ඔය කිව්වට මාත් තවම කඩෙන් ගත්තෙ නෑ සැමන්, පරිප්පු. කොහොමවුනත් මේ බලන්නකො.. ගෙදර ඉන්න ගමන් ඔයාලාට කටට රහට හදාගන්න කියාපු කෑම ටිකක්..
සැමන්, පරිප්පු වලින්!
බය නැතුව හදල බලන්න යාළු සත්තයි, මේවා පංකාදු පහයි.
මේක නම් සාමාන්‍ය ස්ටු දැමිල්ලක්ම තමයි. හැබැයි මස් වෙනුවට සැමන් ගන්න නිසා, මුලින්ම සැමන් ටික ලාවට පෑන් ෆ්‍රයි කරගන්න ඔ්න. ඒ වගේම තමයි පරිප්පුත් ලුණු දාලා ටිකක් බෙරිවෙන ගානට තම්බ ගන්න. ඊට පස්සෙ ඇතිලියකට දාලා හොඳහැටි ලුණු, ගම්මිරිස්, ගොරකා, සුදුලූණු ඇඹරුමක් අතගාලා වරු බාගයක් විතර පදම් වෙන්න තියලා.. අමු මිරිස්, මාළු මිරිස්, අල, කැරට්.. ඔ්න එළවළුවක් එක්ක තව ගම්මිරිසුත් දාලා මුලින්ම දිය කිරෙන් හින්දලා ඊට පස්සෙ මිටිකිරෙන් ලාවට හොද්ද තියෙන්න බාන්නයි තියෙන්නෙ..
මේකට.. මුලින්ම සැමන් ටික දාන්න ලුණු, ගම්මිරිස්, සියඹලා, ඉඟුරු, සුදුලූණු ඇඹරුමක පදම් වෙන්න. ඒ අතරට පරිප්පු ටික හෝදලා බැදගන්න. බැදලා ලාවට වංගෙඩියෙ දාලා කොටා ගන්න කුඩු නොවෙන්න. ඊට පස්සෙ ඒ ටික අරගෙන බිත්තර, කෝන්ෆ්ලා ඝන මිශ්‍රණයකට දාලා ඒකටම ලූණු, අමුමිරිස්, තක්කාලි හීනියටම ලියලා දාලා හොඳහැටි කලවම් කරලා.. සැමන් කෑලි, එකක් දෙතුන් පාර ගානෙ ගිල්වලා ගැඹුරු තෙලේ බැදගන්න..
සැමන්, බටර්, ලුණු, ලූණු, අමුමිරිස්, ගම්මිරිස් එකට දාලා පොඩි වෙන්නම අතගාපු සැන්ඩිවිච් මිශ්‍රණය.. එහෙම්මම පැත්තකින් තියෙද්දි පරිප්පු දවසක් විතර වතුරෙ දාලා තියලා, ලුණු දාලා හොඳහැටි තම්බගන්න බෙරි වෙන ගානට. ඊට පස්සෙ පෙරලා අරගෙන වතුර බහින්න තියලා කලවම් කරගන්න චීස්, ක්‍රීම් චීස්, ලුණු, මිරිස්, ගම්මිරිස් කුඩු එක්ක රස පදම එනකම්. ඊට පස්සෙ සැන්ඩ්විච් පාන් පෙත්තක් උඩින්, ජාති දෙකෙන් ඔ්න හැටියට තට්ටු තට්ටු ගාලා, පාන් පෙති වලත් බටර් ටිකක් ගාලා ටෝස්ට් කරලා ගන්න.. ආයෙ තක්කාලි සෝස් ටිකක් එක්ක එහෙම..!
සාමාන්‍ය ඇඹුල් තියල් තමයි. එකම වෙනස මේකට පරිප්පු එකතු කරද්දි, පරිප්පු ටික දවසකට විතර කලින් වතුරෙ දාලා තියලා, හොඳ හැටි තම්බ ගන්න ඔ්න. අනික සැමන්, පරිප්පු එක්ක ඇඹුල් තියල් මිශ්‍රණය හොඳහැටි අතගාලා, කෙහෙල් කොලයකින් වහලා, වරු බාගයක් විතර පදම් වෙන්න ඇරලා තමයි වතුරෙන් හින්දල ගන්න ඔ්න. එතනදි පොල් වතුර ටිකකුත් පාවිච්චි කරන්න පුලුවන් නම් ටොප් ඈ...
මුලින්ම සැමන් කෑලි ටික කටු අයින් කරලා හෝදලා බාබකියු සීසනින්ග් නැත්නම් මිරිස්, තුනපහ, ඉඟුරු, සුදුලූණු, ගොරකා, අබ, ගම්මිරිස් ඇඹරුමක් දෙහි යුෂවලින් දියාරු කරලා හොඳහැටි අතගාලා කෙහෙල් කොළවල ඔතන්න. ඔතලා වරු බාගයක් විතර සීසන් වෙන්න ඇරලා චාකෝල් හරි, දර අඟූරු හරි ග්‍රිල් එකක ගාණට ග්‍රිල් කරගන්න. ඒ අතරට දවසක් විතර වතුරෙ දාලා තියපු පරිප්පු ටිකක් අරගෙන බෙරි වෙන ගානට තම්බලා වතුර පෙරලා චීස්, ක්‍රීම් චීස්, ලුණු, ගම්මිරිස්, ලූණු, අමුමිරිස් ඇති පදමට දාලා හදපු මිශ්‍රණයකට කලවම් කරලා තියාගන්න. අන්තිමට බාබකියු සැමන් ඔය මිශ්‍රණයේ..
දවටගෙන කන්නත් පුලුවන්, නැත්නම් ගිල්වලා තියලා කන්නත් පුලුවන්!
High tea round-up of 2021.
Post-lockdown high tea seshs in Colombo.
The 2021 edition of buffets in Colombo.
නූතන සමාජයට හැඩගැහෙන්න පුළුවන්කම තිබුණත්, ඒ වෙනුවට තමන්ගේ…
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
Delete Comment