ඇහුවොත් ඉතින් හැමදාම..
එක්කො පෝර්ක් නැත්නම් බීෆ්, එහෙමත් නැත්නම් සීෆුඩ් හරි මොනවහරි.
ඇත්තටම එපා වෙන්නෙ නැද්ද ආ..?
ඉතින්.. ඒවා හිතන්නෙ නැතුව යාළු, ඔන්න කාලෙකට පස්සෙ.. හිතේ හැටියට රස බලන්න ටොප් කළුකුම්, බැටළු මස් ටිකක්…
කෝට්ටෙ නාවල පාරෙ තියෙන මේ ප්ලේස් එකේ.. තියෙනව බැටළුවා. හැබැයි ග්‍රිල් කරලා. ටොප් එකට බාබකියු රස තියෙන්න.. ලාවට චාකෝල් දුම් රසත් එන්න.. ඊටත් බලන්න එපැයි සෝස් ටිකක් එහෙම ගැලපිලා එද්දි.. ෂැහ්, පංකාදුයි ආ..
ම්.. ඔයාට ඔ්න නම් මෙතන ලැම්බ් වෙනමම ගන්නත් පුලුවන්. එහෙම නැත්නම් රු. 3000 මික්ස් ප්ලැටර් එකටත් මදි නොකියන්න එනවා හොඳේ.
තිඹිරිගස්යාය, ජාවත්ත පාර ඉස්සරහම වගේ..
මෙතනත් තියෙන්නෙ ලැම්බ්. හැබැයි ටිකක් අපේ රහට හදලා, වෙස්ටර්න් කෑමකට ගලපලා. ම්.. ගාණ නම් රු. 1000ක් විතර වෙනව. හැබැයි රස නොම්මර එකට තියෙන නිසා පාඩු නෑ. ඒ හැරුනාම ඉතින් ඒ රොටිය කන්නත් පුලුවන් එක්කෙනෙක්ට විතරයි.
ආහ්.. කියන්න බැරිවුනානෙ, ඒකෙ තියෙන්නේ.. ගම්මිරිස් එහෙම හොඳහැටි දාලා කරි රස ලාවට තියෙන්න හදපු ලැම්බ් තොගයක් එක්ක මයො!
ඔ්ඩරයක් දාගන්න.. ඉන්න තැනටම ගෙන්න ගන්න..
මෙයාලගෙ තියෙනවා සුප්පා ලැම්බ් කොෆ්ටා රැප් එකක්. මදි නොකියන්න ලීක්ස්, ලූණු, අමුමිරිස්, ගම්මිරිස්, ලුණු, මයො අඩුපාඩු ටික දාලා.. මැද්දට තියලා ස්මෝක්ඩ් රෝස්ට් කරපු ටේස්ට් ලැම්බ් තොගයක්..
වැඩේ කියන්නෙ ගාණ රු. 1000ක් විතර වෙන එක තමයි.
පැලවත්තෙ තියෙන මේකත් තනිකරම මස් කඩයක්. එක එක රහට මස් ජාති තොගයක් තියෙනවා. හැබැයි ලැම්බ් වලින් නැගලා යන්නෙ බාබකියු ලැම්බ් එකයි, මික්ස් ප්ලැටර් එකට එන ග්‍රිල්ඩ් ලැම්බ් එකයි තමයි. මොකද ඒක තඩි මස් පලුවක්නෙ. ඊටත් හොඳහැටි සෝස් වලින් රස වෙලා, චාකෝල් දුම් රසත් අල්ලලා..
ආයෙ බයිට් එකට එහෙම කියාපුම ඈ..
වැඩිය ඔ්න නෑ 3දෙනෙක් සෙට්වෙලා ගියා නම් රු. 2200ට, ගත්තා ප්ලැටර් එක.. කන්න තියෙන්නෙ හිතේ හැටියට!
කටට රහට උණු උණුවට කළුකුම් කරියක් කන්න..
යන්න කොහුවල තියෙන මේ ප්ලේස් එකට. හැබැයි ඉතින් ලන්ච් ටයිම් එකට තමයි හොඳද.
හරි රහට, තුනපහ ටික වැටිලා හැදෙන කරිය. මේසෙට එන්නෙ බත් එක්ක. හැබැයි ගැලපෙන්නෙ නම් පෝරණු පාන් ගෙඩියකට වගේ. එකම අවුල තියෙන්නෙ අර කරියට හරි හැටි මස් කෑලි එන්නෙ නැති එකනෙ, හ්ම්..
ගාණත් රු. 500ක් වෙලා..!
Day outing packages available in and around Colombo.
The 2021 edition of buffets in Colombo.
Post-lockdown high tea seshs in Colombo.
Where, how, and why to find love in the paradise island.
Sepala Ekanayake is the one and only Sri Lankan to hijack an aircraft.
Delete Comment