Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

කාලෙකට පස්සෙ.. කටට රහට බර්ගර් එකක් කන්න කියාපු කඩ 6ක්!

උඩින්ම, පදමට ෆ්‍රයි වුනු පෝර්ක් බේකන්, ඊට…

Posted by

1. Appu’s Kitchen

මෙයාලගෙ ස්පෙෂල් චිකන් බර්ගර් එක රු. 1500යි.

පොඩි පැකට් එකක එන ෆ්‍රෙෂ් ෆ්‍රයිස් ටිකක් එක්ක, අඟල් 6ක් විතර උස, අඟල් 6ක් විතර පළල බර්ගර් එක!

උඩින්ම, පදමට ෆ්‍රයි වුනු පෝර්ක් බේකන්, ඊට යටින් තඩි ෆ්‍රයිඩ් චිකන් හැම්, ඊටත් යටින් ලූණු තක්කාලි සහ මයො, තව.. අඟල් 2ක් විතර ඝනකම, පීරිසියක් විතර සයිස් පත ක්‍රිස්පි චිකන් පලුවක්. ඒ විතරක් නෙවෙයි, අතරින් පතර හාෆ්බොයිල් බුල්සායි දෙකකුත් ඈ.. අන්තිමටම මෙලෙක් වුනු චිස් පෙත්තකුත් සෙට්වෙලා නිසා..!

2. Amigos Grill & Chill

ටොප් පෝර්ක් බර්ගර් එකක් කන්න, ටොප්ම ප්ලේස් එක! ගාණ නම් රු. 900ක් වෙනවා. හැබැයි, සත්තයි.. මල් හතයි. ආයෙ මුකුත් නෑ, පංකාදුවට ග්‍රිල් කරපු පෝර්ක් පෙති ටිකක්.. හොඳහැටි බනිස් පලුව උඩ අතුරලා, රස පදම ගැලපෙන්න සෝස්, චීස් එහෙමත් දාලා, සැලඩ් ටිකකුත් එක්කම..

ඇත්තටම මාරම ගැලපිල්ලක් ඈ.. ‘ඒක නම් කන්නම ඔ්න බර්ගර් එකක්’

3. Blue Spoon

මෙයාලගෙ බීෆ් බර්ගර් එක තමයි හොඳම. රු. 900යි. හැබැයි නොම්මර එකට රස තියෙන පැටි එකක්.. මස් එක්ක කුළුබඩු රසත් ලාවට ගැලපිලා.. පැටි එකට උඩින් චීස්, තක්කාලි, සලාද කොළ, ජලපීනෝ, පිකල් එහෙමත් තට්ටු අතුරලා.. ෆ්‍රයිස් ටිකකුත් අතරින් පතර හැපෙද්දී..!

4. Shiraz Sri Lanka

මෙතනත් ඉතින් බීෆ් බර්ගර් එකම තමා.. ගාණ රු. 700යි. තක්කාලි, ලූනු, සලාද කොළ එක්ක හොඳ ෆ්‍රෙෂ් පිට මේසෙට එන, තඩි බීෆ් පැටි එකේ රසෙනුත් අඩු නැතිවෙන්න.. මෘදු ගතියට මස් පදමත් එක්ක.. ටොප් හොඳේ!

5. Toppgun Burgers

එක එක නම් වලින් බර්ගර් තොගයක් තියෙනවා.. හරිකේන් එක රු. 700යි. සුපිරි චිකන් බර්ගර් එකක්. රන්වන් පාටට බැදපු ෆ්‍රයිඩ් චිකන් ස්ට්‍රිප්ස් හතරයි, චෙඩාර් චීස් පෙති දෙකයි, ලෙටියුස්, තක්කාලි පෙති, ලූනු, හීනියට කපපු ගෝවා, කොච්චි මිරිස්, සහ හෝම්මේඩ් සෝස් වර්ග දාලා තමයි හදන්නෙ. වැඩේ කියන්නෙ එක බනිසක් ඇතුළට ඔය සේරම දාන්න බැරි නිසා බර්ගර් බන් දෙකක් කපලා තමයි දාලා තියෙන්නෙ. එතකොට.. ෆ්ලයින්ග් සෝන් එක රු. 1000යි. සෝස් තොගයක් දාලා, ෆ්‍රයිඩ් චිකන් ස්ට්‍රිප්ස්, බීෆ් බේකන්, බීෆ් පැටී, මොසරෙල්ලා චීස්, ලූනු, තක්කාලි සහ ලෙටියුස්..

පට්ට!

6. Classic Bites

මෙයාලගෙ ශ්‍රෙඩඩ් චිකන් බර්ගර් එක රු. 700යි, පංකාදුයි! තක්කාලි, ලූනු, පිපිඤ‍්ඤා, සලාද කොළ හොඳ ෆ්‍රෙෂ් එකට තියෙන්න.. ලෝබ නැතුව චීස් ලේයර්සුත් දෙකක්ම අතුරලා. සෝස් ටිකකුත් දාලා.. ඔක්කොමත් හරි චිකන් රසත්! අනික බර්ගර් එකට ෆ්‍රයිසුත් එනවනෙ..

 

Leave a comment