මෙතන ලංකාවෙ ඒවත් තියෙනවා..
පිටරට ඒවත් තියෙනවා..
ඒ දෙක කලවම් කරලා හදපුවත් තියෙනවා.
ඒ නිසා තෝරලා බලලා වැඩේට බහින එක ඔබට බාරයි ඈ..
කටු රහිත බීෆ් ග්‍රෑම් 500ක් විතර ගන්න. අරගෙන හොඳට කැපෙන පිහියකින් බීෆ් ටික හීනියට ලියාගන්න. ඒ වගේම ඉදුණු තක්කාලි ග්‍රෑම් 100ක් විතරත් ඇට නටු අයින් කරලා හීනියට ලියාගන්න ඔ්න. ඊට පස්සෙ ඒ දෙකම ඇඹරුම් ගලට දාලා, තව බ්ලැක් පෙපර් ග්‍රෑම් 50ක්, ලුණු ග්‍රෑම් 20කුත් දාලා පේස්ට් එකක් වෙනකම්ම අඹර ගන්න. අඹරලා.. ඒකෙන් පැටි හදලා ස්ටීම් කරලා බර්ගර්, ස්ටු, ඩෙවිල් වගේ කෑම හදන්නත් පුලුවන්. නැත්නම් ෆ්‍රීස් කරලා කල් තියාගන්නත් පුලුවන්.
මේකට ගන්න ඔ්න කටු නැති පෝර්ක් ග්‍රෑම් 500ක්. අරගෙන ඒකෙ හම මුලුමනින්ම කපලා අයින් කරන්න ඔ්න. අයින් කරලා තෙල් කෑලිත් එක්කම පෝර්ක් ටික හීනියට ලියාගන්න. ලියාගෙන ඒක ඇඹරුම් ගලේ අඹරන ගමන් එකතු කරන්න නටු අයින් කරලා හීනියට ලියපු අමුමිරිස් ග්‍රෑම් 100යි, කුකින්ග් චීස් ග්‍රෑම් 200යි, ලුණු ග්‍රෑම් 20යි. එකතු කරලා පේස්ට් එකක් වෙනකම්ම අඹරන්නයි තියෙන්නෙ. අඹරලා.. පැටි හරි සොසේජස් හරි හදලා, හුමාලයෙන් තම්බලා ෆ්‍රීස් කරලා කල් තියාගන්නත් පුලුවන්. නැත්නම් ඩෙවිල්, ස්ටෆ්රයි, මිරිසට කරි.. ඔ්න දෙයක් හදන්නත් පුලුවන්.
කටු රහිත බීෆ් ග්‍රෑම් 500යි. ලුණු ග්‍රෑම් 20යි. කුකින්ග් චීස් ග්‍රෑම් 300යි.
වැඩෙත් හරිම ලේසියි…
බීෆ් ටිකයි, චීස් ටිකයි මුලින්ම හීනියට ලියලා තියාගෙන, මුලින්ම බීෆ් ටික ග්‍රයින්ඩර් එකට දැම්මා. ඒ ටික ඇඹරීගෙන එනකොට චීස් ටිකයි ලුණු ටිකයි දැම්මා. තලපෙටම සෙට් වෙද්දි ලෑල්ක් උඩට බාලා සෙන්ටිමීටර් කාලට විතර තුනී කරලා ලොකු කොටු කපාගත්තා. කපලා හුමාලයෙන් තැම්බුවා.. කල් තියාගන්නව නම් ෆ්‍රීස්. නැත්නම් මොසරැල්ල හොඳහැටි දාපු ‘හැම් ඇන්ඩ් චීස් ටෝස්ට්’!
චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 500ක් අරගෙන..
මේකෙදි ඒක හීනියට ලියන්න යන්න එපා. එහෙම්මම මැටි ඇතිලියකට දාලා, ඒකටම දාන්න දෙහි ගෙඩි 3ක ඇඹුල්. දාලා තියලා.. වෙනමම හදාගන්න පිරිසිදු පොල්තෙල් මිලිලීටර් 50ක ලාවට කර කරගත්තු මිරිස් කුඩු මේස හැඳි 3යි, තුනපහ මේස හැඳි 2යි, සුදුලූණු පේස්ට් මේස හැඳි 2යි, අබ පේස්ට් මේස හැන්දයි, කොත්තමල්ලි කුඩු තේ හැන්දයි, සූදරු/ මහදුරු තේ හැන්දයි, එනසාල්, කරාබු තේ හැඳි බාගෙ බාගෙක මිශ්‍රණයක්. හදාගෙන ඒක දාන්න ඇතිලියට. දාලා තව කරපිංචා, ලුණු, ගම්මිරිස්, ගොරකා මේස හැන්ද ගානෙ දාලා අඹරලා හදාගත්තු පේස්ට් එකකුත් දාන්න. දාලා හොඳහැටි අතගාලා, වරු බාගයක් විතර පදම් වෙන්න ඇරලා ඒ අඩුම කුඩුමත් එක්කම ග්‍රයින්ඩරේට දාලා හීනියටම අඹර ගන්න. අඹරලා ඉවර වුනාට පස්සෙ ලෑල්ලක තුනීකරන්න සෙන්ටිමීටරේ විතර ඝනකම තියෙන්න. ඊට පස්සෙ ඉතින් කොටු කපාගන්නව නම් එහෙමයි, රවුම් නම් එහෙමයි..
ඒ මොක කැපුවත් කල් තියාගන්නව නම් හුමාලයෙන් තම්බලා ෆ්‍රීස් කරන්න ඔ්න. නැත්නම් දවටල බැදලා වගේ..!
මේකෙදි කලින් වගේම චිකන් බ්‍රෙස්ට් 500ක් අරගෙන, හැබැයි හීනියට ලියාගන්න ඔ්න. ලියලා.. ඒක මැටි ඇතිලියකට දාලා.. දාන්න ලූණු ග්‍රෑම් 50ක විතර සුදුලූණු පේස්ට්. දාලා හොඳට අතගාලා වරුවක් විතර තියන්න පදම් වෙන්න. ඊට පස්සෙ ඒක එලෙසින්ම ග්‍රයින්ඩරේට දාලා මී පැණි අරික්කාලක් විතරත් දාලා ග්‍රයින්ඩ් කරන්න. ගොඩක් දුරට තරමක් දියාරු පේස්ට් එකක් තමයි එන්නෙ. හැබැයි ඒ පේස්ට් එක එහෙම්මම භාජනයකට දාලා ෆ්‍රීස් කලා නම් කෑලි, පෙති.. ඔ්න විදියකට කපාගන්න පුලුවන්. අනිත් එක ඒ ෆ්‍රීස් එක බැහැලා ගියා කියලා ආයෙ පේස්ට් එක දියාරු වෙන්නෙත් නෑ..!
A 100%, home-grown brunch spot in Borella, serving up some fantastic Continental and Lankan treats.
There's a new 1979 in Dehiwala now, with BYOB and Sri Lankanised Chinese food.
We tasted every locally brewed and available beer. In the name of science!
Countries that let you in without a fuss with your Lankan passport
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Delete Comment