Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන්! III කොටස

මුලින්ම බේස් එක - නූඩ්ල්ස්, බත් ඊට පස්සෙ…

Posted by

1. Gi-Gi Flavours

නොම්මර එකේ ශ්‍රී ලංකන් චයිනීස් ප්ලේස් එකක්. චිකන්, බීෆ්, සීෆුඩ් අතරින් පංකාදුවට ක්‍රිස්පි ගතිය තියෙන ප්‍රෝන් ක්‍රැකර්ස් වගේ ස්ටාටර්ස්.. මදි නොකියන්න පොඩියට කපලා පෑන් ෆ්‍රයි කරලා දාපු ඉස්සො, දැල්ලො, මාලු, බිත්තර, එළවළු මික්ස් කරපු ෆ්‍රයිඩ් රයිස්.. නැත්නම් චිකන්, පොර්ක් වලින් වුනත්. ඒ විතරක් නෙවෙයි ඇයි ඩෙවිල් චිකන්, බෆ් පෝෂන්.. ෂැහ්, රු. 500-800 අතරෙ ඇති හැටියට ගෙන්නගෙන රස බලන්න!

2. Wok To Box

ඔක්කොමත් හරි, ඔන්න ඔය පහලින් තියෙන විදියට ඔ්ඩරේ දැම්මෙ නැත්නම් කාලා හමාරයි.

මුලින්ම බේස් එක - නූඩ්ල්ස්, බත්

ඊට පස්සෙ මස්/ මාළු - චිකන්, ෆිෂ්,  බීෆ්, ඉස්සෝ, දැල්ලෝ, බිත්තර

සෝස් - මෂ්රූම්, ඉඟුරු දාපු ඩාක් සෝයි සෝස්, චිලි ගාලික් සෝස්, කොච්චි සහ නයි මිරිස් සෝස්, ජෆ්නා කරි සෝස්

ස්පයිසි ලෙවල් - මෙලෝ, ෆියරි, බ්ලේසින්, ඕ මයි ෆ්ලේමින් ගොඩ්

ටොපින්ග්ස් - ෆ්‍රයිඩ් කංකුන්, ෆ්‍රයිඩ් අනියන්ස්

ම්.. ඊට පස්සෙ ඉතින් කන්නයි තියෙන්නෙ. හැරත් තමන්ගෙ රහට, කියලා හදාගත්ත කෑමනෙ. ඒ නැතත් යාළු මෙයාලගෙ කෑම පට්ට ආ.. සාමාන්‍යයෙන් වියදම යන්නෙත් රු. 400-600 අතරෙ. 

3. Burning Bird Rotisserie

නා නාප්‍රකාර සෝස්වල ඔබ්බපු චිකන් වින්ග්ස්. ඒ හැරුණාම රෝස්ට් චිකන් සහ වෙනත් චිකන්. බර්බන් ඇන්ඩ් බාබකියු, සපිසි මැන්ගෝ, ජැලපිනෝ ඇන්ඩ් ස්‍රිරාචා වගේ නම් ‌‌තොගයකින්. ඒ විතරක් නෙවෙයි ඒවා දාලා හදන ෆ්‍රයිඩ් රයිසුත් තියෙනවා. රු. 300-800 අතරෙ තමයි සියල්ලම යන්නෙ. ම්.. කොහොම වුනත් සයිසස් කීපයකින්ම ගන්න පුලුවන් මේ කෑමවල.. රස ගැනත් කතා කරන්න දෙයක් නැති තරම්. පංකාදුවට ශ්‍රී ලංකන් චයිනිස් රස! ඊටත් හොඳ ක්‍රිස්පියට හැපෙන චිකන්, අඩුම කුඩුම පදමත් අල්ලල නිසා.. නොම්මර එකයි ඈ.. 

4. Mouth Melters

ගෙදර හදන කෑම.. කටට රහට කන්න!

ටොප් පෝර්ක් එකක් එක්ක රෝස්ට් පාන් රු. 480යි. හොඳහැටි මස් කෑලි වලින්ම පෝර්ක් තියෙන්න, කුළුබඩු අඩුම කුඩුම එක්ක මිරිසුත් මදි නොකියන්න. 

ඒ වගේම තමයි චිලි චිකන් කොට්ටු (රු. 680). ෂැහ්, බලන්න එපැයි.. ඒකෙත් කුළුබඩු තිතට, තෙල් එහෙමත් අඩුවට, මස් කෑලි? 8-10කට එහා පැත්තෙ. මේකට එයාලගෙම පොල් රොටි ටිකක් ගෙන්න ගත්තා නම්..

5. Lamprais By Shey

කිව්වට ලම්ප්රයිස් විතරක් නෙවෙයි. කරි වර්ග, පිට්ටු, පොල් රොටි.. ඔ්න දෙයක් මෙතන තියෙනවා. කොහොමවුනත් එයාලගෙ ලම්ප්රයිස් එක.. චිකන්, බ්ලැක් පෝර්ක්, සීෆුඩ්, වෙජි ජාති 4න් ගන්න පුලුවන්. රු. 500-800 අතරෙ යන්නෙ. ම්.. දෙයියනේ කියලා අඩුවක් නම් නෑ මස් හොඳ පදමට කරිය හදලා ඇති වෙන්න දාලා.. ආයේ.. අළු කෙසෙල් ව්‍යංජනට, වම්බටු මොජු, ඉස්සො පේස්ට්, තම්බලා බැදපු බිත්තරයක්, කට්ලට් දෙකක්.. කෙහෙල් කොලේ ඔතලා එහෙම ඈ..

6. Mama's Brownies

මෙන්න ඩෙසට් එකට.. ක්ලැසික් බ්‍රවුනි, නටෙලා බ්ලාස්ට් බ්‍රවුනි, නෝටි නට් බ්‍රවුනි කියල ජාති 3කින් බ්‍රවුනි. 6 පැක් එක රු. 700යි. ක්ලැසික් බ්‍රවුනි සුමුදු, චොක්ලට් රසින් අනූන භාණ්ඩයක්. චොක්ලට් චිප්සුත් මෙල්ට් කරලා දාල තියනව. නටෙලා බ්ලාස්ට් එක ඇවිල්ලා ක්ලැසික් බ්‍රවුනි එකටම නටෙලා තට්ටුවක් දාලා. නෝටි නට් ඇවිල්ලා, ක්ලැසික් එකේ උඩට ආමන්ඩ් කෑලි ගොඩක් දාලා. 

Leave a comment