නැද්ද මං කියන්නෙ..
ඇයි අප්ප කවද වෙනකම් මෙහෙම ඉන්න කියලද? හැරත් රට ඇරියත් කඩ අරින්නෙ නෑනෙ ලේසියට මේ තියෙන තත්වෙත් එක්ක.
අන්න ඒ නිසාමයි යාළු මං කල්පනා කලේ.. හරි හැටි කන්න නැති එකේ, අඩුම තරමෙ ඉස්සර කාපුව මතක් වෙන්නවත් කියල, ඔය බර දාලා නයිට් ටයිම් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් අතරට.. එකතු කරගන්න සුපිරිම ‘චෙෆ්, කුකින්ග්’ ෆිල්ම් ටිකකුත් ඔයාලට කියන්න!
හැබැයි ඉතින් බය වෙන්න දෙයක් නෑ ආයෙ පරිප්පුයි බතුයි කකා හරි බලන්න පුලුවන්.. රස වෑහෙනම ඒවා ඈ…
චෙෆ් කාල් කැස්පර්.. වැඩ කරන්නෙ ජනප්‍රිය රෙස්ටුරන්ට් එකක ප්‍රධාන සූපවේදියා විදියට. හැබැයි රෙස්ටුරන්ට් එකේ මැනේජර් එක්ක දවසක් එයා ඇති කරගන්න ගැටුම නිසා.. එයාම තීරණය කරනව රස්සාව දාලා යන්න. වැඩේ තියෙන්නෙ එහෙම දාලා යන එකේ නෙවෙයි, ඒ ගිහිල්ල.. එයයි, එයාගෙ පුංචි පුතයි හොඳම යාළුවයි එකතුවෙලා අළුතෙන්ම පටන් ගන්න ෆුඩ් ට්‍රක් එක!
කෙටියෙන්ම කියන්නම්..
මේක මැක්ඩොනල්ඩ් අවන්හලේ පිබිදීම ගැන කියවෙන කතාව! ‘රේ’ කතා නායකයා. එයා සේල්ස්මන් කෙනෙක්. එයාට දවසක මුණගැහෙනව මැක්ඩොනල්ඩ් එකේ මුල් අයිතිකරුවන් දෙන්නා. ඊට පස්සේ.. කතාව,
ෆිල්ම් එක බලලම දැනගන්න.
තව එක දෙයක්.. මේ ෆිල්ම් එක මාර වටිනව, ඔය අපේ ඉන්නෙ කම්මැලිකමට මෙලෝ වැඩක් නොකර, කාලෙ කකා අනුන්ට වැරැද්ද දදා ඉන්න ඩෑල්. අන්න ඒ වගේ එකෙක්ට පෙන්නන්න.. ඕ.
චෙෆ් මැසිමෝ..
දවසක් දකිනව මිලාන් එක්ස්පො වෙළඳ පොළෙන් දවසකට බැහැර කරන, ඒත් පාවිච්චි කරන්න පුලුවන් ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය. ඒ එක්කම එයා දකිනව දවසකට කොච්චර මිනිස්සු ගණනක්, අඩුම තරමෙ එක වේලක් හරි කන්න නැතුව බඩගින්නෙ ඉන්නවද කියල..
ඉතින්..
මේ..
තකට තක සෙට්වෙන කුක්ල දෙන්නෙක්, එකතු වෙලා.. දාන වැඩ කිඩ කෝටියක්! ඇත්තටම වෙන්නෙ අර හැමදාම දකින කුකුලගෙ කරමලේ සුදුයි වගේ කතාවක් තමයි.
කොච්චර රහට ඉව්වත් රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයට උවමනා වෙනව වයසින් ටිකක් පරිණත ප්‍රධාන සූපවේදියා වෙනුවට, තරුණ අළුත් සූපවේදියෙක් ගන්න. වැඩේ කියන්නෙ ඕන වෙනව විතරක් නෙවෙයි එයාලා එක්කෙනෙක් ගන්නවත් එක්කනෙ. කොහොමහරි එහෙම අරගත්තට පස්සෙ..
අපි කා අතරෙත් ඉන්නව මේ වගේ යාළුවො. පොඩ්ඩ ඇත්නම්.. ගත්තා, ගියා..
ජෝන් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. හැබැයි ඇත්තටම එයා හොඳ වැඩ්ඩෙක් ඉවුම් පිහුම් පැත්තෙන්. ඉතින්.. මේ කතාවෙ යන්නෙ, එයා කර කර ඉඳපු රස්සාව නැති වුනාට පස්සෙ, අළුතෙන් අවන්හලක වැඩ පටන් අරගෙන...
හරියටම කියනව නම්..
රයිස් කඩේ බාස් අයිය එක්ක ලොකු හෝටලේක සූපවේදියෙක් බෝඩ් වෙන්න ආවා වගේ තමයි. හැබැයි.. මේ කතාවෙ ඉන්න ස්ට්‍රීට් ෆුඩ් බාස් නම් පට්ටම වැඩ්ඩෙක්. වැඩේ කියන්නෙ අනිත් සූපවේදියත් තරු පන්තියෙ කෙනෙක්..
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක්!
Countries that let you in without a fuss with your Lankan passport
We tasted every locally brewed and available beer. In the name of science!
Cafes with good work environments.
Delete Comment