බත් කෑවත්, කිරිබත් කෑවත්..
පාන් කෑවත් වෙන මොන මොන ජාති කෑවත්..
සම්බෝල කියන්නෙ ඔය කොයි කොයි දේ එක්ක වුනත් සෙට්වෙන සුපිරි කෑමක් නේ!
පහත සඳහන් දෑ අතරින් සුපිරිම එක කිව්වොත් හරි. මොකද ඒක තරම් සෙට්වෙන්නෙ නෑ.. සුදු බතකට, රතු බතකට වෙන කිසිම සම්බෝලයක්. හැරත් හදාගන්නත් ඒ හැටි අමාරුවක් නෑනෙ. සාමාන්‍ය පොල් සම්බෝලෙටම.. සුදුලූනු ටික බැදල එකතු කරනවා, කොච්චි කරල් ටිකකුත් දාලා කොටනවා. කොටල මැටි ඇතිලියකට දාලා හොඳහැටි ගැඹුරු තෙලේ බැදගත්තු හාල්මැස්සො දෙකට කඩල එකතු කරල දෙහි දාලා පදම් වෙන්නම අනනවා..
මේක ටිකක් වෙනස්. මේකට ගන්න ඔ්න හොඳ කරවල කෑල්ලක්, පොල් කිරි, ලූණු, අමු මිරිස්, ගම්මිරිස්, තක්කාලි, දෙහි. මුලින්ම කරවල කෑල්ල ඇඟිලි පුරුක් බාගයක විතර පොඩි පොඩි කෑලිවලට කපලා.. කබලක බැදගන්න කරවෙනම ගාණට. බැදලා.. මැටි ඇතිලියකට පොල්කිරි, හීනියට ලියා ගත්ත ලූණූ, අමුමිරිස්, තක්කාලි, ගම්මිරිස්, දෙහි එක්ක.. එකතු කරන්න. කරලා හොඳට අනාගන්න. අනලා පැය බාගයක් විතර තියල..
උණු උණු රතු බතක් එක්ක!
ගොඩක් අය කැමති නෑ මොකද කරපිංච රස වැඩියිනෙ. ඒ නිසා ඔ්කට පොඩි වෙනසක් කරන්න පුලුවන්.. සුදුලූණු එකතු කරද්දි ඔක්කොම බැදල පොතු ඇරල එකතු කරන්න. ඒ එක්ක අමුමිරිස් වෙනුවට කොච්චි මිරිස් එකතු කරලා.. පොල් ටිකකුත් එක්ක අඹරන්න. ඒ අඹරල දෙහි දාලා ගත්ත කියන්නෙ ආයෙ..
හප්පා.. ආප්ප, බිත්තර ආප්ප නැත්නම් බටර් ගාපු පාන් ගෙඩි පිටින් මැරුවහැකි ආ..
කරන්න තියෙන්නෙ හරිම ලේසි දෙයක්. මුලින්ම බටර්/ මාගරින් ටිකක් මැටි ඇතිලියකට ලිපේ තියලා.. ඒකට දාන්න හීනියටම ලියාගත්තු ලූණු, සුදුලූණූ. ඒ ටික බැදීගෙන එද්දි දාන්න කූනිස්සො තොගයක් හරි, පොඩි පොඩියට කපාගත්තු උම්බලකඩ තොගයක් හරි. දාලා ඒකත් බැදීගෙන එද්දි.. ආයෙත් හීනියටම ලියපු කරපිංච, පොඩීයට කපල බැදගත්තු පපඩම්, රටකජු ටිකක්.. අන්තිමටම දාන්න කෑලි මිරිස් ඇති හැටියට. දාලා පදමට ලුණුත් දාලා, සුවඳ ගහල එද්දි බාන්නයි තියෙන්නෙ!
හොඳ එළවළු මාලු ටිකක් එක්ක මේසෙට එන බතකට කියාපුම කටගැස්ම. වැටකොලු ලෙලි හරි, අළුකෙහෙල් ලෙලි හරි.. හීනියට ලියල බදින්න ගැඹුරු තෙලේ. බැදල දීසියකට දාලා, ඒකටම දාන්න ලූණු, තක්කාලි, දෙහි, අමු මිරිස්, ගම්මිරිස්, උම්බලකඩ, රස පදමට ලුණු. දාලා, අතගාලා.. එවෙලෙම, එවෙලෙම ඉතින්..!
High tea round-up of 2021.
Post-lockdown high tea seshs in Colombo.
The 2021 edition of buffets in Colombo.
නූතන සමාජයට හැඩගැහෙන්න පුළුවන්කම තිබුණත්, ඒ වෙනුවට තමන්ගේ…
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
Delete Comment