Artwork for Astra Mayo top banner 1
Artwork for The Garden top banner
Artwork for TEA STALLS sbb 1 Artwork for providore.shop sbb 2

ගෙදරදි.. ලේසියෙන්ම හදාගන්න කියාපු ටොප් ‘පොර්ක්’ කෑම 5ක්!

අපේ පෝර්ක් ෆෑන්ස්ලට.. කාලෙකට පස්සෙ හරිහැටි…

Posted by

අපේ පෝර්ක් ෆෑන්ස්ලට..

කාලෙකට පස්සෙ හරිහැටි පෝර්ක් පාරක් දාන්නත් බැරිවෙන්න ඇතිනෙ.

ඒනිසා.. බලන්නකො හෙමින් සැරේ ගෙදර යන ගමන් පෝර්ක් ටිකක් අරගෙන ගිහිල්ලා, මේවයින් එකක් හදලා.. 

ආයෙ කඩෙන් පෝර්ක් කන එකක් නැතිවෙන්නත් පුලුවන් ආ..?

1. පෝර්ක් ඇඹුල් තියල්

තෙල් කෑලි අඩුවෙන්ම අහුවෙන්න කපන්න පොර්ක්.. අඟලෙ අඟලෙ කෑලි වලට. කපලා.. මැටි ඇතිලියකට දාලා, ඒකට දාන්න සුදුලූණු, ගම්මිරිස්, ගොරකා, ඉඟුරු, ලුණු ගලේ අඹරලා දෙහි ඉස්මෙන් දියකරලා. දාලා හොඳට අතගාලා තියන්න වරු බාගයක් විතර පදම් වෙන්න. ඒ පදම් වුනාට පස්සෙ මැටි ඇතිලිය එහෙම්මම ලිපේ තියන්න මද ගින්නෙ. ටික වෙලාවක් යද්දි පෝර්ක්වල තෙල් මතුවෙන්න ගනියි. අන්න එතකොටම.. ඒකට දාන්න බැදපු තුනපහ, රම්පෙ කරපිංචා, කහ, අමුමිරිස්, මිරිස්කුඩු. දාලා මස් මට්ටමට ඇඟිලි පුරුකක් විතර උඩට එන්න වතුරත් දාලා.. හින්දන්නයි තියෙන්නෙ බොර ගතිය එනකම්ම!

2. ස්පයිසි ස්මෝක්ඩ් පෝර්ක්

මේකට හරියන්නෙ පෝර්ක් චොප් එකක් හරි රිබ් එකක් හරි. හොඳට හෝදලා කරලා අරගෙන අඟලෙන් අඟලට ඉරි ගහලා, ගාන්න මිශ්‍රණයක් කොච්චි, රතු මිරිස්, ගම්මිරිස්, ලුණු, සියඹලා, ඉඟුරු, සුදුළූණු, කරපිංචා එකට අඹරලා විනාකිරි වලින් දියකරපු. ගාලා තියන්න වරුවක් විතර හොඳහැටි පදම් වෙන්න. ඊට පස්සේ.. දර ලිපක් අවුලලා.. ඒකෙ අඟුරු උඩින් තියන්න පෝර්ක් පලුව දිග කම්බියක ගහලා. (දැලක් පාවිච්චි නොකර ඉන්න පුලුවන්න නම් හොඳයි) කොහොමහරි තෙල් ටික බේරිලා මස හයියට තැම්බුනාට පස්සෙ..

දෙසන්නයි තියෙන්නෙ සැන්ඩ්විච් එකකට වගේ මැද්දට තියාගෙන.

3. දර අඟුරු ෆ්‍රයිඩ් පෝර්ක්

මේකට නම් පෝර්ක් චොප් එකක්ම ඔ්න. ඒකත් අරගෙන හෝදලා කරලා ඉරි ගහන්න ගොඩක් ගැඹුරට.. වෙන් වෙන නොවෙන ගාණට. ඊට පස්සෙ ඒක ගිල්ලලා තියන්න.. මිරිස්, ගම්මිරිස්, ලුණු, සියඹලා, ඉඟුරු, කහ, සූදුරු, එනසාල්, කරාබු, සුදුළූණු, කරපිංචා එකට අඹරලා දෙහි ඉස්මෙන් දියකරලා, මීකිරිත් එක්ක හොඳහැටි කලවම් කරලා හදාගත්තු මිශ්‍රණයක. වරු බාගයක් විතර තිබ්බට පස්සෙ කෙහෙල් කොළ 2ක් ඩබල් දාලා අරගෙන, පෝර්ක් චොප් එක ඒකෙ ඔතන්න සීල් වෙන්න. අන්තිමටම ඉතින් හොඳ දර අඟුරු ගොඩක් අස්සෙ ගහන්නයි තියෙන්නෙ. හැබැයි කෙහෙල් කොලේ පිච්චීගෙන එනකොට අනික් පැත්ත දාලා, පදම බලලා, බාන්න ඔ්න හොඳද.

4. ඩ්‍රයි පෝර්ක් තෙල්දැමුම

පෝර්ක් කරවල. හදාගන්නෙ මෙහෙමයි.

පෝර්ක් තුනී පෙති කපන්න. කපලා වට්ටියක එලලා, ගිණි අව්වෙ වේලගන්න හොඳහැටි ලුණු අතගගා.. පදමට වේලුණාට පස්සෙ ඒවා සීල් බෝතලයක දාලා තියාගන්නත් පුලුවන්. හැරත් පොඩි පොඩියට කපලා, කරවල තෙල් දානවා වගේ ලූණු, කොච්චි අඩුම කුඩුම ටිකක් එක්ක තෙල්දාලා අරගන්නකො. ආයෙ සයිඩ් එකෙන් පොල් සම්බෝලයකුත් තිබුන නම්..

5. කිතුල්පැණි පෝර්ක්

ලොකු දෙයක් නෑ. සෙන්ටිමීටරයක් විතර ඝන පෝර්ක් පෙති අරගෙන පැණි මුලක ඔබලා තියන්න රෑ එළිවෙනකම්. ඊට පස්සෙ දවල්ට ඒකෙන් එළියට අරගෙන ලොකු පැතලි කළු ගලක් උඩින් එලන්න වේලෙන්න. ඔය විදියට සතිය දෙක යද්දි.. පෝර්ක් එකේ පදම සෙට්වෙලා එනවා.. ආයෙ සැන්ඩ්විච්, බර්ගර් හදන්න එහෙම කියාපු ඈ..

Leave a comment