Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන්! IV කොටස

හොඳම ලම්ප්රයිස්.. චිකන් රු. 600යි, මික්ස් මීට් රු.…

Posted by

1. Roo's Deli

හොඳම ලම්ප්රයිස්.. චිකන් රු. 600යි, මික්ස් මීට් රු. 650යි. පුන්නි සම්බා හාලෙ උණු උණු බත්.. සැර අඩුවට, තුනපහ නූලට දාලා හදපු චිකන් පොඩි පොඩියට කෑලි. ෆ්‍රිකැඩල් එක වෙනුවට නම් තිබ්බෙ එයාලම හදාපු මීට් බෝල් එකක්. හැබැයි අළු කෙසෙල් මාලුව, බටු මෝජුව, සීනි සම්බෝල.. ඔක්කොම වගේ තිබ්බා ඈ..
ඒ වගේම තමයි මික්ස් මීට් එකේ.. පෝර්ක්, බීෆ්, චිකන් තුන! ආයෙ ඉතින් කන්න බැරුවයැ.

2. Dushy's

රයිස් විත් හකුරු මස් එකක් රු. 950යි, හනී රෝස්ට් පෝක් ඇන්ඩ් මෑෂ් රු. 950යි…

නිකම් හිතෙන්නෙ නැද්ද ඔ්ඩර් කරලා කාලා බලන්න? සෝස්, මැලේ අච්චාරු අනං මනං තොගයක් එක්ක.. හකුරු, කුළුබඩු දාලා හදපු පංකාදු මස් ටික.. ඒ විතරක් නෙවෙයි සැලඩ් එක? ෆ්‍රෙෂ් තක්කාලි කෑලි, ග්‍රේට් කරපු කැරට්, ලොකු ඉරිඟු ඇට, පිපිඤ‍්ඤා, සලාද කොළ.. ඇපල් කෑලිත් දාලා! හනී රෝස්ට් පෝක් සහ අර්තාපල් මෑෂ් එකේ උඩටත් මී පැණි වත්කරලා, සුදු ලූනුත් එක්ක.. ආයෙ ඩෙසට් එකට ආපු බ්‍රවුනීසුත් නරකම නෑ ආ.. (රු. 800)

3. Street Grill

නා නා ප්‍රකාර BBQ හැරුණාම, කරිත් එක්ක රෝස්ට් පාන්, පරිප්පු, පොල් සම්බෝල.. ඕන නම් BBQ රැප්ස්, බර්ගර්ස්, සබ්මැරීන්.. ආයෙ ඔ්න දෙයක් ආ.. රු. 400 ඉඳන් උඩට. 

මෙයාලගෙ බ්ලැක් පෝර්ක් එක සුපිරි. ස්පයිසස් ගොඩක් දාලා.. ළාවට ඇඹුල් රසත් තියෙන්න, කටු කෑලි මොනවත් නැතිව.. ඊටත් ඒකටම කියාපු පරිප්පුව, දයියා පොල් සම්බෝලෙ, උණු උණු රෝස්ට් පාන්.. 

ඒක එහෙම වෙද්දි බාබකියුවල රස අමුතුවෙන් කියන්න ඔ්න නෑනෙ නේ..?

4. Walawwa Kade

බීෆ්, චිකන්, ඉස්සො රයිස් ඇන්ඩ් කරි රු. 500යි. ෆුල් ශ්‍රී ලංකන් විදියට ගම්මිරිස්, බැදපු තුනපහ, රම්පෙ කරපිංච මදි නොකියන්න දාලා, හොද්දත් ටිකක් තියෙන්න.. ආයෙ පරාටා ටිකකට වගේ නම් මරු. අනික හොඳහැටි කිරි, අමුතුනපහ දාලා හදපු පරිප්පුවත්, බීෆ් එකටම කියාපු. බතත් කීරි සම්බා හාලෙන්. ඒ එක්කම ඉතින් රස පදමට හදාපු එළවළු ව්‍යංජන 4කුත් එනවා. ම්.. මෙයාලගෙ චිකන්, ඉස්සො කරි දෙකත් ආයෙ තරු පන්තියෙන්ම හොඳේ..

5. Panini Picasso

බේකන් ඇන්ඩ් පොල් සම්බල්, හැම් ඇන්ඩ් චීස්, චිලි චිකන් වගේ පනිනි වර්ග.. රු. 450 ඉඳන් රු. 650 වගේ වෙනකම්. පංකාදුවට රස තියෙන්න.., මයෝ, ෆ්‍රයිඩ් මස්.. ඇති හැටියට දාලා.. ටොප් ඉතින්!

6. Chocolate Works (Maharagama)

චොකලට් ඕවර්ඩෝස් බිස්කට් පුඩිං රු. 900යි. ස්නිකර්ස් බිස්කට් පුඩිං රු. 800යි. ඇති හැටියට චොකලට් දාලා.. උඩින් කිට්කැට්, ටොබ්ලෙරෝන්, ස්මාර්ටි, ඩාර්ක් සහ වයිට් චොකලට් චිප්ස් තට්ටුවකුත් අතුරලා.. ඔක්කොමත් හරි යට මාරි තට්ටු අතරටත් පංකාදු කොලිටි චොක්ලට් වලින් වත්කරලනෙ..

සත්තයි අන්න.. ඩෙසට් නම් ඩෙසට්!

Leave a comment