Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

රු. 500ට අඩුවෙන් ඉඳිආප්ප, පරටා, කොත්තු, රයිස් කන්න හොඳම කඩ 5

නිකමට හිතුණෙ. හැමදාම එකම ජාතියෙන් ලැයිස්තු හදන…

Posted by

නිකමට හිතුණෙ. හැමදාම එකම ජාතියෙන් ලැයිස්තු හදන නිසා..

ඔන්න මේ පාර, එක එක ජාති වලින්.. එක ලැයිස්තුවක්!

1. පෝර්ක් සමඟ ඉඳිආප්ප (රු. 500)

කතා දෙකක් නෑ යන්න කැස්බෑවෙ ‘ගිණිරච්චා’ එකට. ගිහිල්ල පෝර්ක් ඉඳිආප්ප පෝෂන් එකක් ඔ්ඩර් කරන්නයි තියෙන්නෙ.

ආයෙ, ඒකට එනවා.. ටොප්, හොඳහැටි ඝනකම හාල්පිටි ඉඳි ආප්ප 20යි, කිරි මිරිස් තුනපහ අඩු නැතුව දාලා ලාවට හින්දල ගත්තු පරිප්පුවයි, ලෝස් නැතුව උම්බලක‌ඩ එහෙම දාලා කටට සැරට හදාපු පොල්සම්බෝලයයී… ඉඟුරු සුදුලූණු, බැදපු තුනපහ, ලුණු ඇඹුල් එක්ක.. කොච්චිත් යහමින් දාලා පදමට උයල ගත්තු, මස් කෑලි වලින් පිරිච්ච පෝර්ක් කරියයි..

හ්ම්..!

2. ෆ්‍රයිඩ් රයිස් (රු. 300-500)

ගොඩක් තැන්වල තියෙනව. හැබැයි තලවතුගොඩ-නවරෝහල වෙළ අයිනෙ තියෙන ‘වැව අද්දර’ එකේ රයිස් එක.. අමුතුම කොලිටියක් තියෙනව. කීරි සම්බා හාලෙන් දාන්නෙ. හොඳහැටි ෆ්‍රයිඩ් චිකන්, සොසේජස්..

එතකොට මික්ස් එකක් නම් ඉස්සො, දැල්ලො එහෙමත් දානව.

ඒ විතරක් නෙවෙයි, කැරට්, ලීක්ස් අඩුම කුඩුමත් පදමටම දාලා.. රස කාරකත් නොදාම වගේනෙ හදන්නෙ. ඉතින් මාරම රසයි!

3. මාළු සමඟ පරාටා (රු. 400-500)

හම්මෝ.. මේක නම් එක පාරක් කෑවොත් ආයෙ හැමදාම හොයයි. සත්තයි යාළු ඒ තරම් සුපිරි කෑම එක ඈ.. ගන්න තියෙන්නෙ දෙහිවල 'ස්ටාර් හෝටලෙන්'. මිරිස් මාළු කරියයි, පරිප්පුවයි, පරාටයි..

එපමණයි ඉතින්.. තනියෙන් කයි පරටා 8, 10ක් ගේමක් නැතුව. කිව්වට විශ්වාස කරන්න.. අල්ලක් සයිස් තඩි මාළු කෑල්ලක්, හොඳ හැටි මිරිස් තුනපහ, ලුණු ඇඹුල් එක්ක ඝනේට හොද්ද තියෙන්න හදල. ඒකට ඒ වගේම ලාවට හින්දපු පරිප්පුවත් එකතු වුනාම.. 

එක්කො ඔ්න නෑ, කාලාම බලන්නකො.

4. කොත්තු (රු. 400-600)

ගොඩක් තැන්වල තිබ්බට යාළු තවමත් හිත යන්නෙ 'ප්ලාසා' එකේ රෝස්ට් චිකන්, චීස්, මසාලා වගේ කොත්තු වලට. මොකද එයින් එකක්, දෙන්නෙක්ට පැහැදිලිවම.. බඩ පැළෙන්න කන්න පුලුවන්. අනික රසත් නූලටම තියෙනව. රස කාරක අඩුම කුඩුම දැම්මට යාළු වැඩිය දැනෙන්නෙ නෑ. අනික එයාලගෙම මස් හොද්දයී.. කොත්තුවෙ තියෙන මස්, එළවළු අඩුම කුඩුම ටිකයි.. උණු උණුවෙ රස බැලෙන අතරට, 

කොහොමද, අයිස් මයිලෝ එකක් මේසෙට ආවාම?

5. බාබත් සහ පාන් (රු. 200-300)

ඉස්සර කවුරුත් ලේසියකට ගොඩවෙන්නෙ නැති ප්ලේස් එකක් තමයි නුගේගොඩ 'සෙරන්ඩිබ්'. ඒකට දැන් බලන්න එපැයි.. විශේෂයෙන්ම මෙයාලගෙ තියෙනව පංකාදු බාබත් කරියක්. ඒකයි, පරිප්පුවයි...

ආයෙ, රෝස්ට් පාන් එහෙම යයී..

වාශ්පයි කෙලින්ම, වාශ්පයි!

Leave a comment