දැන් දැන් කට්ටියගෙ රස්සාවල් එහෙම පටන් අරගෙන.. ගජරාමෙට වැඩත් ඇති, රෑ දෙගොඩ හරිය වෙනකම්. හැබැයි ඔ්ක දරුණු වෙන්නෙ තව මාසයක් දෙකක් ඉස්සරහට යද්දි. මොකද එතකොට තමයි කම්පැනි පටන් ගන්නෙ එයාලගෙ වෙච්ච පාඩු අල්ලන්න. ඒ කාලෙට ඉතින්.. බෑ නොකිය වැඩ කරන්න වෙනව.
වැඩේ තියෙන්නෙ ඒක නෙවෙයි, එහෙමයි කියල ඔයා ලොක්ඩවුන් කාලෙ ගහපු ගේම.. අල්ලල දාන්නද හිතන් ඉන්නෙ?
පිස්සු කෙලින්න එපා යාළු. ඇත්තටම එහෙම වැඩ වැඩි වුනා කියල තමන්ගෙ ගේම අත ඇරගන්න?
ඔ්න නෑ ඇත්තටම..
ඒකයි.. දෙකම ටොප් එකට බැලන්ස් කරගෙන යන්න, අපූරු ටිප්ස් ටිකක් ඔයාලට කියන්න අපි කල්පනා කලේ.
ඉස්සර කාලසටහනේ ‘ඇහැරෙනව, වැඩට යනව, ගෙදර එනව’ විතරයිනෙ. හැබැයි දැන් කාලසටහනේ පොඩි එකක් වැඩි කරගන්න. තමන් පහුගිය දවස්වල පටන් ගත්තු ගේමට පොඩි වෙලාවක් වෙන් කරගන්න. පැයක් දෙකක් හොඳටම ඇති. ඒක.. ගෙදර ගිහිල්ලම කරන්න තියෙන දෙයක් නම් ඉතින් පොඩි කැප කිරීමක් කරන්න වෙනව. නිදිමතයි, බඩගින්නයි.. හැබැයි කොහේ කොතනකදි වුනත් කරන්න පුලුවන් දෙයක් නම්.. හොඳම වැඩේ තමයි ඔෆිස් එකේ ඉඳලම වැඩේ ඉවර කරල ගෙදර යන එක. එතකොට අර නිදිමත, බඩගිනි ප්‍රශ්නෙ ලොකුවට බලපාන්නෙ නෑ.
දැන් තේරෙනව නේ.. ලිමිට් නැතුව ආතල් ගත්ත වගේ නෙවෙයි, නැති වෙනකොට ඇපත් නෑ. ඒ නිසා.. අදින් පස්සෙවත්ත් ආතල් වලට ලිමිට් එකක් හදාගන්න. ඒක.. ගන්න වෙලාවට උපරිමයෙන්ම ගන්න වගේම, හරි හැටි බැලන්ස් කරල තමන්ගෙ අතේ මිටේ තියෙන කීයෙන් හරි ගාණක් ඉතුරු වෙලා, අර ප්ලෑන් එකට බැලන්ස් වෙන විදියට. එතකොට ඔය ඉන්වෙස්ටර්ස්ල හොය හොය දඟලන්න ඔ්න වෙන්නෙත් නෑ ඇත්තටම.
මේ අවුරුද්දෙ, අළුත් අවුරුද්දට ෂොපින් ගියාද..?
එතකොට… එහෙම නොගිය කියල ඔයාට අඳින්න පළඳින්න, කන්න බොන්න නැතුව ගියාද? නැත්නම් අළුත් අවුරුද්දට කලින් කරගෙන ආපු දේවල් කරගන්න බැරුව සියල්ල ඇණ හිට්ටද?
විස්තර කරන්න ඔ්න නෑනෙ, නේ ඒ ගැන.
ඒ නිසා.. හොඳට කල්පනා කරල අනාගතේදි, අවශ්‍ය දේට විතරක් වියදම් කරන්න. එතකොට ඔයාලටත් පුලුවන් ඔය කොරෝනා කාලෙ ප්ලෑන් කරපු ගේමට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකකුත් හදාගන්න.
උස, කොට ගැන නෙමෙයි. මේ කන්සෙප්ට් එකක් ගැන.
හරිම කෙටියි..
මේක තමන්ගෙම ගේම නිසා, ඔයා තමයි මේකෙ කම්කරු රස්සාව කරන්නෙත්, සිකුරිටි රස්සාව කරන්නෙත්. ඒ කියන්නේ.. වගාවක් කලත්, මොනව හරි විකුණන දෙයක් කලත්, ඔන්ලයින් දෙයක් කලත්.. පුලුවන් උපරිමයෙන් ඔයාගෙ හැකියාවට අනුව වැඩ සියල්ලම කරගන්න. බැරිම දෙයක් හැරෙන්න පිටට දෙන්න එපා. කාලය ටිකක් ගියාට මොකද, ඔයාගෙම ගේමනේ.. හැරත්, අන්තිමට මොනව නැතත් ඔයා ඉගෙන ගත්ත දෙයක් හරි ඉතුරු වෙනවනේ..
දැන් ඉතින් රට ගොඩක් දුරට නෝමල් වෙලා නිසා, කාලය හොඳයි පටන්ගන්න ඔයාගෙ බිස්නස් එකේ ප්‍රමෝෂන් පාර්ට් එක. විශේෂයෙන්ම සෝෂල් මීඩියා හරහා, හොඳම යාළුවන් හරහා.. හෙමි හෙමිහිට සමාජයට දාන්න, මේ වගේ අළුත් වැඩක් ලඟදිම කලඑළි බහින්නයි යන්නෙ කියල. එතකොට ඔයා ප්‍රඩක්ට් එක එළියට දාන දවසට, යම්කිසි පිරිසක් ඉඳිවී..
ඒකම ගන්න වුනත් බලාගෙන!
A list of 15 places for your next day outing.
Post-lockdown high tea seshs in Colombo.
Flavours of Asia delivered to your doorstep.
Countries that let you in without a fuss with your Lankan passport
Day outing packages available in and around Colombo.
Delete Comment