Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

‘බ්ලැක් පෝර්ක්’ එක්ක.. රොටි, පාන්, බත් හිතේ හැටියට කන්න කියාපු කඩ 5ක්

කාලෙකට පස්සෙ ඔන්න, අපිට ආයෙත් හිතුණා.. පෝර්ක්…

Posted by

කාලෙකට පස්සෙ ඔන්න, අපිට ආයෙත් හිතුණා.. පෝර්ක් ගැන පොඩ්ඩක් කතා කරන්න. නිකම් නෙවෙයි.. ඔය කවුරු කවුරුත් ආස කරන, පංකාදු බ්ලැක් පෝර්ක් කරියක් එක්ක හිතේ හැටියට රොටි, පාන්, බත් කන්න කියාපු කඩ ටිකක්.. ඔයාලටත් කියන්න.

එහෙනම් ඔන්න.. වෙලාවක් තියෙන විදියක් බලල හෙමිහිට ගැලපෙන්නකෝ..

1. PorKen Deli

දෙහිවල, ක්වරි පාරෙ තියෙන්නෙ.. 

නමේ තියෙන විදියටම.. පෝර්ක් කනව නම් යාළු කොළඹ තියෙන හොඳම තැන්වලිනුත් හොඳම තැනක් තමයි මේක. ඉඟුරු සුදුළූණු, රම්පෙ කරපිංච සේර, මිරිස් තුනපහ, අබ සියඹල අඩුම කුඩුම සියල්ලම.. පදමට දාලා හින්දල හදපු ටොප් බ්ලැක් පෝර්ක් කරියක් එක්ක, එයාලගෙම ෆ්‍රෙෂ් ෆ්‍රෙෂ් රෝස්ට් පාන්.. ගෙඩි පිටින් ගිලින්න. හිතන්නකො සම්පූර්ණ වියදම රු. 1000ක් නෑ කිව්වාම?

2. The Hookup

තලවතුගොඩ හන්දියෙන් හෝකන්දර පාරට ගොඩවෙද්දිම..

පොඩි කඩේ, හැබැයි බලන්න එපැයි වැඩේ. පිස්සු හැදෙනව යාළු මෙයාලගෙ බ්ලැක් පෝර්ක් කරියයි, උණු උණු රොටි සුවඳයි.. ෂප්පේ, බලා ඉඳිද්ද කටට කෙල උනයි. ඇත්තටම මිරිස්, ගම්මිරිස් තුනපහ ටිකයි ඉඟුරු සුදුළූණු ටිකයි නම් ලෙසටම දාලා හදපු බ්ලැක් පෝර්ක් එකක්. ඒකත්.. තනිකරම මස් කෑලි වලින් පිරිලා. ඉතින්.. හොඳහැටි කරවුනු, මදි නොකියන්න පොල් එහෙම දාලා හදපු උණු උණු පොල් රොටිත් එක්ක.. යම්..!

ඊටත්, ගාණත් රු. 300-400ක් වගේනෙ.

3. Machan

කවුරුත් දන්න කියන, හැබැයි ඒ කුවුරුත්ම සිහියෙන් කටින් නොකාපු බ්ලැක් පෝර්ක්..

ඊලඟ පාර මචං ගියාම, බොන්න කලින් කන්න හොඳද. එතකොට ඒ රස හොඳහැටි විඳින් පුලුවන්. ඇත්තටම එයාලගෙ බ්ලැක් පෝර්ක් විත් යෙලෝ රයිස් එකට ගහන්න නම්.. ආයෙ ලංකාවෙ වෙන තැන් නෑ ෂුවර්. මිරිස්, ගම්මිරිස්, බැදපු තුනපහ, මස්කරි, ඉඟුරු සුදුලූණු, රම්පෙ කරපිංච, ගොරක සියඹලේ ඉඳන්ම.. මේං කියල අඩුවක් නැතුව දාලා හදපු කරියක්.. කොහොමද ඒකත් එක්ක සුවඳ ගගහ, උණු උණුවට කහබතක් රස බලද්දි?

ගාණ රු. 500-600ක් වගේ යන්නෙ.

4. Street Grill

පිටකෝට්ටෙ-තලවතුගොඩ පාරෙ තියෙන අළුත් තැනක්. රු. 600ට බඩ පැළෙන්න.. පරිප්පු, පොල්සම්බෝල, බ්ලැක් පෝර්ක් එක්ක උණු උණු රෝස්ට්පාන් කන්න කියාපු ප්ලේස් එකක්. කිව්වට විශ්වාස කරන්න.. හොඳහැටි මිරිස්, ගම්මිරිස් උම්බලකඩ දාපු ලුණු දෙහි පදමෙනුත් අඩුවක් නැති පොල්සම්බෝලෙ. එතකොට පොල්කිරි, මිරිස් තුනපහ පදමට දාලා ලාවට හින්දල ගත්ත පරිප්පුව. ඒ එක්ක කොහොමද.. බැදපු තුනපහ, මස්කරි, ඉඟුරු සුදුළුණු, මිරිස් අඩුම කුඩුම සියල්ලම දාලා හොද්ද තියෙන්න ගලපපු, මස් කෑලි වලින්ම පිරුණු.. බ්ලැක් පෝර්ක්..

හ්ම්…

5. The Exchange Pub & Restaurant

බොන්න තියෙන ප්ලේස් එකක් වුනාට.. මෙයාලගෙ බ්ලැක් පෝර්ක් රෝස්ට් පාන් එක නම්.. බයට් එකට වඩා සෙට්වෙන්නෙ ඩයට් එකට. මොකද මැටි ඇතිලියෙ හින්දල හදපු, අඩුම කුඩුම කිසි දෙයකින් අඩුවක් නැති, මස් කෑලිත් මදි නොකියන්නම එකතු වෙච්චි සුපිරි බ්ලැක් පෝර්ක් කරිය.. එක්ක කොහොමද උණු උණු රෝස්ට් පාන්..

ෂැහ්, බියර් එකක් වගේ ලංකර ගත්ත නම්..

රු. 700යි හොඳේ!

Leave a comment