Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

රු. 500ට එක එක ජාතියෙන් සුපිරි ඉඳිආප්ප කොත්තු කන්න කියාපු කඩ 5ක්

හැමදාම රොටි කොත්තු කන එකේ… මේ පාර පඩි…

Posted by

හැමදාම රොටි කොත්තු කන එකේ…

මේ පාර පඩි දවසෙ,

කමුද වෙනසකටත් එක්ක ඉඳි ආප්ප.. පෝර්ක් කොත්තුවක් වගේ?

1. Cimply Yummy

නිකම් බිත්තර, චිකන් ඉඳිආප්ප කොත්තු වගේද බේකන්, සොසේජස්, රෝස්ට් චිකන්, මික්ස් ව‌ගේ ඉඳිආප්ප කොත්තු? ඒකත් නිකම් නෙවෙයි හොඳහැටි කැරට්, ලීක්ස්, චිලිපේස්ට් අඩුම කුඩුම ටික දාලා පදමටම හදාපුවා. ඉඳිආප්පත් මං හිතන්නෙ 20ක් විතර දාලාද කොහෙද දෙන්නෙක්ට බඩ පැළෙන්න කන්න පුලුවන් ගානයි. මස් මදිපාඩු ටිකත් ටක්කෙටම. වැඩිය ඔ්න නෑ, කන කන කටක් ගාණෙ මොකක්ම හරි මසක් මාලුවක් අහුවෙනවනෙ. ඒ හැරුනාම කොච්චි ටිකක් එහෙමත් දාලා.. හායි හූයි, කඳුලු පනින තරමට. අර එකම අවුල තියෙන්නෙ මෙයාලගෙ කෑමවල තෙල් ටිකක් වැඩියි. නැත්නම්.. සත්තයි රු. 400-700ට පංකාදුයි ඈ!

2. Nelum Kole (Kohuwala)

හොරාට හොරාට මෙයාලා හැන්දෑවට හැන්දෑවට දාන ඉඳිආප්ප පෝර්ක් කොත්තුව!

වෙන මුකුත් ඔ්න නෑ, රු. 300යි දෙන්නෙක්ට ඇති. අනික රස? ෂැහ්.. ටොප් ආ.. මේං කියල කිසිදේකින් අඩුවක් නෑ යාළු, එළවළු, බිත්තර ටිකේ ඉඳන් කරි පෝර්ක්.. තෙල් කෑලි 2, 3යි අනෙක් සියල්ල මස්. සැරත් තියෙනවා.. නොම්මර එකටම ඈ.. ආයෙ ‘කොත්තු’ කියන නමට හරියන්න. ඒ හැරුනාම රෝස්ට් චිකන් අනං මනං කොත්තුත් තියෙනව. ඒත්.. අපි නම් කියන්නෙ ‘පෝර්ක් කොත්තු’ම තමා..

3. New Majestic Hotel

සුපිරිම.. ෆ්‍රයිඩ් බීෆ් ඉඳිආප්ප කොත්තුවක් කන්න රු. 400-500ට, යන්න බම්බ එම්සී. එක ඉස්සරහට. ආයෙ වරදින්නෙ නෑ, ඔ්න වෙලාවක කෑම තියෙනව. ඒ වගේමයි රසත්.. පංකාදුයි! කිව්වට විශ්වාස කරන්න යාළු දෙන්නෙක්ට කන්න පුලුවන් සයිස් තඩි ඉඳි ආප්ප කොත්තුවක් එන්නෙ. ඒකෙත් බීෆ් කෑලි 10, 12ක් විතරම දාලා කැරට්, ලීක්ස් අඩුම කුඩුමයි, බිත්තරයි මදි නොකියන්න..

පොඩි වැඩක් කියන්නම්, ඒ ඉඳිආප්ප කොත්තුවත් එක්කම ගන්නකො ඔයාලා ඩබල් අයිස් මයිලෝ එකක්!

ආයෙ එච්චරයි, උගුර ගාවට පිරිල කියයි හ්ම්…

4. KKY Hotel

ෆ්‍රයිඩ් බීෆ් එහෙම වෙද්දි හොඳම, රසම, සුපිරිම.. කරි බීෆ් ඉඳිආප්ප කොත්තු?

කතා දෙකක් නෑ ගල්කිස්සෙ කේකේවයි. රු. 300යි වෙන්නෙ. දෙන්නෙක්ට නෝමල් එකේ ඇතිත් එක්ක. තුනපහ, මිරිස් හොඳහැටි දාලා ලාවට හින්දපු බීෆ් කරියක.. හොදියි කෑලි 8, 10කුයි.. තැටියෙ හැදෙනවා.. මේසෙට එනකොට නිකම් සුවඳටම පිස්සු වගේ..

5. Serandib Hotel

වෑව්.. මොකද කියන්නෙ, කමුද දයියා බාබත් ඉඳිආප්ප කොත්තුවක්?

රු. 300ට. හොඳහැටි කැරට්, ලීක්ස් අඩුම කුඩුමත් එක්ක බිත්තරයකුත් දාලා.. මිරිස්, තුනපහ අඩු නැතුව දාලා හදපු බාබත් කරියකින් තඩි පීරිසි දෙකක් විතර දාලා.. ටකට ටකට ගාලා හැදෙන කොත්තුවෙ රස යාළු? 

මකූත් කියන්නෙ නෑ. ගිහල්ල කාලාම බලන්නකො!

Leave a comment