ගම්මිරිස්, මිරිස්කුඩුත් දාලා.
දැන් ඔක්කොම හරි..
ඔක්කොම හරි ගියාට පස්සේ.. ගත්තා පාන් පෙත්තක් තිබ්බා චීස් පෙත්තක්, ඒ උඩින් හැම් පෙති, දැම්මා ලූණු, කෑලි මිරිස් හීනියට ලියලා, ලුණු වතුර ටිකකුත් ඉහින්න රස තියෙන්න, ඊට පස්සෙ බුල්සායි එක, උඩින්ම බේකන් පෙති, ඊටත් උඩින් චීස් පෙත්ත, අන්තිමට ආයෙ පාන් පෙත්ත. ඔය අතරට ඔ්න නම් ඉතින් සෝස් එහෙමත් දාගන්න පුලුවන් ඈ..
කොහොමහරි කෑමට කලින් ආයෙ සෙට් එකම ලාවට පෑන් එකේ රත්කර ගන්න.
ගන්න ක්‍රීම් කැකර් දෙකක්. අරගෙන දාන්න ෆ්‍රෙෂ් මිල්ක් හරි, පිටිකිරි හරි කමක් නෑ දීසියක ලාවට පෙඟෙන්න. ඒ අතරට හැම් පෙති දෙකක් සහ චීස් පෙත්තක්, ලුණු ටිකක් කිට්ටු කරගන්න. කරගෙන.. අර බිස්කට් දෙකෙන් එකක් අරගෙන අල්ලෙන් තියලා, ඒ උඩින් හැම් පෙත්තයි, ඊට පස්සෙ චීස් පෙත්තයි, ආයෙ හැම් පෙත්තයි, ලුණු චුට්ටයි, අනිත් බිස්කට් එකයි තිබ්බා, වටේ අතින් තද කරලා සීල් කලා, තෙල් ටිකක් ගාපු තැටියක සෙල්සියස් 150 විතර විනාඩි 10ක් බේක් කලා..
මුලින්ම හැම් සහ බේකන් ඇඟිලි පුරුකක් විතර සයිස් එකට කපාගන්න ඔ්න. ඊට පස්සෙ ලුණු, ගොරකා, සුදුළූණු, ඉඟුරු, ගම්මිරිස් අඹරලා හදාගත්ත මිශ්‍රණයක දෙහි ඉස්මෙන් අතගාන්න. අතගාලා පන් වට්ටියක ඉඩ තියෙන්න එලලා.. කරකුට්ටන් වෙන්න වේලගන්න.
ඊට පස්සෙ බලන්නකො කරවල තෙල්දානවා වගේ ලූණු, කෑලි මිරිස්, කොච්චි, රම්පෙ කරපිංච අඩුම කුඩුම දාලා හදලා.. චීස් පෙත්තක් තියපු පාන් පෙත්තකට අතුරලා කන්න කියාපු!
ඒ වේළපු හැම්, බේකන් වලින්ම හදන්න..
මැටි ඇතිලියකට තෙල් ටිකක් ලිපේ තියලා, ඒකට සුදුළූණු ටිකක් බැදෙන්න දාලා, ඒ එක්කම ලූණු, මිරිස් කුඩු, කොච්චි, අමුතුනපහ, රම්පෙ කරපිංචාත් දාලා, බේකන්, හැම් එක්ක දියකිරි දාන්න.. දාලා දියකිරි හිඳෙන්න ඔන්න මෙන්න තියලා බාලා ගන්නකො..
රතුබතකට වගේ නම්..
Post-lockdown high tea seshs in Colombo.
Here's a round-up of Colombo's buffets with what they do best.
සිංහල හෝඩියේ තියන, වැඩිය අවධානයට ලක් නොවෙන, අවුල් කීපයක්…
A list of 15 places for your next day outing.
We tasted every locally brewed and available beer. In the name of science!
Delete Comment