අල..
කිරට උයනව නැත්නම් තෙල් දානව, එහෙමත් නැත්නම් බැදල කනව විතරයිනෙ.
හැබැයි ඒ වගේද බලන්න මෙන්න මේ පහලින් තියෙන අල කෑම ටික.
එක පාරක් හදල බැලුවොත් ආයෙ හැමදාම වුනත්..
ටිකක් ලොකු අල ගෙඩියක් තම්බා ගන්න. ඊට පස්සෙ ඒකෙ උඩින් පුංචි හිලක් හදල මැද්ද අයින් කරන්න ඝනකම සෙන්ටිමීටර භායක් විතර තියෙන්න. ඊටත් පස්සේ.. ඒකට බිත්තරයක් කඩල දාලා, ලුණු, ගම්මිරිස්, අමු මිරිස්, ලූණු පොඩි පොඩියට කපල දාලා.. උඩ හිල, අයින් කරපු අල වලින්ම තද කරල වහල, හොඳහැටි බිත්තර සාරු, පාන් කුඩුවල දෙතුන් පාරක් දවටල ගැඹුරු තෙලේ බදින්නයි තියෙන්නෙ.
අල පෙති කපල හොඳට තම්බාගන්න. ඊට පස්සෙ ඒ පෙති සෝයා සෝස්, දෙහි, බ්ලැක් පෙපර්, ඉඟුරු, සුදුළූණු, මිරිස්කුඩු ඇති හැටියට දාපු මිශ්‍රණයක වරු බාගයක් විතර පදම් කරන්න. කරලා.. තෙල් ටිකක් පෑන් එකකට රත්වෙන්න ඇරල, පෙති ටික දාලා තරමක් බැදීගෙන එද්දි.. ලූණු, අමු මිරිස්, රතු මිරිස් එක්ක අර පදම් කරන්න ගත්තු මිශ්‍රණයෙ ඉතුරු ටිකත් දාලා, වතුරත් තරමකට වගේ එකතු කරල හින්දල ගන්නයි තියෙන්නෙ..
ඉහත කී පරිදිම.. හැබැයි අල පෙති නෙවෙයි කපන්න ඔ්න කොටු. කපල ගැඹුරු තෙලේ ලාවට බැදලා.. සාමාන්‍ය මාළු ඇඹුල් තියල් දානව වගේම මැටි ඇතිලියක, ගලේ අඹරපු බැදපු පොල්, අබ, ඉඟුරු සුදුළූණු, ගොරක සියඹල මිශ්‍රණයක් හොඳට අතගාලා, රම්පෙ කරපිංච ටිකකුත් දාලා වතුරෙන් කර වෙන්න හින්දල ගන්න. ඔතනදී.. රස ටිකක් වැඩි කරගන්න පුලුවන් ඔයාලට අර ඇඹුල් තියල් මිශ්‍රණය අල කෑලිවල අතගාලා වරු බාගයක් විතර පදම් වෙන්න ඇරිය නම්.
මේකෙදි නම් අල ඉස්සෙල්ලම තම්බන්නෙ නෑ. පොත්ත රැහැල තුනී පෙති වලට කපාගන්නව ග්‍රිල් එකක් උඩ එලන්න පුලුවන් වෙන්න. ඊට පස්සේ.. දර අඟුරු ගොඩක් උඩින් ග්‍රිල් එක තියල අල පෙති එලල.. ඒවයෙ උඩ ගාන්න ඔ්න බටර්, ලුණු, මීපැණි, සුදුළූණු, මිරිස්, ගම්මිරිස් කුඩු, සුදුළූණු චුට්ටක මිශ්‍රණයක්. ගාන ගමන් දෙපැත්ත ද දා.. හොඳට තැම්බිලා ක්‍රිස්පි ගතියට එනකම්ම ස්මෝක්ඩ් කරගත්ත නම්..
බීර වීදුරුවකට වගේ එහෙම.. පංකාදුයි ආ..
එලෙසින්ම.. හැබැයි අල පෙති චුට්ටක් ඝනකමට කපාගන්න ඔ්න. ඊට පස්සේ.. බාබකියු මිශ්‍රණයෙ අතගාලා හොඳට පදම් වෙන්න ඇරලා.. සෝස් එක්ක බාබකියු කරල ගන්නයි තියෙන්නෙ..
ඇත්තටම මේක නම් හොඳයි වෙජිටේරියන් බෙබෙක්ට, හ්ම්..!
16 places for your next coffee date.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
A list of 15 places for your next day outing.
Where, how, and why to find love in the paradise island.
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Delete Comment