Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

‘වඩේ’.. එක එක රසට ගෙදරදිම හදාගන්න! අළුත්ම රෙසිපි 5ක්

මේවා ඉතින් කාලයක් ජාතික ආහාර වෙලා තිබ්බා.. කොහෙද…

Posted by

මේවා ඉතින් කාලයක් ජාතික ආහාර වෙලා තිබ්බා..

කොහෙද ඊට පස්සෙ අපි ලොකු වුනානෙ!

කොහොම වුනත් මතක තියාගන්න,

මේ වඩේ හදද්දි උඳු පිටිම ගන්න..

නැතුව පාන්පිටි වලින් එහෙම හැදුවොත් යාළු, රබර් කනව වගේ තමයි ඈ..

1. බුල්සායි වඩේ

මුලින්ම උඳුපිටි හුමාලයෙන් තම්බගන්න. ඊට පස්සෙ ඒකට දාන්න හීනියට ලියපු රතුලූණූ, අමුමිරිස්, අබකුඩු, ගම්මිරිස් කුඩු, පදමට ලුණු. දාලා හොඳට අනන්න මෝලිය ඝනේට සෙට්වෙන්න. ඊටත් පස්සේ.. වරු බාගයක් විතර පිපෙන්න ඇරලා.. අල්ලෙන් බාගයක විතර ගුලි අරගෙන මැද හිල ලොකුවට තියෙන්න රෝල් කරගන්න. ඒ රෝල් කරද්දි මතක තියාගන්න අතේ පොල්තෙල් ටිකකුත් ගා ගන්න. කොහොමහරි අන්තිමට වඩේ ගැඹුරු තෙලේ බැදලා පාට වැටීගෙන එනකොටම බාන්න. බාලා කපන්න දෙකට. කපලා.. පෑන් එකක බටර් ටිකක් රත් වෙන්න තියලා, වඩේ බාග තිබ්බා, බිත්තරයක් කඩලා දැම්මා, ලුණු ගම්මිරිස් චුට්ටක් දැම්මා, හාෆ්බොයිල් වේගෙන එද්දිම අනිත් පලුව උඩින් තියලා බෑවා..

2. පැණි වඩේ

මේකටත් අර කලින් විදියටම පිටි තම්බලා අරගෙන.. ලූණු, අමුමිරිස් අඩුම කුඩුම දාන්නෙ නෑ. පදමට ලුණු දාලා, දාන්න මෝලිය ඝනේට ඇනෙනකම්ම කිතුල් පැණි. දාලා, අනලා, පිපෙන්න ඇරලා.. වැඩ දෙකක් කරන්න පුලුවන්.

එකක් සාමාන්‍ය විදියට ගැඹුරු තෙලේ බදින එක. අනික මාගරින් හොඳහැටි ගාලා බේක් කරන එක.. හැබැයි ඒ කොහොම කලත් කෑමට ගන්න කලින්, කෙසෙල් ගෙඩියක් නම් අමතක කරන්න එපා හොඳද.

3. කිරි වඩේ

එමම තමයි ඉතින්.. ඉහත එකේ දැමූ පරිදි, හැබැයි කිතුල් පැණි වෙනුවට පොල් කිරි සහ සීනි. පදමට දාලා, අනලා, හැබැයි පිපෙන්න අරින්නෙ නෑ මේක. එවෙලෙම ගැඹුරු තෙලේ බැද්දා.. තෙල් බහින්න පත්තර පිටු ටිකකට බෑවා.. කෑමට ගැනීම සඳහා..

හදාගන්න ඔ්න යාළු පොල් පැණි දාපු, පැණී පොල් එකක්. වඩේ පලලා, ඒවා මැද්දට දාලා තමයි දෙසන්න පටන් ගන්න තියෙන්නෙ!

4. චීස් වඩේ

මේක නම් මේ මම කරලා බලපු එකක්. වඩේ පිටි මෝලිය අනද්දි ඒකට දැම්මා ඇඟිලි පුරුක් බාගෙ විතර සයිස් එකට කපපු කුකින්ග් චීස්. දාලා ලූණු, අමුමිරිස්, ලුණු එහෙමත් පදමට දාලා, මෝලිය පදම් වෙන්න ඇරලා වඩේ ටික බැදලා ගත්තා.

අරගෙන කනකොටනෙ සත්තයි.. පංකාදු පහයි ආ.. නෝමල් වඩේ රසට, හපනකොට ලාවට මෙලෙක් වෙච්ච චීස්, අතරින් පතර ලූණු, මිරිස් එක්ක.. මාරම ගති ආ..

5. මට්න් වඩේ

මේක කෑවෙ මීට අවුරුදු 6කට විතර කලින්, යාපනේ කිට්ටු කරලා.. හැබැයි ඊට පස්සෙ ගෙදර ඇවිල්ලා හදලා බැලුවා චිකන් වලින් එච්චරටම ටේස්ට් නෑ.

කොහොමහරි.. හරි සිම්පල් වඩේ එකක්. කරලා තිබ්බෙ නියපොත්තක විතර සයිස් එකට කපපු පොඩි පොඩි මට්න් කෑලි, රටකජු, කඩල එක්ක කඳුලු පනින සැරට තියෙන්න ලූණු, මිරිස් අඩුම කුඩුමත් දාලා තෙල් දාලා. ඊටපස්සෙ ඒක පිටි මෝලිය එක්ක අනලා වඩේ බැදලා. හැබැයි පිඟානට එනකොට එන්නෙ වඩේ පොඩි පොඩි කෑලි කපලා, මට්න් බාබත් කරියක් උඩින් දාලා..

හම්මෝ.. මතක් වෙද්දිත් කටට කෙල උනනව වගේ!

Leave a comment