බම්බා, කොල්ලුපිටි, කොළඹ පැත්ත ඇරලා තිබ්බට යාලු තියෙන තත්වෙත් එක්ක යන්න ටිකක් බයයිනෙ.. එහෙමයි කියලා ඉතින් කාලෙකට පස්සෙවත් පොඩි පීසා කෑල්ලක් දෙකක් රස නොබලත් බෑ.
අන්න ඒ නිසාමයි අපි කල්පනා කලේ.. කොළඹටම නොගිහින් වටපිටාවෙන් පංකාදු පීසා ටිකක් රස බලන්න, කියාපු තැන් ටිකක් ඔයාලට කියන්න!
තලවතුගොඩින් පිටකෝට්ටෙ පාරෙ පොඩ්ඩක් ඉස්සරහට යද්දි..
පොඩි ප්ලේස් එක. හැබැයි ඉස්සරහ තියෙන ලොකු රැවුල් මූණ නිසා හොයාගන්න අමාරුවෙන්නෙ නෑ. මෙයාලගෙ තනිකරම තියෙන්නෙ වුඩ් ෆ්‍රයිඩ් පීසා. ඒකත් ඔයාලා ඉස්සරහමයි හැදෙන්නෙ. ඔරිජිනල්ම ඉටෑලියන් රහට පෙපරෝනි, සොසේජස්, හැම්, බේකන්.. චිකන්, පෝර්ක්, සීෆුඩ්, වෙජි රසවලින්.. මොසරැල්ලා, රිකොට්ටා, පාර්මෙසාන්, බ්ලු වගේ චීසුත් කැමති හැටියට දාගෙන..
රු. 1500-2000 අතරෙ ටොප් පීසා එකක් බඩ පැලෙන්න කන්න!
පැපිලියාන-බොරලැස්ගමුව පාරෙ, බොරලැස්ගමුව හංදියට පොඩ්ඩක් කලින්..
පුංචි ලස්සන ප්ලේස් එක, වගේම ජාති කීපයකින් හැදෙන පීසා ටිකත් තියෙනව නොම්මර එකට. විශේෂයෙන්ම මෙයාලගෙ මීට්ලවර්ස් එක, බේකන් චීස් එක එහෙම තලු මර මර කෑ හැකි ඈ.. මොකද ඒ මස්වල තියෙනවනෙ.. කොච්චර ඉටැලියන් කරන්න හැදුවත් ඉතුරු වෙච්ච අපේකමක්. අන්න ඒකට ගම්මිරිස්, මිරිස් අඩුම කුඩුම ටිකක් වැටිලා පදම් වෙලා එද්දී.. අනික තනිකරම වුඩ් ෆ්‍රයිඩ්නෙ!
ගණනුත් ඒ හැටි නෑ යාළු. රු. 1500 වගේ ඉඳන්ම තියෙනවා.
මහරගම, නාවින්නෙන් පරණ කොට්ටාව පාරෙ..
කෙලින්ම ආයෙ අපේ රහටම තමයි මෙතන පීසා කන්න තියෙන්නෙ. ම්.. ලොකු ලොකු ජාති ගොඩක් නම් නෑ. ඒ වගේම පීසාවල ලොකූ ඉටැලියන් ගතියකුත් නෑ. බාගෙට බාගයක් පීසාහට් පීසා වගේ. ටොප්න්ග් තියෙන්නෙත් ඩෙවිල් චිකන්, සොසේජස් වගේ රස වලින්. හැබැයි මොසරැල්ලා, පාර්මෙසාන් චීස් එක්ක සලාමි ඉටැලියන් පීසා එහෙමත් ගන්න පුලුවන්. කොච්චර වුනත් අර වුඩ් ෆ්‍රයිඩ් නෙවේනෙ!
ඒ නිසා රු. 1000-1300 වගේ ගණන් වලට..?
ඇතුල්කෝට්ටෙ හංදිය පහුවෙලා පොඩ්ඩක් බත්තරමුල්ල පැත්තට එද්දි පාර අයිනෙම තියෙන මේ පුංචි පීසා ප්ලේස් එකේ.. පංකාදු වුඩ් ෆ්‍රයිඩ් පීසා තොගයක් තියෙනවා. විශේෂයෙන්ම රිකොට්ටා, පාර්මසාන්, මොසරැල්ලා, බ්ලු වගේ චීස් ජාති තොගයකින් හැදෙන ක්වට්‍රෝ පීසා, එග් ඇන්ඩ් බේකන් වගේ පීසා, ස්පයිසි බීෆ්, චිකන්, සොසේජස්, හැම් වලින් හැදෙන පීසා..
ඒකත් කොහොමද රු. 1500 වගේ ඉඳන්..!
බත්තරමුල්ලෙන් පැළවත්ත පැත්තට හැරෙනවත් එක්කම තියෙන, කාලෙන් කාලෙට වෙනස් වෙන එකම ඉටැලියන් රෙස්ටුරන්ට් එක.. මම හිතන්නෙ තවමත් නම ‘බ්‍රිඔ්’ වෙන්න ඔ්න. කොහොමවුනත් මෙතන පීසා පට්ට රසයි. හැරත් ඔ්න මසක්, මාළුවක්, චීස් ජාතියක් තියෙනවා. පෝර්ක්, බීෆ්, චිකන්, එග්, ස්මෝක්ඩ් සැමන්.. එතකොට පෙපරෝනි, හැම්, බේකන්.. චීස් ජාතිත් 5, 6කින්ම..
ඔක්කොමත් හරි පීසා වලට අත දිගඇරලා අඩුම කුඩුම එලනවත් එක්කනෙ. ඉතින් රු. 1500-2500 අතරෙ අවුලක්මත් නෑ.
A list of 15 places for your next day outing.
High tea round-up of 2021.
We tasted every locally brewed and available beer. In the name of science!
Best caterers in Colombo. All in one place.
Post-lockdown high tea seshs in Colombo.
Delete Comment
curious
This is good too, for everyone on the North of Colombo, Ignite Pizzeria & Lounge, Mabole, Wattala.