Artwork for Astra Mayo top banner 1
Artwork for The Garden top banner
Artwork for TEA STALLS sbb 1 Artwork for providore.shop sbb 2

මස්ම.. අතේ තියෙන ගාණට, හිතේ හැටියට කන්න සුපිරි තැන් 5ක්

කොළඹ හතර වටේ අපි රවුම් ගහන වෙලේ.. අඩියක් පුඩියක්…

Posted by

කොළඹ හතර වටේ

අපි රවුම් ගහන වෙලේ..

අඩියක් පුඩියක් ගහන්න, නැත්නම් කටට රහට මස් කරියක් එක්ක බතක් රොටියක් බඩට දාගන්න හොයාගත්ත තැන් වලින්..

හොඳම ඒවා මෙන්න!

1. PorKen Deli

දෙහිවල තියෙන්නෙ. ඩිලිවරි විතරයි කරන්නෙ. ඒත්.. ගෙන්නගෙන කෑවත් පාඩු නැති නිසයි කියන්නෙ. වැඩක් නෑ යාලූ.. පංකාදු පහේ පෝර්ක් කරි, බ්ලැක් පෝර්ක්, චිකන් කරි, ඩෙවිල් චිකන් හොඳේ.. ඒකත් නිකම් නෙවෙයි. ටොප් එකට රම්පෙ කරපිංචා, තුනපහ අඩුම කුඩුම, පොල්කිරි ටික දාලා ලාවට හින්දපු පරිප්පුවක්. උම්බලකඩ, ලූණු මදිපාඩු සියල්ල තිතට දාලා හදාපු පොල්සම්බෝලයක්.. එක්ක උණු උණු රෝස්ට් පාන් තොගයක්. රු. 1500ට අඩුවෙන් ගන්නත් පුලුවන්. ඊටත් අරගෙන.. දෙන්නෙක්ට මදි නොකියන්න දෙසාබාන්නත් පුලුවන්නෙ.

2. Philling Station

ජුබිලිකණුව, ඇඹුල්දෙණිය අතරේ.. පිලිපීන් කට්ටියක් කරගෙන යන ටොප් බාබකියු ප්ලේස් එකක්. මෙයාලගෙ මික්ස් ප්ලැටර් එක තමයි නැගලම යන්නෙ. රු. 3500ක් වුනාට.. 4 දෙනෙක්ට මදි නොකියන්න තියෙනව. ඊටත් ඒකෙ එන ජාති! උණු උණු, ටොපේ ටොප් ගාලික් බ්‍රෙඩ් තොගයක්. එයාලම හදන ටොමැටෝ කෙචප්. කරපිංචා, ගම්මිරිස් දාපු බැටර් එකක දවටලා බැදපු ක්‍රිස්පිම ක්‍රිස්පි මෂ්රූම්.. ගම්මිරිස් රසයි, මැන්ගො බාබකියු සෝසුයි දාලා හොඳහැටි ග්‍රිල් කරපු චිකන් වින්ග්ස්, ඩ්‍රම්ස්ටික්ස්, සොසේජස් ප්ලේට් එකක් පිරෙන්නම. ඒ විතරක් නම් බැරියැ, සුදුලූණු, ඉඟුරු, ගම්මිරිස් එක්ක සීසන් කරලා ග්‍රිල් කරපු පෝර්ක් චොප් 2යි, පොර්ක් සොසේජ් 2යි, සැටේ 4යි. ආයෙ ඉතින්.. තව කියන්න ඔ්න නෑනෙ නේ..?

3. Barcode Grill and Lounge

නාවල පාරේ.. රු. 3000ට මල් හතේ තන්දුරි ග්‍රිල් එකක් රස බලන්න, මෙන්න ප්ලේස් එක. ඉන්ඩියන් ස්ටයිල් එකට, ඒ ස්පයිසස්ම දාලා.. රස, සුවඳ වෑහෙන්න ග්‍රිල් කරලා මේසෙට එන තඩි චිකන් තයි 4යි, ලැම්බ් චොප් 1යි, තන්දුරි රොටි 4යි, බුනා ආලු බන්දේසියයි, අනියන් රයිතා බන්දේසියයි, ඉස්සො චාට් බන්දේසියයි..

ආයෙ කතා දෙකක් නෑ ඉතින් 4 දෙනෙක්ට නම් මදි නොකියන්නම තියෙයි කියයි!

4. Meat Carlos

නුගේගොඩ හයිලෙවල් පාරේ ‘මීට් කාලෝස්’.. ප්ලැටර් විමානයක්. කොටින්ම කියතොත් මෙයාලගෙ ප්ලැටර් ඔ්ඩර් කරන්න තියෙන්නෙ නොම්මර වලින්. ප්ලැටර් 1, ප්ලැටර් 2.. වගේ. ඒකට කාරි නෑ.‌ කොහොමත් අපිට කියන්න වෙන්නෙ අපි දන්න එකනෙ.

ප්ලැටර් 2. තනිකරම වෙස්ටර්න් බාබකියු රසට.. චිකන් තයි 2යි, පෝර්ක් චොප් 2යි, කොච්චි සොසේජ් 2යි, පෝර්ක් සොසේජ් 2යි, ගාලික් බ්‍රෙඩ් පෙති 8යි, අන්නාසි පෙති 2යි, කාලෝස්ගෙම වෙජි සැලඩ් එකයි, පැණි රසටයි ඇඹුල් රසටයි සෝස් ජාති 2යි. කිසිම කේස් එකක් නැතුව 4ට දෙනෙක්ට.. මදි නොකියන්ටයි!

5. Grill Hut

මෙන්න.. කැමති විදියට තෝරගෙන පොඩි ගාණකට වුනත් බාබකියු රස බලන්න කියාපු තැනක්. රු. 450ට ශ්‍රීලංකන් ස්ටයිල් බාබකියු තඩි චිකන් තයි එකයි, සැන්ඩ්විච් පාන් පෙති 4යි, සැලඩ් පොඩ්ඩයි, ෆ්‍රයිස් පොඩ්ඩයි, සෝසුයි.. එහෙම නැත්නම් රු. 850ට, ඒත් ශ්‍රීලංකන් ස්ටයිල් බාබකියු තඩි තෝරමාලු පෙති 2යි, සැන්ඩ්විච් පාන්, සැලඩ්, ෆ්‍රයිස් අඩුම කුඩුම ටිකයි. ඔය වගේ ඉතින් තව තියෙනවා. හැබැයි වැඩේ කියන්නෙ මේ පෝෂන් එකක් ඇතිවෙන්නෙ නම් එක්කෙනෙක්ට වගේ තමයි.

Leave a comment