නිකම් එක පාරටම වගේ හිතුනෙ. හැමදාම අපේම කියපු යාළුවන්ට කෑම කඩ කියන එකේ.. මේ පාර ටිකක් ඉහල පැලැන්තියෙ අයට සපෝට් එකක් දෙන්න කියලා. බලන්න මේ තැන්, ගාණ කොහොම වුනත් ටොප් ඉටැලියන් පැස්ටා ටිකක්නෙ මේසෙට එන්නෙ.
ටිකක් විතර අපේ රහටත් හරියන.. තක්කාලි, මිරිස් ටිකක් එහෙමත් ලාවට වගේ ගැලපුන නොම්මර එකේ පෙනේ පැස්ටා එකක් කන්න.. යන්න කොටුව, ඩච් හොස්පිට්ල් එකේ තියෙන කැෆේන් එකට. ගාණ නම් රු. 900ක් විතර වෙනවා. හැබැයි පෝෂන් එක ටිකක් ලොකු නිසා දෙන්නෙක්ට වුනත් ඇති ගානයි. හැරත් රස පංකාදුයිනෙ. ඇති හැටියට පෑන් ෆ්‍රයිඩ් කරපු චිකන් බේකන් දාලා.. ලූණු කොළ අඩුම කුඩුම ටිකකින් සරසලා, ෂැහ්.. බලන්න එපැයි උණු උණුවට මේසෙට ගැලපෙද්දි..
ගංගාරාමය පේන මානයෙ. ප්‍රධාන පාර අයිනටම වෙන්න තියෙන ඔතෙන්ටික් ඉටැලියන් රෙස්ටුරන්ට් එක. පැස්ටා ජාති තොගයක් තියෙනවා විතරක් නෙවෙයි මෙතන. ඒවා හදන්නෙත් මෙයාලමයි, බඩු ගෙන්නලා ලංකාවට. ඒ නිසාම ඉතින් කෑමවල ෆ්‍රෙෂ් ගතිය, රස පදම ගැන අමුතුවෙන් කියන්න ඔ්න නෑනෙ නේ. ගණනුත් රු. 700-1000න් වගේ යන්නෙ.
මේ.. මෙහෙම කියන්නෙ එක පාරක් කාපු පැස්ටා ඇල්ෆ්‍රෙඩෝ එකක් රස වැටිලා.. ආයෙ ආයෙත් කන්න ගියපු සීන් එකක් නිසා. ඇයි අප්පේ ඒකෙ තිබ්බ දේවල්. හීනියට ලියපු මෂ්රූම්, ලූණු, ක්‍රීම් එක්ක පාමෙසාන් චීසුත් දාලා, ඔලිව් ඔයිල් වලින් කුක් කරලා, හ්ම්.,!
තිඹිරිගස්සාය පාරෙ තියෙන්නෙ. පැස්ටා විතරක් නෙවෙයි මෙතන පීසා එහෙමත්.. ටොප් ආ! විශේෂයෙන්ම පැස්ටා කාබොනාරා එහෙම.. ආයෙ චිකන් බේකන්, ක්‍රිස්පි ෆ්‍රයි කරලා ඇති හැටියට දාලා.. රස පදමට කාබොනාරා සෝසුත් දාලා.. ගාණ රු. 1100ක් වගේ වුනාට, දෙන්නෙක්ට කන්නත් පුලුවන්, මතක හිටින රසකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයාලගෙ පෙනේ පැස්ටාත් මරු. මරිනාරා එක එහෙම හීනියට ලියපු ඉස්සො, දැල්ලො එක්ක ගාණටම වගේ චීස්, තක්කාලිත් දාලා..
කින්සි පාරට හැරෙනවත් එක්කම තියෙන මේ රෙස්ටුරන්ට් එක ඇත්තටම හරි අපූරු විලා එකක් ඇතුලෙ තියෙන්නෙ. වටපිටාවත් නිස්කලංක බවේ උපරිම. ඒ වගේම තමයි මෙයාලගෙ කෑම බීමත්. රසයි ආයෙ දෙවනි පාරටත් නොහිතාම එන ගානට. මෙයාලගේ.. ප්‍රෝන් පැස්ටා එක එහෙම! සෑහෙන්න ප්‍රසිද්ධයි. මොකද ඒකට එන ඉස්සො ටික.. ඉටැලියන් සෝස්, තක්කාලි, මිරිස්, ගම්මිරිස්වල හොඳ හැටියට පදම් කරලා. එතකොට ඒ පැස්ටා ටිකටත් මිරිස් එහෙම දාලා, පාමෙසාන් චීස් මෙලෙක් වෙන පදමට..
වැඩේ තියෙන්නෙ ගාණ රු. 1100ක් වගේ නම් වෙනවා..
තලවතුගොඩ හෝකන්දර පාරෙ තියෙන මේ පුංචි කැෆේ එකේ.. තියෙනවා අපේ රහට හැදෙන සුපිරි පැස්ටා එකක්.
ක්‍රීමි චිකන් පැස්ටා! ඇති පදමට ක්‍රීම් චීස් දාලා.. මිරිස්, ගම්මිරිස්, ලුණු අඩුම කුඩුමත් හොඳහැටි දාලා..
හැබැයි එක්කෙනෙක්ට වගේ තමයි කන්න පුලුවන්. ඒත් මොකෝ ඉතින්, රු. 400යිනෙ ගාණ.
We tasted every locally brewed and available beer. In the name of science!
Nelum Kole is a rice-and-curry kade in Boralesgamuwa that provides a convenient and cost-effective lunch spread.
මස්, චීස් පිරෙන්න දාපු රස වෑහෙන බර්ගරයක් රස බලන්න…
Countries that let you in without a fuss with your Lankan passport
The best dinner and drinks spots in Colombo for candlelit romancing.
Delete Comment