කාලෙකට පස්සේ.. නෝමල් බත්කඩ ටයිප් ප්ලේස් එකකින් බත් ටිකක් එහෙම කන්න නැතුව ඇති නේ. කෑවත්.. ඉස්සර කාපු ප්ලේස් එකකින් මිසක් අලුත් තැනකින් කොහොමත් කන්න නැතුව ඇතිනෙ?
අන්න ඒකයි!, අපි ඒක දන්න නිසාමයි.. මාස ගාණකට පස්සෙ, හිතේ හැටියට කටට රහට බඩ පැලෙන්න..
දයියා මස්, මාළු කරියක් එක්ක හොඳ පරිප්පුවක්, පොල්සම්බෝලයක්, පංකාදු එළවළු මාලු ටිකක් එක්ක හායි හූයි කිය කිය බත් ටිකක් කන්න, කියාපු අළුත් අළුත් කඩ ටිකක් ඔයාලට කියන්න කල්පනා කළේ. ඒකත්.. එසේ මෙසේ නෙවෙයි, අතේ තියෙන ගාණටමයි.. හ්ම්..!
කොළඹ විතරක්යැ සුපිරි බත්කඩ තියෙන්නෙ, මළවිකාර…
මේ බලන්න යාළු මීගමුවෙ තියෙන ‘පොලොස්’ එක!
ඔයාලා එක පාරක් ගියොත් ආයෙ ඔතාගෙන එන්නෙ ඈ.. ඔතාගෙන. හිතන්නකො උණුඋණුවට, මැටි පිඟානක, කෙහෙල් කොලේකට බෙදිල එනකොට… කහබත්, අල තෙල්දාලා, සීනි සම්බෝල, සලාද, එහෙම නැත්නම් බෝංචි, පරිප්පු, අඹ වගේ කැමති කැමති ජාතියකින් ව්‍යංජන.. එක්ක, මදි නොකියන්න මිරිස් තුනපහ, ලුණු ඇඹුල් ගලපල හින්දල හදපු පෝර්ක්, බීෆ්, මාළු, ඉස්සො, දැල්ලො ඔ්නම එකක්..
වැඩිය ඔ්න නෑ රු. 200-400යි උපරිම හොඳද!
මෙන්න ශ්‍රී ලංකන් සවාන්.. එන්නෙ ලොකු වේවැල් වට්ටියක කෙහෙල් කොල එලල ඒ උඩට බෙදල. ඒකත් නිකම් බත් නෙවෙයි.. රම්පෙ කරපිංච, සේර අඩුම කුඩුම සියල්ලෙමන් රස වෙච්ච ගී බත්.
ඒකත්.. කෑමට.. ඉතාම රසවත්.. බටු මෝජුවකුයි, පරිප්පු තෙල්දැමුමකුයි, අල තෙල්දැමුමකුයි, අඹ කරියකුයි එක්ක.. දයියා පදමට හදාපු චිකන් ඩෙවිල් තඩි පෝෂන් එකක් එනවා...
වැඩක් නෑ යාළු, කෙලින්ම 6, 7දෙනෙක්ට ඉස්මුරුත්තාව එනකම් කන්න පුළුවන්, ඔව්..
ගාණත් රු. 2900ක් වෙන්න.
කොහොමද රතු බතක් එක්ක ෆ්‍රෙෂ් කොළ මැල්ලුමකුයි, ටොප් පරිප්පුවකුයි, බණ්ඩක්කා තෙල්දැමුමකුයි, පොලොස් කරියකුයි.. පෝර්ක් තොගයකුයි තිබ්බොත්, රු. 300කට වගේ.. කන්න බෑහ්?
එහෙම නැත්නම්.. පංකාදු චිකන් කරියක්, මාලු ඇඹුල් තියලක්, පොල්සම්බෝලයක් එක්ක සුදු බතක්..
කියාපුම තැන තමයි කලුබෝවිල කැෆේ තුනපහ එක. ගිහිල්ලම බලන්නකෝ..
මෙතනත් එලෙසමයි යාළු. පංකාදු පොලොස් කරියක් එක්ක, රස පදමට මිරිස් තුනපහ ටික දාලා හොද්ද තියෙන්න හදපු චිකන් කරියයි.. අල, පරිප්පු, කැරට්, බීට්, බෝංචි, මෑකරල් වගේ එක එක විදියේ එළවළු ව්‍යංජන තොගයයි..
බත් එකකුත් රු. 200-300යි…
සුපිරි පරිප්පු හින්දුමකුයි, මිරිස් තුනපහ අඩු නැති පෝර්ක් කරියකුයි එක්ක… ගමේ රහට කෙහෙල්මුව මාලුවක්, මෑකරල් ව්‍යංජනයක්, පොලොස් ඇඹුලක් වගේ රස බලන්න..
රු. 200-300 වගේ පොඩි ගාණකට.. යන්න නුගේගොඩ රේල්වේ ඇවිනියු එකට, හරිය!
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
A list of 15 places for your next day outing.
Post-lockdown high tea seshs in Colombo.
We tasted every locally brewed and available beer. In the name of science!
Delete Comment